Articles




තේරුම: අල්ලාහ් කවර විෂයක් ගෙන ආරම්භ කළේ ද එය මම ද ආරම්භ කරමි.





යනුවෙන් පවසයි.





සෆා කන්දට නැග ගෘහය දකින විට කිබ්ලා දෙසට මුහුණ ලා නැවතී ප්‍රාර්ථනා කිරීම සඳහා ද දික්ර් කිරීම සඳහා ද අල්ල අහස දෙසට පිහිටන සේ දෙඅත් ඔසවා තුන්වරක් තක්බීර් පවසයි. එය සලාතයේ තක්බීර් පවසන අයුරින් නොව එහි දී පහත සඳහන් පරිදි ඔහු අල්ලාහ්ව ඒකීය භාවයට පත් කර තක්බීර් පවසා තහ්මීද් ද පවසයි. එනම්,





لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ





ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ අන්ජස වඃදහූ වනස අබ්දහූ වහසමල් අහ්සාබ වහ්දහූ.





තේරුම: අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු එකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමත. සියලු බලතල ඔහු සතුය. සියලු ප්‍රශංසා ඔහුටමය. ඔහු සියලු දෑ කෙරෙහි සර්ව ශක්තිවන්තය. අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුගේ පොරොන්දුව ඔහු ඉටු කළේය. ඔහුගේ ගැත්තාට උදව් කළේය. ඔහු තනිව සිට සතුරු සේනාවන් පරාජයට පත් කළේය.





පසුව ඔහු කැමති දෙයක් ප්‍රාර්ථනා කරයි. පසුව දෙවන වරටත් මෙම දික්රය පවසයි. පසුව තමන් කැමති දෙයක් ප්‍රාර්ථනා කරයි. පසුව තුන්වැනි වරට එම දික්රය පමණක් නැවත පවසයි. දික්රය හඩ නගා ද ප්‍රාර්ථනාව සැහැල්ලුවෙන් ද ඉටු කරයි.





පසුව මර්වා දෙස බලා සෆා ඉතා යටහත් පහත්ව ප්‍රාර්ථනා කරමින් අල්ලාහ්ව මෙනෙහි කරමින් සෆා කන්දෙස් බැස යයි. කොළ පැහැති සංඥාව වෙතට පැමිණෙන තෙක් ගමන් කරයි. එයට සිරස් ව පිහිටන විට දෙවන කොළ පැහැති සංඥාව දක්වා මදක් වේගයෙන් දිව යයි. පසුව මර්වා දක්වා ගමන් කරයි. මේ හැම අවස්ථාවකම තහ්ලීල් තක්බීර් පවසා ප්‍රාර්ථනාවෙහි නිරත වෙයි. කාන්තාව සුපුරුදු පරිදි සියලුම සඃයු වාරයන්හිම ගමන් කරයි.





· මර්වා වෙතට පැමිණි විට එහි නැග කිබ්ලා දෙසට මුහුණ ලා දෙඅත් ඔසවා තුන්වරක් තක්බීර් පවසයි. එහි මදක් නතර වී අල්ලාහ්ව මෙනෙහි කර ප්‍රාර්ථනාවෙහි නියැළෙයි. සෆාවෙහි පැවසූ ප්‍රාර්ථනාවන් හා දික්ර් මෙහිදී ද පවසා සිටියි. ඉහත කී පරිදි තුන්වරක් එය ඉටු කරයි.





පසුව මර්වා කන්දෙන් බැස සෆා දෙසට ගමන් කරයි. මද වේගයෙන් ගමන් කළ යුතු ස්ථානයෙහි මද වේගයෙන් ගමන් කරයි. මෙලෙස මද වෙගයෙන් යමින් ද නැවත මද වේගයෙන් පැමිණීමෙන් ද සත් වතක් සඃයු ඉටු කරයි. සෆා කන්දෙන් ආරම්භ කර මර්වා කන්දෙන් අවසන් කරයි.





සඃයු කිරීම සඳහා වුළු හා අඛණ්ඩභාවය සුන්නාහ්වකි. කාන්තාවක් තවාෆ් කළ පසුව ඔසප් තත්ත්වයට පත් වූයේ නම් ඇය සඃයු හා පසු ඇති වතාවන් සම්පූර්ණ කරයි.





සඃයු කිරීමේ ස්ථානය තවාෆ් කිරීමෙන් පසුවය. ඔසප් කාන්තාවකට හෝ වෙනත් අයෙකුට සඃයු කර, පිරිසිදු වූවායින් පසු තවාෆ් කිරීමට අනුමැතිය නැත.





පහළ මහලේ තවාෆ් හා සඃයු කිරීමය සුන්නාහ්ව වනුයේ. යම් කිසි හේතුවක් ඇතිව හෝ නැතිව ඉහළ මහල් වල තවාෆ් හා සඃයු ඉටු කිරීම නීත්‍යනුකූලය.





පහසුකමක් ඇත්නම් තවාෆ් හා සඃයු අතර අඛණ්ඩතාව රැකීම සුන්නාහ්වකි. මහන්සිය වැනි හේතුවක් මත ඒ දෙක අතර හෝ ඒ දෙක තුළ හෝ විවෙක ගැනීමට අනුමැතිය ඇත. නොවැළැක්විය හැකි හේතුවක් මත හෝ වුළු ධෝවනය කිරීම වැනි අනුමත ලද හේතුවක් මිස තවාෆ් හා සඃයු අතරවාරයේ ඉන් බැහැරව නොයා යුතුයි. පසුව ක්ෂණිකව නැවත එහි පැමිණ අවසන් කළ යුතු අයුරින් සම්පූර්ණ කළ යුතුයි.





තවාෆ් හා සඃයු හි නීතිය පිරිමින්ට හා කාන්තාවන්ට එක හා සමානය. නමුත් ඇය තවාෆ් හි රම්ල් කිරීම හෝ සඃයි හි මද වේගයකින් දිවීම හෝ නොකළ යුතුයි. තවද තම අලංකාරය එළිදැක්වීමෙන් ද පිරිමින් අබියස මුහුණ නිරාවරණය කිරීමෙන් ද උස් හඩින් කතා කිරීමෙන් ද පිරිමි සෙනග අසල ගැවසීමෙන් ද වැළකී සිටිය යුතුයි.





· සඃයු සම්පූර්ණ කළ පසු හිස මුඩු කරයි. එසේ හිස මුඩු කිරීම වඩා උතුම්ය. එසේ නොමැති නම් සියලුම හිස කෙස් කොට කරයි. හිස මුඩු කිරීමේ වඩාත් උතුම් වනුයේ දැළි පිහියක ආධාරයෙන් සියලු හිසකෙස් ඉවත් කිරීමය.





යන්ත්‍රයක ආධාරයෙන් හිස මුඩු කිරීම සම්බන්ධ ව නම් හිසෙහි ඇති සියලුම හිසකෙස් ඉවත් වූයේ නම් එය හිස මුඩු කිරීමක් වෙයි. නමුත් බාහිරව යමක් ඉතිරි ව ඇත්නම් එය කොට කිරීමකි.





හිස මුඩු කිරීම හා හිසකෙස් කොට කිරීම යන ක්‍රියාවලියෙහි හිසකෙස් සියල්ලෙහිම එය සිදු විය යුතුයි. කවරෙකු හෝ හිසකෙස් හි කොටසක් පමණක් මුඩු කර හෝ කපා හැර හෝ තවත් සමහරක් අත හැර දමා ඇත්නම් එවිට ඔහු එහි අනිවාර්යතාවේ කොටසක් ක්‍රියාවට නංවා ඇති අතර එය මුඩු කිරීම කොට කිරීම යන්නෙහි අඩුවක් ඇති කරන්නෙකු වේ. එබැවින් තම පරමාධිපතිගෙන් සම්පූර්ණ කුලිය හිමි කර ගැනීම පිණිස අත හැර දැමූ සියල්ල කපා හැරීම වගකීමක් වෙයි. මුඩු හිසක් ඇත්තාට හිසකෙස් මුඩු කිරීම හෝ කොට කිරීම යන නීතිය අදාළ නොවනු ඇත. දැළි පිහියක ආධාරයෙන් තම හිස මත ගෙන යා යුතුයි යන්න අනිවාර්ය නොමැත.





කාන්තාවක් සම්බන්ධයෙන් නම් ඇය ඇයගේ හිසකෙස් කොනින් අඟලක ප්‍රමාණයක් කෙටි කර ගන්නීය.





මෙයත් සමඟ උම්රාවෙ හි කටයුතු අවසන් වනු ඇත. උම්රා ඉටු කරන්නා ඔහු ඉහ්රාම් තත්ත්වයේ සිටින විට මසා නිම කළ ඇඳුම් ඇඳීම සුවඳ විලවුන් ගැල්වීම විවාහ ගිවිස ගැනීම වැනි ඔහු කෙරෙහි තහනම් කරන ලද සියලු දෑ අනුමත වනු ඇත.





· තවාෆ් හෝ සඃයු ඉටු කරමින් සිටින කෙනෙකු ඉකාමත් පවසන ලැබූ විකට කුමක් සිදු කළ යුතු වන්නේ ද?





තවාෆ් හෝ සඃයු ඉටු කරමින් සිටිය දී සලාතය සඳහා ඉකාමත් පවසනු ලැබුවේ නම් එවිට ඔහු සමූහ සලාතයේ පිවිස සලාතය ඉටු කළ යුතුයි. පිරිමි පාර්ශවය පිරිමින් සමඟ පෙළ සකස් කර ගනී. කාන්තාව කාන්තාවන් සමඟ පෙළ සකස් කර ගනී. සලාතය නිමා වූ පසු ඔහු නතර කළ ස්ථානයේ සිට වටය අවසන් කරයි. ආරම්භ වටයේ සිට නැවත ගෙන ඒම අවශ්‍ය නොවෙයි. සලාතය ඉටු කිරීමට පෙරම ඔහු සලාතය ඉටු කර ඇත්නම් ඔවුන් සමගම සලාතය ඉටු කරයි. එය ඔහුට අතිරික්තයක් බවට පත් වෙයි.





පිරිමින් සමඟ පෙළ සකස් කර ගැනීම කාන්තාවට තහනම් වෙයි. ඔවුන් සමඟ පෙළ සකස් කර ගන්නී නම් ඇය පාපියෙකු වන්නීය. නමුත් ඇයගේ සලාතය නිවැරදිය.





තදබදය ඉතා අධික නම් පිරිමින්ගෙන් පිටත් ව යෑමට හැකියාව නොමැති නම් ඇය සිටින ස්ථානයේ සිටම සලාතය ඉටු කරයි. එවිට ඇයගේ සලාතය නිවැරුදිය. නමුත් ඇය කෙරෙහි පාපයක් නොවෙයි. හේතුව වැළැක්විය නොහැකි කාරණාවක් ඇයගේ ශක්තිට වඩා බලවත් වූ බැවිනි. අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස බර නොපටවන්නේය.





· හජ්රුල් අස්වද් ගල සිප ගැනීමේ නීතිය.





හජ්රුල් අස්වද් ගල සිප ගැනීම එය ස්පර්ශ කිරීම ඒ වෙත සංඥා කිරීම තක්බීර් පැවසීම රුක්නුල් යමානි නම් ස්ථානය ස්පර්ශ කිරීම යන සියල්ලම සුන්නාහ්වන් වේ. මින් කිසිවක් කිරීමට කෙනෙකු අපොහොසත් වී හෝ අමතක වී හෝ එය අතහැර දමා ගමන් කළේ නම් ඔහු කෙරෙහි පවක් නොපවතියි ඔහුගේ තවාෆය නිවැරදිය.





තවාෆ් අවස්ථාවේ හා තවාෆ් හා සඃයු අතරවාරයේ පහසුකම් ඇත්තන්ට පමණකි හජ්රුල් අස්වද් ගල ස්පර්ශ කිරීමත් එය සිප ගැනීමත් සුන්නත් වනුයේ. සෙනග අවස්ථාවේ ද තවාෆ් කරන්නන්ට බාධාවක් වන අවස්ථාවේ එසේ සිදු කිරීම දහම් ගත කර නැත. එවිට එය අත හැර දැමීම වඩාත් උචිතය. විශේෂයෙන් කාන්තාවන්ට. හේතුව ගල ස්පර්ශ කිරීමත් එය සිප ගැනීමත් සුන්නාවකි. නමුත් මිනිසුන්ට හානි පමුණුවීම තහනම් බැවිනි. එනිසා එම සුන්නාහ් ඉටු කිරීම අවශ්‍ය වන්නේ නැත. ඉහ්රාම් ඇදගත් අය එකම අවස්ථාවේ වරද කරුවන් බවට පත් විය යුතු නැත.





හජ්රුල් අස්වද් ගලෙහි යථාර්ථය වනුයේ එය කිරි වර්ණයට වඩා අධික සුදු පැහැයෙන් යුත් ගලක් ලෙස ස්වර්ගයෙන් පහළ වූවකි. ආදම්ගේ දරුවන්ගේ පාපයන් එය කළු කර දැමීය. අඥාන පාපී ජනයා එය ස්පර්ශ නොකර තිබුණේ නම් අංගවිකලයින් එය ස්පර්ශ කළ ද ඔහුට සුවය ලැබෙනු ඇත. අල්ලාහ් මළවුන් කෙරෙන් එය නැගිටුවා එය සැබෑ ලෙස ස්පර්ශ කළ අය කෙරෙහි සාක්ෂි දරනු ඇත. හජ්රුල් අස්වද් ගල හා රුක්නුල් යමානි නම් ස්ථානය ස්පර්ශ කිරීම පාපයන් කමා කරවන්නේය.





· බයිත් හෙවත් ගෘහය තවාෆ් කිරීමේ මහිමය.





1- පරමාධිපතිට ගරු බුහුමන් කරනු පිණිසත් අධික කුසල් රැස් කර ගනු පිණිසත් මුස්ලිම්වරයෙකු අධික වශයෙන් තවාෆ් කිරීම සතුටුදායකය.





عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ بْنِ عُمَيْرٍ أَنَّهُ سَمِعَ أَبَاهُ يَقُولُ لِابْنِ عُمَرَ مَا لِي لَا أَرَاكَ تَسْتَلِمُ إِلَّا هَذَيْنِ الرُّكْنَيْنِ الْحَجَرَ الْأَسْوَدَ وَالرُّكْنَ الْيَمَانِيَ فَقَالَ ابْنُ عُمَرَ إِنْ أَفْعَلْ فَقَدْ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ "إِنَّ اسْتِلَامَهُمَا يَحُطُّ الْخَطَايَا"





අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයිද් ඉබ්නු උමෙයිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.





තම පියාණන් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමාණන්ට කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසා සිටියි.





හජ්රුල් අස්වද් ගල හා රුක්නුල් යමානි යන දෙක හැර වෙන කිසිවක් ඔබ ස්පර්ශ කිරීම යහපත් යැයි මම නොසිතමි. එවිට උමර් (රළියල්ලාහු අන්හු) තුමා





මම එසේ කළේ නම්,





එවිට ඔහු අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි. එනම්





සැබැවින්ම ඒ දෙක ස්පර්ශ කිරීම පාපයන් කමා කරයි.





قَالَ : وَسَمِعْتُهُ يَقُولُ: "مَنْ طَافَ أُسْبُوعًا يُحْصِيهِ وَصَلَّى رَكْعَتَيْنِ كَانَ لَهُ كَعِدْلِ رَقَبَةٍ"





තවදුරටත් එතුමාණන් කළ ප්‍රකාශයට සවන් දුනිමි. එනම්:





කවරෙකු සති ගණන් කරමින් තවාෆ් කර, රකආත් දෙකක් සලාතය ඉටු කරන්නේ ද එය වහලෙකු නිදහස් කිරීමට සමාන වන්නේය.





قَالَ : وَسَمِعْتُهُ يَقُولُ: "مَا رَفَعَ رَجُلٌ قَدَمًا وَلَا وَضَعَهَا إِلَّا كُتِبَتْ لَهُ عَشْرُ حَسَنَاتٍ وَحُطَّ عَنْهُ عَشْرُ سَيِّئَاتٍ وَرُفِعَ لَهُ عَشْرُ دَرَجَاتٍ" أخرجه أحمد والترمذي





තවදුරටත් එතුමාණන් කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසා‍





පය ඔසවා තබන පුද්ගලයෙකුට කුසල් දහයක් හිමි වී පාපයන් දහයක් මැකී තත්ත්වයන් දහයක් ඔසවනු ලබනවා මිස නැත. (මූලාශ්‍රය: අහ්මද් තිර්මිදි)





2- රමළාන් හජ් වැනි කාල වල අමතර තවාෆ් කිරීමෙන් ඉවත් වී අද්කාර් අතිරේක සලාතයන් අල්-කුර්ආන් පාරායනය යහපත විධානය පිළිකුල් සහගත දැයින් වැළැක්වීම වැනි යහපත් ක්‍රියාවන් හි නිරත වීම වඩාත් යෝග්‍යය. යම් කිසි හේතුවක් මත එය අතහරින්නාගේ ප්‍රතිඵලය එය ඉටු කළ අයෙකුගේ මෙනි.





· තවාෆ් හා සඃයු අතරවාරයේ කතා කිරීමේ නීතිය





තවාෆ් හා සඃයු යනු නැමදුම් දෙකකි. ඒවා දික්ර් කිරීමේ හා ප්‍රාර්ථනා කිරීමේ ස්ථාන දෙකකි. එබැවින් කවරෙකු හෝ කතා කරන්නේ නම් යහපත නියෝග කිරීම අයහපතින් වැළැක්වීම විමසන්නාට පිළිතුරු දීම සලාමයට පිළිතුරු දීම වැනි අත්‍යවශ්‍ය යහපත් දෑ සඳහා මිස වෙන කිසිවක් කතා නොකළ යුතුයි.





එම ස්ථානයන් හි තර්ක කරමින් අමතර කතාබහෙහි යෙදීම ‘මෙසේ කියනු ලැබුවේය‘ ‘එසේ කිව්වේය‘ යනුවෙන් පැවසීම ජංගම දුරකතන ඔස්සේ කතා කිරීම වැනි දැයින් වැළකී සිටිය යුතුයි.





عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا "أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ وَهُوَ يَطُوفُ بِالْكَعْبَةِ بِإِنْسَانٍ رَبَطَ يَدَهُ إِلَى إِنْسَانٍ بِسَيْرٍ أَوْ بِخَيْطٍ أَوْ بِشَيْءٍ غَيْرِ ذَلِكَ فَقَطَعَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ ثُمَّ قَالَ "قُدْهُ بِيَدِهِ" (أخرجه البخاري)





ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. යම් පටියක හෝ ලණුවක හෝ යම් වස්තුවක ආධාරයෙන් බැඳ ගත් තවත් මිනිසෙකු සමග තම දෑත් බැඳ ගත් මිනිසෙකු කඃබාව වටා පැදකුණු කරමින් සිටිය දී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහු අසලින් ගමන් කළේය. එවිට එතුමාණන් තම දෑතින් එය විසන්ධි කර පසුව ‘‘ඔහුගේ දෑතින් අල්ලා ගන්නැයි පැවසූහ.‘ (මූලාශ්‍රය: බුහාරි)





· උම්රා වාර ගණනාවක් ඉටු කිරීමේ නීතිය.





තම පරමාධිපතිට ගරු බුහුමන් කරනු පිණිස ද ඔහුගේ සංඥාවන් ගරු බුහුමන් කරනු පිණිස ද පොදුවේ මුස්ලිම් සමාජයට හජ් හා උම්රා අධිකව කරන මෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ දිරිගන්වා ඇත්තාහ. එබැවින් තම දේශයේ සිට හෝ වෙනත් දේශයක සිට ගමන් කරමින් වාර ගණනාවක් හජ් හා උම්රා ඉටු කිරීම සතුටුදායකය. එය සුන්නාහ්වට සාපේක්ෂව ෂරීආව පතන කරුණකි. යහපත අධිකව රැස් කර දෙන්නකි. එමෙන්ම තම යටහත් පහත් භාවය අධිකව ඉස්මතු කර පෙන්වන්නකි.





බයිතුල්ලා හෙවත් අල්ලාහ්ගේ ගෘහය පමණක් තවාෆ් කිරීමට වඩා උම්රා ඉටු කිරීම ඉතා යෝග්‍යය. හේතුව තවාෆ් කිරීම යනු උම්රාවෙ හි එක් කොටසක් වන බැවින් ද උම්රාවක් හා තවත් උම්රාවක් අතර සිදු වන වැරදි වලට වන්දියක් බවට පිහිටන බැවින් ද වේ. මක්කාහ් වැසියන්ටත් ඒ වෙත සපැමිණියන්ටත් වාර ගණනාවක් උම්රා ඉටු කිරීම ද එමගින් තමන්ටත් තමන් හැර නොපැමිණි, මිය ගිය සැමටත් අධික වශයෙන් ඉටු කිරීම ද දහම් ගත කර ඇත.





1-





عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "الْعُمْرَةُ إِلَى الْعُمْرَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُمَا وَالْحَجُّ الْمَبْرُورُ لَيْسَ لَهُ جَزَاءٌ إِلَّا الْجَنَّةُ" (متفق عليه)





අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. උම්රාවක සිට තවත් උම්රාවක් දක්වා ඒ දෙක අතර සිදුවන දෑට වන්දියක් වන්නේය. පිළිගනු ලබන හජ් වන්දනා එයට ස්වර්ගය මිස වෙනත් ප්‍රතිඵලයන් නොමැත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)





2-





عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا أَنَّهَا قَالَتْ يَا رَسُولَ اللهِ يَرْجِعُ أَصْحَابُكَ بِأَجْرِ حَجٍّ وَعُمْرَةٍ وَلَمْ أَزِدْ عَلَى الْحَجِّ فَقَالَ لَهَا "اذْهَبِي وَلْيُرْدِفْكِ عَبْدُ الرَّحْمَنِ" فَأَمَرَ عَبْدَ الرَّحْمَنِ أَنْ يُعْمِرَهَا مِنْ التَّنْعِيمِ فَانْتَظَرَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِأَعْلَى مَكَّةَ حَتَّى جَاءَتْ. (متفق عليه)





ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණනි, ඔබේ මිතුරන් හජ් හා උම්රාවෙහි කුසල් සමඟ නැවත පැමිණෙන්නේය. නමුත් මම හජ් වන්දනාවට වඩා අධිකව කිසිවක් නොකළෙමි යැයි පැවසුවාය. එවිට එතුමාණෝ ඇයට ඔබ යන්න. අබ්දුර් රහ්මාන් ඔබ පිටුපසින් සිටීවි යැයි පැවසූහ. පසුව තන්ඊම් නම් ස්ථානයෙන් ඇයව උම්රා සඳහා කැටුව යන මෙන් අබ්දුර් රහ්මාන්ට අණ කළහ. පසුව ඇය නැවත පැමිණෙන තෙක් ඉහළ මක්කාවේ සිට අල්ලාහ්ගේ දූතයාණෝ ඇයව බලාපොරොත්තුවෙන් සිටියහ.





3-





عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "تَابِعُوا بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ فَإِنَّهُمَا يَنْفِيَانِ الْفَقْرَ وَالذُّنُوبَ كَمَا يَنْفِي الْكِيرُ خَبَثَ الْحَدِيدِ وَالذَّهَبِ وَالْفِضَّةِ وَلَيْسَ لِلْحَجَّةِ الْمَبْرُورَةِ ثَوَابٌ إِلَّا الْجَنَّةُ" (أخرجه أحمد والترمذي)





අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.





හජ් හා උම්රා ඉටු කරන්න හේතුව සැබැවින්ම ඒ දෙක මයිනහම යකඩ රන් හා රිදීවල බැඳුණු අපවිත්‍රය නැති කරන්නාක් මෙන් පාපයන් හා දිළිඳුභාවය නැති කර දමන්නේය. පිළි ගනු ලැබූ හජ් වන්දනාවට ස්වර්ගය හැර වෙනත් කුසලක් නොමැත. (මූලාශ්‍රය අහ්මද්, තිර්මිදි)





· උම්රාවට පසුව තවාෆුල් විදා හෙවත් සමු ගැනීමේ තවාෆය ඉටු කිරීමේ නීතිය





මක්කාහ් වැසියන් හැර සෙසු සෑම හජ් වන්දනාකරුවෙකුම තම දේශය බලා පිටත් වීමට අපේක්ෂා කරන විට සමු ගැනීමේ තවාෆ් ඉටු කිරීම අනිවාර්යය වේ. උම්රා කරන්නාට සමු ගැනීමක් නැත. ඔහු මක්කාහ් වැසියෙකු වුව ද සෙසු වැසියන් වුවද එක හා සමානය.





عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ : أُمِرَ النَّاسُ أَنْ يَكُونَ آخِرُ عَهْدِهِمْ بِالْبَيْتِ إِلَّا أَنَّهُ خُفِّفَ عَنْ الْحَائِضِ. (متفق عليه)





ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.





ජනයාගේ (හජ්හි) අවසන් කාලය බයිතුල්ලා හෙවත් දේව නිවසෙහි විය යුතු යැයි ජනයාට අණ කරන ලදී. නමුත් එය ඔසප් කාන්තාවට පහසු කරන ලදී. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)





8 - හජ් කිරීමේ ක්‍රමය





නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැහැදිලි කළ අයුරින් එතුමාණන් අණ කළ එතුමාණන්ගේ සහගාමීන් ඉටු කළ හජ් හි ක්‍රමය.





· පිළිගනු ලබන හජ් හි ක්‍රමය





පිළිගනු ලබන හජ් යනු එය උත්තරීතර අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් ඉටු කිරීමත්, එය ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වචනයෙන් හා ක්‍රියාවෙන් පෙන්වා දුන් පිළිවෙළට අනුව ඉටු කිරීමත් පිවිතුරු ධනයෙන් ඉටු කිරීමත් නියමිත වේලාවෙහි දික්ර් හා නැමදුම් වල නිරත වීමත් යහදේ ගෙන විධානය කිරීමත් අයහ දැයින් වැළැක්වීමත් මිනිසුන් සමඟ පරිත්‍යාගශීලීව කටයුතු කිරීමත් පාපකාරී දැයින් හා ජනයාට හානි පමුණුවන දැයින් ඉවත්ව සිටීමත් වේ.





· සංකේතයන් අතරට පිවිසීමේ ක්‍රමය





1- මිනා මුස්තලිෆා අරෆා නම් ස්ථාන හජ් හි සංකේත අතුරිනි. එබැවින් එම ස්ථාන අයිති කර ගැනීමට කිසිවකුට හිමිකමක් නොමැත.





කවරෙකු මිනාවට කලින් යන්නේ ද එය ඔහුගේ ස්ථානයයි. අය්යාමුත් තෂ්රීක් හි රාත්‍රි දෙකක් හෝ තුනක් නවාතැන් නොගෙන අතහරින්නේ ද එසේ නොමැති නම් කිසිදු හේතුවකින් තොරව දහවල් කාලයේ එහි රැඳී සිටීම අතහැර දමන්නේ ද එවිට ඔහු පාපියෙකු බවට පත් වෙයි. ඔහුගේ වන්දනාව නිවැරදිය. නමුත් එහි අඩුවක් පවතියි. එබැවින් ඔහු පශ්චාත්තාප කර සමාව අයැද සිටිය යුතුයි.





මිනාවෙහි ස්ථානයක් නොලැබුණු විටක කවර ප්‍රදේශයකින් වුව ද මිනා සීමාවෙහි අවසන් කූඩාරම අසලට පිවිසිය යුතුයි. එය මිනා සීමාවට එපිටින් පිහිටිය ද වරදක් නොවේ. ඒ වෙනුවෙන් දම් හෙවත් සත්ව කැප කිරීමක් ලබා දීමට අවශ්‍ය නොවේ. පදික වේදිකාවේ හෝ මාර්ගයේ නවාතැන් නොගත යුතුයි. එවිට තමන්ට හානියක් සිදු විය හැකි අතර අනුන් ද එයින් පීඩාවට ලක් වෙති.





2- මිනා මුස්දලිෆා හා අරෆාත් යන ස්ථාන මස්ජිදයන් මෙන් වූ සංකේතාත්මක ස්ථානයන් ය. එහි නිවසක් තනා කුලියට දීම හෝ ප්‍රදේශයක් වෙන් කර එය කුලියට දීම හෝ කිසිවෙකු විසින් සිදු නොකළ යුතුයි. එසේ කළේ නම් ජනයාට කුසල් හිමි කර ගැනීමේ අවස්ථාවන් අහිමි වනු ඇත. එය ඔවුනට බාධා ඇති කරවයි. එවිට එම පාපය එසේ අත්පත් කරගත් අය වෙත පැට වේ.





3- එම සංකේතාත්මක ස්ථාන වලට පැමිණෙන ජනයාට සුදුසු පරිදි පහසුකම්, ආරක්ෂාව හා ආරෝග්‍යමත් පරිසරයක් සකසා දීම මුස්ලිම් පාලකයින්ගේ වගකීමය.





عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ مُعَاذٍ عَنْ رَجُلٍ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ خَطَبَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ النَّاسَ بِمِنًى وَنَزَّلَهُمْ مَنَازِلَهُمْ فَقَالَ "لِيَنْزِلْ الْمُهَاجِرُونَ هَا هُنَا" وَأَشَارَ إِلَى مَيْمَنَةِ الْقِبْلَةِ "وَالْأَنْصَارُ هَا هُنَا" وَأَشَارَ إِلَى مَيْسَرَةِ الْقِبْلَةِ ثُمَّ "لِيَنْزِلْ النَّاسُ حَوْلَهُمْ" (أخرجه أبو داود والنسائي)





සහාබිවරුන්ගෙන් කෙනෙකු විසින් වාර්තා කරනු ලැබ, එය අබ්දුර් රහ්මාන් මුආස් තුමා වාර්තා කරයි.





නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මිනාවෙහි සිට ජනයාට දේශනාවක් පැවත් වූහ. ඔවුන්ගේ නවාතැන් ගත යුතු ස්ථානයන් හි ඔවුන් ස්ථාන ගත කළහ.





එවිට එතුමා ‘මුහාජිර්වරුන් මෙහි නවාතැන් ගන්න.‘





පසුව කිබ්ලාවට දකුණු පැත්ත පෙන්වා ‘අන්සාරිවරුන් මෙහි නවාතැන් ගන්න.‘





පසුව කිබ්ලාවෙහි වම් පැත්ත පෙන්වා ‘ඔවුන් අවට සෙසු ජනයා නවාතැන් ගන්න‘ යැයි පවසා සිටියහ. (මූලාශ්‍රය අබූ දාවූද්, නසාඊ)





· මක්කාහ්වෙහි පදිංචිව සිටින්නන් ද මක්කාහ් වැසියන් ද පිරිසිදු කර ගැනීමත් ස්නානය කර ගැනීමත් සුවඳ විලවුන් ගල්වා ගැනීමත් සුන්නත් වේ. පසුව යව්මුත් තර්වියාහ් නම් දුල් හජ් මස 8 වැනි දින දහවල් කාලයට පෙර ඉහ්රාම් චේතනාව තබා ගනී. මුස්ලිම්වරයා තමා පදිංචිව සිටින ස්ථානයේ සිටම ඉහ්රාම් ඇද ගනී. ඔහු එසේ ඇඳ ගන්නා විට





لَبَّيْكْ حَجًّا ලෙබ්බෙයික් හජ්ජන්





තේරුම: හජ් සඳහා මම ඔබ අසලට පැමිණියෙමි යැයි පවසයි.





කිරාන් හා ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන්නන් සම්බන්ධයෙන් සලකා බලන විට ඔවුන් තම ඉහ්රාම් හි දිගටම රැඳී සිට සෙසු හජ් වන්දනාකරුවන් සමඟ මිනා දෙසට පිටත්ව යති.





තමත්තුඃ ක්‍රමයෙන් හජ් ඉටු කිරීමට පැමිණෙන අය දුල් හජ් මස 8 වැනි දින පෙරවරුවේ හෝ පසුව හෝ පැමිණෙන්නේ නම්, එවිට ඔවුන් උම්රා චේතනා නොකළ යුතුයි. හේතුව හජ් හි කාලය ආරම්භ වී ඇති බැවිනි. එබැවින් ඔහු තම වන්දනාව කිරාන් ක්‍රමයට පරිවර්තනය කර ගනී. පසුව ඔහු තවාෆ් හා සඃයු ඉටු කර ක්ෂණිකව මිනාවට පිටත්ව යයි.





පසුව කිරාන්, ඉෆ්රාද් හා තමත්තුඃ ක්‍රමයට හජ් කිරීමට අපේක්ෂා කළ සියල්ලෝම දහවල් කාලයට පෙර තල්බියා පවසමින් මිනාව වෙත පිටත්ව යයි. පසුව එහි පහසුකම් ඇතොත් ලුහර් අසර් මග්රිබ් ඉෂා ෆජ්ර් සලාතයන් කෙටි කරමින් ඒවා එක් නොකර එකිනෙකට ආවේනික වේලාවන් හි ඉමාම් සමඟ සලාතය ඉටු කරයි. එසේ කිරීමට අපොහොසත් නම් තමන් රැඳී සිටින ස්ථානයෙහිම සමූහ වශයෙන් සලාතය එකට එක් නොකර වෙන් වෙන්ම කෙටි කර ඉටු කරයි. එදින රාත්‍රිය මිනාවෙහි නවාතැන් ගනියි.





එදින තල්බියා පැවසීම දික්ර් කිරීම ප්‍රාර්ථනා කිරීම සලාම් පැවසීම එකිනෙකාට උපදෙස් කර ගැනීම යහපත විධානය කිරීම අයහපතින් වැළැක්වීම පහසුකම් ඇතොත් ආහාර සැපයීම වැනි යහපත් දැහැමි ක්‍රියාවන් හි නිරත වෙයි.





· මිනාවෙහි සීමා මායිම්





බටහිරෙන් ජම්රතුල් අකබා නම් ස්ථානය ද නැගෙනහිරෙන් වාදී මුහස්සර් නම් ස්ථානය ද උතුරින් ජබලුල් අළීමුල් මුර්තෆඃ හා දකුණින් ඊට ඉදිරියෙන් ඇති ජබලුල් අළීමුල් මුර්තෆඃ නම් ස්ථානයන් ද වේ.





· පසුව නව වන දින හිරු උදා වූ විට එනම් අරෆා දින මිනාවෙහි සිට අරෆා වෙත තල්බියා පවසමින් තක්බීර් පවසමින් තහ්ලීල් පවසමින් ගමන් කරයි. දහවල් කාලය වන විට නමිරා නම් ස්ථානයට පැමිණෙයි. එය අරෆාවට සමීප වූ ස්ථානයකි. එය අරෆාවට අදාළ ස්ථානයක් නොවේ. නමිරාව අරෆා දෙසින් වාදී උරනා නම් ස්ථානයේ කෙළවරින් පිහිටා ඇත.





 



Recent Posts

“ෂරිආ” පිළිවෙත පිළිබඳ ...

“ෂරිආ” පිළිවෙත පිළිබඳ විමසුමක්

ඉස්ලාම් හි උපවාසයේ අර ...

ඉස්ලාම් හි උපවාසයේ අරමුණ

ඉස්ලාමීය දැක්මෙන් ප්‍ ...

ඉස්ලාමීය දැක්මෙන් ප්‍රේමවන්තයින්ගේ දිනය මව්ලවි යූසුෆ් ඉම්තියාස්