හජ් වන්දනාවේ වර්ග තුනකි. එනම් අත්-තමත්තුඃ, අල්-කිරාන් හා අල්-ඉෆ්රාද්
1- තමත්තුඃ ක්‍රමය
හජ් මාසයේ උම්රා සඳහා ඉහ්රාම් තැබීමයි. (අදිටන් කිරීමයි) මෙම ක්‍රමයේ අදිටන වාචිකව පවසනු ලබනුයේ
لَبَّيْكَ عُمْرَةً
ලබ්බෙයික් උම්රතන් යනුවෙනි.
තේරුම: උම්රාවක් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.
උම්රාව අවසන් කර ගත් පසුව ඉහ්රාමයෙන් ඉවත් වෙයි. පසුව මක්කාහ්ව තුළ හෝ එයට සමීප ස්ථානයක දී හෝ එම වසරේම හජ් සඳහා ඉහ්රාම් තබයි.
මෙම ක්‍රමයේ අදිටන වාචිකව පවසනු ලබනුයේ
لَبَّيْكَ حَجًّا
ලබ්බෙයික් හජ්ජන් යනුවෙනි.
තේරුම: හජ් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.
තමන් අවුරුදු දින අකබා නම් ස්ථානයට ගල් ගසා හිස මුඩු කරන තෙක් එම ඉහ්රාම් තත්තවයේම පසුවෙයි. පසුව ඔහු තමත්තුඃ සඳහා වූ හද්යු (සතෙකු කැප කිරීම) ලබා දිය යුතුයි.
2- කිරාන් ක්‍රමය
හජ් හා උම්රා එකවර ඉටු කිරීමට හෝ ප්‍රථමයෙන් හජ් ඉටු කර පසුව උම්රාවට ප්‍රවිෂ්ට වීමට ඉහ්රාම් තැබීමයි. එහි දී කිරාන් සඳහා වූ හද්යු(සත්ව කැපකිරීම) ලබා දිය යුතුයි. ඒ සඳහා වාචිකව පවසන ක්‍රමය වනුයේ
لَبَّيْكَ عُمْرَةً وَحَجًّا
ලබ්බෙයික් උම්රතන් වහජ්ජන්.
තේරුම: උම්රා හා හජ් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.
යම් කිසි නොවැළැක්විය හැකි හේතුවක් මත උම්රාවට නියමිත තවාෆ් කිරීමට පෙර එම උම්රාවෙහිම හජ් ඇතුළත් කිරීමට අනුමැතිය ඇත. උදාහරණ වශයෙන් ඔසප් හෝ දරු ප්‍රසූත රුධිර වහනය ඇති වූ කෙනෙකු, හජ් ඉටු කිරීමේ කාලය ළං වුණු කෙනෙකු වැනි අය ගත හැක.
3- ඉෆ්රාද් ක්‍රමය
හජ් සඳහා පමණක් ඉහ්රාම් තැබීම ඒ සඳහා වාචිකව පවසන ක්‍රමය වනුයේ
لَبَّيْكَ حَجًّا
ලබ්බෙයික් හජ්ජන් යනුවෙනි.
තේරුම: හජ් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.
කිරාන් ක්‍රමයට හජ් ඉටු කරන්නාගේ ක්‍රමවේදය හා ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන්නාගේ ක්‍රමවේදය එක හා සමානය. නමුත් කිරාන් ක්‍රමයට හජ් ඉටු කරන්නා කෙරෙහි හද්යු(සත්ව කැපකිරීමක්) ලබා දිය යුතු වේ. ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන්නා කෙරෙහි හද්යු ලබා දීමක් නොමැත.
ඉෆ්රාද් ක්‍රමයට වඩා කිරාන් ක්‍රමයට හජ් ඉටු කිරීම උතුම්ය. ඒ දෙකටම වඩා තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කිරීම උතුම්ය.
සුන්නාහ්ව ජීවමාන කිරීම පිණිසත් දහමෙහි පවතින විවිධත්වය ක්‍රියාවට නැංවීම පිණිසත් විටෙක තමත්තුඃ ක්‍රමයටත් විටෙක ඉෆ්රාද් ක්‍රමයටත් විටෙක ඉෆ්රාද් ක්‍රමයටත් අදිටන් කර ගැනීම සුන්නාහ්වකි. නමුත් තමත්තුඃ ක්‍රමය නිතර පිළිපැදිය යුතුයි. හේතුව එය වඩා උතුම් ක්‍රමයක් වන බැවිනි.
عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ: خَرَجْنَا مَعَ رَسُولِ اللهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ "مَنْ أَرَادَ مِنْكُمْ أَنْ يُهِلَّ بِحَجٍّ وَعُمْرَةٍ فَلْيَفْعَلْ وَمَنْ أَرَادَ أَنْ يُهِلَّ بِحَجٍّ فَلْيُهِلَّ وَمَنْ أَرَادَ أَنْ يُهِلَّ بِعُمْرَةٍ فَلْيُهِلَّ قَالَتْ عَائِشَةُ رَضِيَ اللهُ عَنْهَا فَأَهَلَّ رَسُولُ اللهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِحَجٍّ وَأَهَلَّ بِهِ نَاسٌ مَعَهُ وَأَهَلَّ نَاسٌ بِالْعُمْرَةِ وَالْحَجِّ وَأَهَلَّ نَاسٌ بِعُمْرَةٍ وَكُنْتُ فِيمَنْ أَهَلَّ بِالْعُمْرَةِ" (متفق عليه)
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. අපි අල්ලාහ්ගේ දූතයාණන් සමග පිටත් ව ගියෙමු. එවිට එතුමා ඔබ අතුරින් කවරෙකු හෝ හජ් හා උම්රා යන දෙකට තල්බියා පවසන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු එය කරත්වා! තවද කවරෙකු හජ් සඳහා පමණක් තල්බියා පවසන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු එසේ තල්බියා පවසත්වා! කවරෙකු උම්රා සඳහා පමණක් තල්බිය්යා පවසන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු ද (ඒ සඳහා) තල්බියා පවසත්වා ! ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය අල්ලාහ්ගේ දූතයාණන් හජ් සඳහා තල්බියා පැවසූහ. එතුමාණන් සමඟම ඇතැම් ජනයා එසේ තල්බියා පැවසූහ. ඇතැම් ජනයා උම්රා හා හජ් සඳහා තල්බියා පැවසූහ. තවත් සමහරුන් උම්රා සඳහා තල්බියා පැවසූහ. මම උම්රා සඳහා තල්බියා පවසන්නන් අතුරින් වූයෙමි යැයි ඇය පවසා සිටියාය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
හජ් වන්දනා ක්‍රම අතුරින් උතුම්ම ක්‍රමය
සෑම හජ් වන්දනාකරුවෙකුම තමත්තුඃ ක්‍රමයට හජ් කිරීම අවශ්‍ය වෙයි. හජ් වන්දනා ක්‍රම අතුරින් වඩාත් ශ්‍රේෂ්ඨ උතුම්ම ක්‍රමය වනුයේ තමත්තුඃ ක්‍රමයයි. හේතුව මේ ක්‍රමය පිළිපදින්නැයි නබි තුමාණෝ තම මිතුරන්ට අණ කර ඇති අතර එතුමාණන්ගේ අවසාන හජ් වන්දනාවෙහි වන්දි වශයෙන් සත්ව කැප කිරීමක් ලබා දිය යුතු අය හැර සෙසු අය ඉහ්රාම් ගලවන්නැයි ඔවුනට පවසා සිටි බැවිනි.
තමත්තුඃ ක්‍රමය හජ් වන්දනා අතුරින් පහසුම ලෙහෙසිම ක්‍රමය වේ. එමෙන්ම ප්‍රතිඵලයෙන් හා කුසලින් ද අධිකය.
මිනිසෙකු කිරාන් ක්‍රමයට හෝ ඉෆ්රාද් ක්‍රමයට හෝ චේතනාව තැබුවේ නම් එවිට වඩාත් යෝග්‍ය වන්නේ තම වන්දනාව තමත්තුඃ ක්‍රමයට පරිවර්තනය කරනු පිණිස උම්රාවක් කෙරෙහි චේතනාව හැරවීමයි. එය, හද්යු ලබා නොදිය යුතු තත්ත්වයක තවාෆ් හා සඃයු කිරීමෙන් පසුව පවා එසේ සිදු කළ හැක. පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ නියෝගය පිළිපැදීමක් වශයෙන් ඔහු තම හිසකෙස් කපා ඉහ්රාමය ගලවයි.
කවරෙකු හද්යු ලබා දිය යුතු තත්ත්වයක පසුවෙයි නම් ඔහු එම ඉහ්රාමයේම සිටියි. ගල් ගසා අවුරුදු දින හිස මුඩු කරන තෙක් ඉහ්රාමය නොගලවයි.
عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قالت: خَرَجْنَا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلَا نُرَى إِلَّا أَنَّهُ الْحَجُّ فَلَمَّا قَدِمْنَا تَطَوَّفْنَا بِالْبَيْتِ فَأَمَرَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ لَمْ يَكُنْ سَاقَ الْهَدْيَ أَنْ يَحِلَّ فَحَلَّ مَنْ لَمْ يَكُنْ سَاقَ الْهَدْيَ وَنِسَاؤُهُ لَمْ يَسُقْنَ فَأَحْلَلْنَ
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.
අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමඟ පිටත්ව ගියෙමු. එතුමාණන්ව හජ් ඉටු කරන්නෙකුව මිස (වෙනත් අයුරකින්) අපි නොදුටුවෙමු. පසුව අප පැමිණි බයිතුල්ලාහ්ව තවාෆ් කළ කල්හි, නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ ‘කවරෙකු හද්යු ලබා දිය යුතු නොවන්නේ ද ඔවුන් ඉහ්රාමය ගලවා දමන මෙන් නියෝග කළහ. ඒ අනුව හද්යු ලබා නොදිය යුතු අය ඉහ්රාමය ගලවා දැමුවෝය. එතුමාගේ බිරියන් ද හද්යු ලබා නොදිය යුතු අය වූහ. එබැවින් ඔවුන් ද ඉහ්රාමය ගලවා දැමුවෝය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
මක්කාහ්වට පිවිසීමේ ක්‍රමය
හජ් හෝ උම්රා සඳහා මුස්ලිම්වරයෙකු ඉහ්රාම් චේතනාව තබා ඉහ්රාම් ඇඳුම ඇන්දේ නම් ඔහු තල්බියා පවසමින් මක්කාහ්ව අරමුණ කර ගනියි. පහසුකමක් ඇත්නම් මක්කාහ්වේ ඉහළ කොටසින් ඇතුළුවීමත් ස්නානය කරගැනීමත් සුන්නාහ්වකි.
පසුව ඔහු කවර පැත්තකින් හෝ මස්ජිදුල් හරාම් වෙතට පිවිසෙයි. මස්ජිදුල් හරාම් තුළට පිවිසීමට සිතුවේ නම් තම දකුණු කකුල ඉදිරියෙන් තබා පිවිසිය යුතුයි. පසුව මස්ජිදයට පිවිසීමේ දී පවසන ප්‍රාර්ථානව පවසයි.
اللَّهُمَّ افْتَحْ لِيْ أَبْوَابَ رَحْمَتِكَ
අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික (මූලාශ්‍රය: මුස්ලිම්)
තේරුම: යා ! අල්ලාහ්, ඔබගේ කරුණාවේ දොරටු මා වෙනුවෙන් විවෘත කරනු මැනව.
أَعُوذُ بِاللهِ الْعَظِيمِ وَبِوَجْهِهِ الْكَرِيمِ وَسُلْطَانِهِ الْقَدِيمِ مِنْ الشَّيْطَانِ الرَّجِيمِ
අඌදු බිල්ලාහිල් අළීම් වබිවජ්හිල් කරීම් වසුල්තානිහිල් කදීම් මිනෂ් ෂෙයිතානිර් රජීම්
පලවා හරින ලද ෂෙයිතාන්ගේ හානියෙන් සර්ව බලධාරී අල්ලාහ්ගේ ආරක්ෂාව පතමි! එමෙන්ම ඔහුගේ ගෞරවනීය මුහුණෙහි (තෘප්තියෙහි) හා ඔහුගේ සදා පවත්නා බලපරාක්‍රමයේ නාමයෙන් ආරක්ෂාව පතමි! (මූලාශ්‍රය: අබූ දාවූද්)
කෙනෙකු මස්ජිද් හරමයට පිවිසෙන විට කළ යුතු දෑ
හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් තැබූ කෙනෙකු මස්ජිදුල් හරාමය තුළට පිවිසියේ නම් එම මොහොතේම තවාෆ් කිරීමෙන් කටයුත්ත ආරම්භ කරයි. නමුත් අනිවාර්යය සලාතයක් හෝ ජනාzසා සලාතයක් හෝ පැවතෙන්නේ නම් හැර. එවිට එම සලාතයන් ඉටු කර පසුව තවාෆ් හි නිරත වෙයි.
උම්රා පමණක් ඉටු කරන්නෙකු හෝ තමත්තුඃ ක්‍රමයට උම්රාව ඉටු කරන්නෙකු හෝ වේ නම් ඔහු උම්රාවෙහි තවාෆයෙන් කටුයුතු ආරම්භ කරයි. ඉෆ්රාද් හෝ කිරාන් ක්‍රමයට උම්රා කරන්නෙකු නම් ඔහු මක්කාහ්වට සම්ප්‍රාප්තවීමේ තවාෆය ඉටු කරයි. එය සුන්නාහ්වකි. එය අනිවාර්යය දෙයක් නොවන්නේය.
වන්දනාවෙන් මිදෙන තත්ත්වයන්
වන්දනාවෙන් මිදීම පහත සඳහන් අයුරින් සිදු වේ.
වන්දනාමානයන් අවසන් වීමෙන් ...
කොන්දේසි සහිත යම් කිසි හේතුවක් නිසා ඉහ්රාමයෙන් ඉවත් වීමෙන්...
බාධා කිරීමක් හේතුවෙන් හද්යු හා හිස මුඩු කිරීමෙන් පසුව ඉහ්රාමයෙන් ඉවත් වීමෙන්...
මස්ජිදුල් හරාමය වෙත පිවිසීමේ විනය
සියලු මස්ජිදයන් අල්ලාහ්ගේ නිවෙස්ය. සෑම මුස්ලිම්වරයෙකුම එහි පිවිසීමටත් එහි තම ගැත්තන් විවිධ නැමදුම් වල නිරත වීමටත් ඔහු ඇරයුම් කරයි.
තම නිවසට පිවිසීමට අනුමැතිය ලබා දුන් පරමාධිපතිගේ ශක්තිය හඳුනා ගැනීමත් ඔහුව මුණ ගැසීමට සූදානම් වීමත් ඔහුගේ ගරුත්වය හා කීර්තිය සමඟ බැඳුණු දැයින් ඔහුගේ නිවසෙහි විනයානුකූලව හැසිරීමත් ඔහුගේ මස්ජිදයන් කෙරෙහි ආදරය දැක්වීමත් එය මහිමයට පත් කිරීමත් එයට ගෞරවය කිරීමත් ගැත්තෙකු කෙරෙහි පැවරෙන අනිවාර්යය ක්‍රියාවන් අතුරිනි. හේතුව ඒවා තම ගැත්තා වෙනුවෙන් ඔහු මෙනෙහි කිරීමටත් ඔහුට නැමදුම් කිරීමටත් ඔහුගේ ග්‍රන්ථය කියවීමටත් දහම හැදෑරීමටත් ඉදි කරනු ලැබූ ඔහුගේ නිවෙස්ය.
අල්ලාහ්ගේ නිවෙස්හි පිළිපැදිය යුතු විනයන් අතුරින් ...
තම නිවසින් වුළු ගෙන මස්ජිදය වෙත බැහැර ව යෑම පිරිසිදු අලංකාර ඇඳුමින් සැරසී සුවඳ විලවුන් ගැල්වීම අභිමානවත් ලෙසින් ශාන්ත දාන්තව මස්ජිදයට පා ගමනින් යෑම මස්ජිදයට පිවිසූ වහාම පඬුරු වශයෙන් රකආත් දෙකක් සලාතය ඉටු කිරීම.
එමෙන්ම තම සහෝදරයා සමඟ තරග වැද ඔවුන්ගේ හිසට උඩින් පැන යෑමෙන් තම සහෝදරයින්ගේ දෑත් අයින් කොට ඉඩ ගැනීමෙන් වැළකිය යුතුයි. තවද ලූනු සුදුලූනු වැනි සලාත් ඉටු කරන්නන් හා මලක්වරුන් පිළිකුල් කරන දුඟද දේවල් අනුභව කිරීමෙන් වැළකිය යුතුයි. මස්ජිදයේ සිටින උදවියට හඬ හා සීනු නාදයෙන් හානියක් නොවන අයුරින් ජංගම දුරකතන ක්‍රියා විරහිත කිරීම කෙළ, සෙම, භාවිත කළ ලේන්සු වැනි දැ තුළින් මස්ජිද තුළ අපිරිසිදු දෑ තැවරීමෙන් වග බලා ගත යුතුයි. විහිළුව අනවශ්‍ය සෙල්ලම්, අනවශ්‍ය ලෙස කතා කිරීම, අධික ලෙස කතා කිරීම, හඬ නගා කතා කිරීම, තර්ක විතර්කවල නිරත වීම, ගනු දෙනු කිරීම, නැති වී ගිය දෙයක් සෙවීම, ජනයාගෙන් මුදල් ඉල්ලීම වැනි දැයින් වැළකී සිටිය යුතුය. මස්ජිදය පිරිසිදුව තබා ගැනීමටත් එහි ඇති මෙවලම් හා අල්-කුර්ආන් පිටපත් ආරක්ෂා කිරීමටත් වග බලා ගත යුතුය. කාන්තාවන් සුවඳ විලවුන් ගැල්වීමෙන් හා හැඩ අලංකාර කර ගැනීමෙන් වැළකිය යුතුය. කාන්තාවන්ට නියම කරන ලද ස්ථානයෙහි සලාතය ඉටු කළ යුතුය. වචනයෙන් හෝ ක්‍රියාවෙන් ජනයාට අර්බුදකාරී ලෙසින් නොහැසිරිය යුතුය.
1- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ
ආදම්ගේ දරුවනි, සුජූද් කරන සෑම ස්ථානයකම නුඹලාගේ (වස්ත්‍ර) අලංකාරය ගනිවු. තවද අනුභව කරවු. තවද පානය කරවු. තවද නාස්ති නොකරවු. සැබැවින්ම ඔහු (අල්ලාහ්) නාස්ති කරන්නන් ප්‍රිය නොකරන්නේය. (අල්-කුර්ආන් 7:31)
فِي بُيُوتٍ أَذِنَ اللهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ ، رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ ، لِيَجْزِيَهُمُ اللهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُمْ مِنْ فَضْلِهِ وَاللهُ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ .
නිවෙස් හි උත්කෘෂ්ට කරවනු ලැබීමත් එහි තම නාමය මෙනෙහි කරනු ලැබීමත් අල්ලාහ් අනුමත කළේය. තවද එහි ඔහුව උදෑසන හා සවස පිරිමින් සුවිශුද්ධ කරති. වෙළඳාම හෝ ව්‍යාපාරය අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් ද සලාතය ස්ථාපිත කිරීමෙන් ද zසකාත් ගෙවීමෙන් ද ඔවුන්ව නොහරවයි. එහි හදවත් හා බැල්ම නළියමින් පවතින දිනයට බිය වෙති. ඔවුන් කළ දෑට ඉතා යහපත් දෑ අල්ලාහ් ඔවුනට පිරිනමනු පිණිස ද ඔහුගේ වරප්‍රසාදයෙන් ඔවුනට අධික කරනු පිණිස ද වේ. අල්ලාහ් තමන් අභිමත කරන අයට කිසිදු ගණනයකින් තොරව සම්පත් පිරිනමන්නේය. (අල්-කුර්ආන්: 24:36-38)
وَمَا قَدَرُوا اللهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّماوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ
ඔවුන් අල්ලාහ්ට ගෞරවය කළ යුතු අයුරින් ගෞරවය නොකළෝය. (මළවුන් කෙරෙන්) නැගිටවනු ලබන දින මුළු මිහිතලයම ඔහුගේ (අත්)මිට (තුළ)ය. තවද අහස් ඔහුගේ දකුණතෙහි හකුළනු ලැබූ දෑ (බවට පත්)වේ. ඔහු පිවිතුරු විය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය. (අල්-කුර්ආන් 39:67)
وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنْ لَا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ
මට කිසිවකින් ආදේශ නොතබවු. පැදකුණු (තවාෆ්) කරන්නන් සඳහා ද (නැමදුම් සඳහා) සිට ගෙන සිටින්නන් සඳහා ද රුකූඋ කරන්නන් සඳහා ද සුජූද් කරන්නන් සඳහා ද මාගේ නිවස නුඹ පවිත්‍ර කරවු යැයි (පවසා) එම නිසෙහි ස්ථානය අපි ඉබ්‍රාහීම්ට වෙන් කර දුන් අවස්ථාව සිහිපත් කරවු. (අල්-කුර්ආන් 22:26)
6 - උම්රාවෙහි තේරුම හා එහි නීතිය.
· උම්රා යනු බයිතුල්ලාහ් හෙවත් අල්ලාහ්ගේ නිවස වටා පැදකුණු කිරීමත් සෆා හා මර්වා අතර සඃයු එනම් මද වේගයෙන් ඇවිද යාමත් හිස මුඩු කිරීම හෝ කොට කර ගැනීමත් වේ.
· උම්රාවෙ හි නීතිය
උම්රා වැදගත් සුන්නාහ්වකි. වසරෙ කුමන කාලයක හෝ ඉටු කිරීම සුන්නාහ්වකි. නමුත් වසරෙහි සෙසු කාලයන්ට වඩා හජ් කාලයේ ඉටු කිරීම වඩා උතුම්ය. රමළානයේ උම්රා ඉටු කිරීම හජ් කිරීමට සමාන වන්නේය. එය නැවත නැවත කිරීම ද අධිකව කිරීම ද සුන්නාහ්වකි. එමෙන්ම එය පරිපූර්ණ කිරීම අනිවාර්යය.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ...
හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් නුඹලා සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුයේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත... (අල්-කුර්ආන් 2:196)
· නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉටු කළ උම්රා සංඛ්‍යාව
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා උම්රා හතරක් සිදු කළේය. ඒ සියල්ල හජ් මාසයන්හිය. එනම්:
හුදෙයිබිය්යා උම්රාව කළාහි උම්රාව ජුඃරානා උම්රාව හා එතුමාණන්ගේ අවසන් හජ් සමඟ සිදු කළ උම්රාවයි. එතුමාණන්ගේ සියලු උම්රාවන් දුල් කඃදා මස සිදු විණ.
· උම්රාවෙහි අර්කාන් හෙවත් ප්‍රධාන කරුණු
ඉහ්රාම් තබා නියමිත වස්ත්‍රය ඇඳීම
තවාෆ් සිදු කිරීම
සඃයු කිරීම
· උම්රාවෙහි වාජිබාත් හෙවත් අනිවාර්යය දෑ
නියමිත දේශ සීමාවෙහි ඉහ්රාම් තැබීම
හිස මුඩු කිරීම හෝ කොට කිරීම
· අල්-බයිත් හෙවත් අල්ලාහ්ගේ නිවස වටා පැදකුණු කිරීමෙහි නිවැරදිතාව සඳහා වූ කොන්දේසි
කඃබාව වටා තවාෆ් කිරීම නිවැරදිවීමෙහි කොන්දේසි පහත සඳහන් අයුරිනි.
කඃබාව වටා තවාෆ් කිරීම නිවැරදි වීමට නම් සුළු හා මහා කිලිටි වලින් පිරිසිදුව සිටීම කොන්දේසියකි. එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ක්‍රියා පිළිවෙතට සාපේක්ෂිතය.
එතුමාණන් තවාෆ් කිරීමට පෙර වුළු ගත්හ. එයින් සියලු නැමදුම් ඉටු කරන මෙන් නියෝග කළහ. එමෙන්ම ඔසප් කාන්තාවන් පිරිසිදු තත්ත්වයට පත් වන තෙක් කඃබාව පැදකුණු කිරීමෙන් වැළකුණහ.
1-
عَنْ عَائِشَة رَضِيَ اللهُ عَنْهَا أَنَّ أَوَّلَ شَيْءٍ بَدَأَ بِهِ حِينَ قَدِمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ تَوَضَّأَ ثُمَّ طَافَ ثُمَّ لَمْ تَكُنْ عُمْرَةً ثُمَّ حَجَّ أَبُو بَكْرٍ وَعُمَرُ رَضِيَ اللهُ عَنْهُمَا مِثْلَهُ (متفق عليه)
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැමිණි මොහොතේ එතුමාණන් ආරම්භ කළ මුල්ම ක්‍රියාව වනුයේ වුළු ගෙන පසුව තවාෆ් කිරීමය. පසුව උම්රාවක් නොවීය. පසුව අබූ බක්ර් උමර් රළියල්ලාහු අන්හුමා තුමන්ලා ද එලෙසම හජ් ඉටු කළෝය.
(මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
2-
عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ: خَرَجْنَا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَلَا نَرَى إِلَّا الْحَجَّ حَتَّى إِذَا كُنَّا بِسَرِفَ أَوْ قَرِيبًا مِنْهَا حِضْتُ فَدَخَلَ عَلَيَّ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أَبْكِي فَقَالَ أَنَفِسْتِ يَعْنِي الْحَيْضَةَ قَالَتْ قُلْتُ نَعَمْ قَالَ إِنَّ هَذَا شَيْءٌ كَتَبَهُ اللهُ عَلَى بَنَاتِ آدَمَ فَاقْضِي مَا يَقْضِي الْحَاجُّ غَيْرَ أَنْ لَا تَطُوفِي بِالْبَيْتِ حَتَّى تَغْتَسِلِي (متفق عليه)
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමග පිටත් ව ගියෙමු. හජ් කිරීම මිස වෙන කිසිවක් අපි නොසිතුවෙමු. සරිෆ් නම් ස්ථානයට අප පැමිණි විට හෝ එයට සමීප වූ විට මා ඔසප් තත්ත්වයට පත් වුණෙමි. මම හඬමින් සිටිය දී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මා වෙත පැමිණ ඔබ ඔසප් තත්ත්වයෙහි පසුවන්නෙහි දැයි විමසූහ. මම එසේය යැයි පිළිතුරු දුනිමි. එතුමාණෝ සැබැවින්ම මෙය ආදම්ගේ ගැහැනු දරුවන්ට අල්ලාහ් නියම කළ කරුණකි. හජ් වන්දනා කරුවා කරන දෑ ඔබ ද ඉටු කරන්න. නමුත් ඔබ ස්නානය කර ගන්නා තුරු බයිතුල්ලාව පැදකුණු නොකරන්නැයි පවසා සිටියහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
3-
وَعَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا أَنَّ صَفِيَّةَ بِنْتَ حُيَيٍّ زَوْجَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَاضَتْ فِي حَجَّةِ الْوَدَاعِ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحَابِسَتُنَا هِيَ فَقُلْتُ إِنَّهَا قَدْ أَفَاضَتْ يَا رَسُولَ اللهِ وَطَافَتْ بِالْبَيْتِ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلْتَنْفِرْ (متفق عليه)
4- ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියක් වූ සෆීය්යා බින්ත් හුයෙයි හජ්ජතුල් විදා අවස්ථාවෙහි ඔසප් තත්ත්වයට පත් වූවාය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඇය අපෙන් වැළකී සිටියා දැයි විමසූහ. එවිට මම අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම ඇය ඔසප් තත්ත්වයට පත් විය. ඇය බයිතුල්ලාහ්ව තවාෆ් කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එසේ නම් අත හැර දමන්නැයි පවසා සිටියහ.
(මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
7- උම්රා කිරීමෙහි ක්‍රමය
· නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉටු කළ එමෙන්ම පැහැදිලි කළ උම්රාවෙහි ක්‍රමය
උම්රාවක් කිරීමට අපේක්ෂා කරන්නා ඔහු පා ගමනින් යන්නේ නම් නියමිත මීකාත් හෙවත් සීමා මායිමෙහි ඒ සඳහා අදිටන් කර ගනී. මීකාත් නොවන ස්ථානයක වී නම් ඔහුට පහසු අයුරින් චේතනා කර ගනී.
· මක්කාහ්වට රාත්‍රියේ හෝ දහවල් කාලයේ එහි ඉහළ ප්‍රදේශයෙන් ඇතුළු වීමට පහසුකමක් ඇත්නම් එසේ පිවිසීම සතුටුදායකය. එමෙන්ම පිටත් වීමේ දී ඊට පහළ ප්‍රදේශයෙන් පිටත් වීමට පහසුකමක් ඇත්නම් එසේ පිට වී යාම සතුටු දායකය. හරම් සීමාවට සමීප වූ විට තල්බියා පැවසීම අවසන් වෙයි.
මස්ජිදුල් හරාමයට පිවිසෙන විට වුළු ධෝවනය කර ගත් තත්ත්වයේ පිවිසෙයි. තම වම් පැත්ත කඃබා දෙසට පිහිටන සේ හජරුල් අස්වද් නම් ස්ථානයෙන් තවාෆ් කිරීමට ආරම්භ කරයි.
තවාෆ් කිරීමට පෙර ඉල්තිබාඃ ක්‍රමය පිළිපැදීම පිරිමින් සුන්නාහ්වකි. එනම් සියලු වටයන් හි උඩු කයෙහි මැද කොටස දකුණු කිහිල්ල යටට තබා එහි කොන් දෙක වම් උරහිස තම පිහිටන සේ ඉහ්රාමය ඇඳීමයි.
තවද රම්ල් කිරීම ද සුන්නාහ්වකි. එනම් හජරුල් අස්වද් ස්ථානයේ සිට නැවත එම ස්ථානයට පැමිණෙන තෙක් වූ ආරම්භක වට තුනෙහි දිරියෙන් හා උනන්දුවෙන් ගමන් කිරීමය. අවසන් වට හතර සාමාන්‍ය ක්‍රමයට ගමන් කරයි.
හජ් හි තවාෆ් අල්-කුදූම් හි හා උම්රා හි තවාෆ් හි ඉල්තිබාඃ හා රම්ල් ක්‍රමය කාන්තාවන්ට නොව පිරිමින්ට පමණක් සුන්නාහ් වූ ක්‍රියාවකි.
· හජරුල් අස්වද් ගලට සිරස් ව පැමිණෙන විට එය අතින් අල්ලා මුවින් සිප ගනී. එයට හැකියාව නොලබන්නේ නම් දකුණත තබා එය සිප ගනී. එයට ද ශක්තිය නොමැතිනම් අතේ ඇති බස්තම හෝ හැරමිටිය වැනි අධාරකයකින් එය අල්ලා එය සිප ගනී.
එයට ද ශක්තිය නොමැති වූ විටක දකුණතින් ඒ වෙත සංඥා කර පසුව එය සිප ගනී. එහි නොනැවතී දිගටම ගමන් කරයි. එයට සිරස් ලෙස පැමිණි විට අල්ලාහු අක්බර් යැයි වරක් පවසයි. මෙලෙස සෑම වටයකම සිදු කරයි. පසුව තම තවාෆ් අතරවාරයේ දහම් ගත කළ ප්‍රාර්ථනා අතුරින් තමන්ට කැමති ඕනෑම ප්‍රාර්ථනාවන්ගෙන් ප්‍රාර්ථනා කරයි. අල්ලාහ්ව මෙනෙහි කරයි. ඔහුව ඒකීයභාවයට පත් කරයි. යහපත මිස වෙන කිසිවක් කතා නොකරයි.
තවාෆ් හා සඃයු අතරවාරයේ කැමති නම් ආහාර අනුභව කිරීමටත් පානය කිරීමටත් අනුමැතිය ඇත.
· රුක්නුල් යමාන් නම් කොන අසලින් ගමන් ගන්නා විට පහසුකමක් ඇත්නම් තක්බීර් නොපවසා සිප ගැනීමෙන් තොරව සෑම වටයකම තම දකුණතින් අල්ලයි. එය අල්ලන්නට අපහසු නම් තක්බීර් පැවසීමෙන් හා සංඥා කිරීමෙන් තොරව තම තවාෆ් හි දිගටම ගමන් කරයි.
තවාෆ් හා සෙසු අවස්ථාවන් වල පිරිමි සෙනග අතරට කාන්තාව පිවිසීම තහනම්ය.
රුක්නු යමානි හා හජ්රුල් අස්වද් නම් ස්ථානය අතර ගමන් කරන විට පහත සඳහන් අයුරින් පවසයි.
رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ
අපගේ පරමාධිපතියාණනි, මෙලොව යහපත ද මතු ලොව යහපත ද අපට පිරිනමනු මැනව! තවද අපව නිරයේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව !
කඃබාව හා හජර් පසු පසින් සිට මෙලෙස සම්පූර්ණ වට හතක් ගමන් කරයි. හජ්රුල් අස්වද් නම් ස්ථානයට සිරස් ව පැමිණෙන සෑම අවස්ථාවකම අල්ලාහු අක්බර් යනුවෙන් තක්බීර් පවසයි. පහසුකමක් ඇත්නම් සෑම වටයකම එය ස්පර්ශ කර සිප ගනී. සෙසු කොන් දෙක ස්පර්ශ නොකරයි.
තවාෆ් කුදූම් තවාෆ් විදා හා සෙසු තවාෆයන්ට පසුව පහසුකමක් ඇත්නම් හජරුල් අස්වද් ගල හා දොරටුව අතර රැඳී සිට තම පපුව ද මුහුණ ද තම අත් දෙක ද ඒ මත තබා ප්‍රාර්ථනා කරමින් අල්ලාහ්ගෙන් අයැද සිටියි.
· තවාෆ් අවසන් කිරීමෙන් පසු ව තම දකුණු උරහිස ආවරණය කර මකාම් ඉබ්‍රාහීම් දෙසට
وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى
තේරුම: ඉබ්‍රාහීම්ගේ ස්ථානය සලාතය ඉටු කරන ස්ථානයක් ලෙස ගන්න (අල්-කුර්ආන් 2:125 ආයතයේ සඳහන්) වදන පවසා ගමන් කරයි.
· අනතුරුව පහසුකමක් ඇත්නම් මකාම් ඉබ්‍රාහීම් නම් ස්ථානයට පසුපසින් සිට සැහැල්ලුවෙන් රකආත් දෙකක් සලාතය ඉටු කරයි. ආරම්භක රකආතයේ සූරතුල් ෆාතිහාවට පසුව අල්-කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනා කිරීම ද දෙවන රකආතයේ ද සූරතුල් ෆාතිහාවට පසුව අල්-කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනය කිරීම ද සුන්නාහ්වකි. පසුව සලාම් දුන් පසුව හැරී යයි.
මෙම රකආත් දෙකින් පසුව ප්‍රාර්ථනා කිරීම දහම් ගත නොවූවකි. එමෙන්ම මකාම් ඉබ්‍රාහීම් නම් ස්ථානයේ ප්‍රාර්ථනාවේ නියළීම සම්බන්ධයෙන් කිසිදු මූලාශ්‍රයක් නොමැත. කවරෙකු නබි තුමාගේ සුන්නාහ්වට පටහැණිව ක්‍රියා කරන්නේ ද ඔහු බිද්ආහි වැටෙනු ඇත.
· සලාතය ඉටු කිරීමෙන් පසුව පහසුකමක් ඇත්නම් හජරුල් අස්වද් නම් ස්ථානය වෙත ගොස් එය ස්පර්ශ කිරීම සුන්නාහ්වකි.
· පසුව සෆා වෙතට ගමන් කරයි. එයට සමීපව පැමිණි විට එක් වරක් අල්-කුර්ආන් 2:158 වැනි වැකිය පාරායනය කිරීම සුන්නාහ්වකි.
إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا وَمَنْ تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللهَ شَاكِرٌ عَلِيمٌ
සැබැවින්ම සෆා හා මර්වා අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි. එබැවින් කවරෙකු එම ගෘහය වෙත හජ් හෝ උම්රා ඉටු කළේද ඒ දෙක පැදකුණු කිරීම ඔහු කෙරෙහි වරදක් නොමැත. කවරෙකු අමතර යහපතක් කළේ ද සැබැවින්ම අල්ලාහ් (ඒ ගැන) කෘතඥපූර්වකය. සර්වඥානීය.
තවදුරටත් ..
أَبْدَأُ بِمَا بَدَأَ اللهُ بِهِ