ණය මුදලින් zසකාත් නිකුත් කිරීමේ ක්‍රමය.
1. යමෙකු ධනවතෙකුට ලබා දුන් ණයක් ඇත්නම් එම ණය ඔහු ලබා ගත් පසු ගෙවී ගිය කාලය වෙනුවෙන් zසකාත් නිකුත් කළ යුතු වෙයි. නමුත් මෙහි දී වඩාත් උචිත වන්නේ ණය ලබන්නට පෙරාතුවම zසකාත් ලබා දීමයි. යමෙකු දුප්පතෙකුට හෝ ණය ගෙවීමට අපහසු කෙනෙකුට ණයක් ලබා දී ඇත්නම් එය තමන් සතු කර ගත් පසුව වසරකට පමණක් zසකාත් ලබා දිය යුතු වේ.
2. යමෙකු විසින් ලබා දුන් ණයක් ණය ගැත්තා විසින් එය පියවීමට නොහැකි විටක සකාත්හි චේතනාවෙන් අතහැර දැමීම සුදුසු නොවේ. වෙනත් කිසිවෙකු විසින් ණයක් ලබා දී ඇත්නම් එය එහි අයිතිකරුට ලබා දෙන තුරු එහි zසකාත් ලබා දීමේ වගකීම ඔහු සතු වෙයි.
මහර් සකාත් වශයෙන් නිකුත් කිරීමේ ක්‍රමය.
මහර් යනු කාන්තාවකට විවාහයකදී විවාහ ත්‍යාගයක් වශයෙන් පිරිනැමෙන වස්තුවයි. එය සෙසු වස්තූන් මෙන්මය.
1. ඇය එය සතු කර ගත් පසු එහි නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ද සම්පූර්ණ වී ඇත්නම් එයින් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් ඇය විසින් නිකුත් කළ යුතු වේ.
2. කාන්තාවකට ඇයගේ මහරය ණයක ආකාරයෙන් පසු ගෙවුම් කරනු ලබන්නේ නම් එහි දී කරුණු දෙකක් සැලකිල්ලට ගනු ලැබේ.
ඇයගේ ස්වාමි පුරුෂයා ධනවතෙකු නම් එමෙන්ම තම පොරොන්දු ඉටු කරන්නෙකු නම් පසු ගෙවනු ලබන මහර් හි zසකාත් නිකුත් කිරීම ඇය වෙත අනිවාර්යය වනු ඇත. තම ස්වාමි පුරුෂයා වත්පොහොසත්කමින් අඩු නම් එවිට තම මහර් තමන් සතු කර ගත් පසු එක් වසරකට පමණක් zසකාත් නිකුත් කළ යුතු වේ.
3. කාන්තාවක් ඇය සතු මහර් ලබා ගත් පසු ඇයගේ ස්වාමි පුරුෂයා අඹුසැමි ඇසුරෙහි නියැළීමට පෙර ඇයව දික්කසාද කළේ නම්, එවිට ලබා ගත් මහ්ර් හි නිසාබ් ප්‍රමාණය ද ලැබ වසරක් ද පූර්ණ වූ විට ඇයට මහර් ප්‍රමාණයෙන් අඩක් සතු වන බැවින් එම මහර් ප්‍රමාණයෙන් අඩක් ගණන් බලා zසකාත් නිකුත් කළ යුතු වේ. තම ස්වාමි පුරුෂයා ලබන අනෙක් කොටසට zසකාත් ලබා දිය යුතු වන්නේ ඔහු විසිනි.
කෙනෙකුට නිර්ණය නොකරන ලද වස්තුවෙහි නීති රීති.
කෙනෙකුට නිර්ණය නොකරන ලද වස්තුවක් එය තමන් සතු කරගන්නා තුරු zසකාත් නිකුත් කිරීමක් නැත. එමෙන්ම ඉඩමක කොටසක් හෝ බූදලයක් වැනි තමන්ට ලැබිය යුතු වස්තුවක් ඇති නමුත් එය ලබා ගත් නොහැකි තත්ත්වයක් උදාවී ඇත්නම් එය ද ඔහු සන්තකයට පත්වන තුරු සකාත් නිකුත් කිරීමක් නැත. තමන් සන්තකයට පත්වුණ පසු එදින සිට එයට නව වසරක් ආරම්භ වන අතර එතැන් පටන් zසකාත් නිකුත් කිරීම ඇරඹේ. හේතුව එය තමන් සතු වීමට පෙර කිසිදු ගනු දෙනුවක් සිදු නොවුනු බැවිනි.
zසකාත් ලබා නොදෙන්නාට සතු දඬුවම
1. නිසාබ් ප්‍රමාණය පූර්ණ වන තරමට යමෙකුට වස්තුව ඇත්නම් ඔහු එයින් zසකාත් ලැබිය යුත්තන්ට එය නිකුත් කරීම අනිවාර්යය වේ.
2. කවරෙකු zසකාත් හි නීති රීති දැන දැනම එහි අනිවාර්යය භාවය ප්‍රතික්ෂේප කරමින් එයින් වැළකී සිටින්නේ ද ඔහු දේව ප්‍රතික්ෂේපකයෙකු බවට පත් වෙයි. ඔහුගෙන් එය ගනු ලැබේ. ඔහු පශ්චාත්තාප වී නොහැරුණේ නම් ඔහුට මරණීය දඬුවම දෙනු ලැබේ. හේතුව ඔහු තම දහම ප්‍රතික්ෂේප කරන්නෙකු වූ බැවිනි. නමුත් ඔහු මසුරුකම හේතුවෙන් එයින් වැළකී සිටින්නේ නම් ඔහු ප්‍රතික්ෂේපකයෙකු නොවේ. ඔහුගෙන් සකාත් ගනු ලැබේ. ඔහුගේ ධනයෙන් කොටසක් ලබා ඔහුට අවවාද කරනු ලැබේ. එසේ zසකාත් නිකුත් නොකිරීම අපරාධයකි. මසුරුකමකි. අවශ්‍යතාවන්ගෙන් පෙළෙන්නන්ට හිමි ධනය අනුභව කිරීමකි. දුගියන් සතු දෙයකි. එබැවින් zසකාත් නිකුත් කිරීමේ හැකියාව තිබී එය ඉටු නොකරන සෑම කෙනෙකුටම වේදනීය දඬුවම් ඇති බව අල්ලාහ් පොරොන්දු වෙයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا إِنَّ كَثِيرًا مِنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ (34) يَوْمَ يُحْمَى عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ هَذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِزُونَ (35)
34. ඔවුන් රන් හා රිදී අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකර පොදි බැඳගත්තවුන්ය. ඔවුනට වේදනීය දඩුවම පිළිබඳව ශුභාරංචි පවසවු.
35. ඒවා නිරා ගින්නෙහි උණු කරනු ලබනු දින එමගින් ඔවුන්ගේ නළල් මත ද ඔවුන්ගේ ඇක පෙදෙස් මත ද ඔවුන්ගේ පිටවල් මත ද හංවඩු ගසනු ලැබේ. මෙය නුඹලා වෙනුවෙන් නුඹලා පොදි බැඳගත් දෑය. එබැවින් නුඹලා පොඳි බැඳ ගනිමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිවු.
(සූරා අත්-තව්බා : 34,35)
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آَتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌّ لَهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (180)
180. අල්ලාහ් ඔහුගේ වරප්‍රසාදයෙන් තමන් හට පිරිනැමූ දෑ පිළිබඳව මසුරු වන්නන් එය තමන් හට යහපත් යැයි නොසිතිය යුතුමය. එසේ නොව එය ඔවුනට හානිදායකය. (මළවුන් කෙරෙන්) නැගිටු වනු ලබන දිනයේ ඔවුන් කවර දෙයක් කෙරෙහි මසුරු වූයේ ද එය ඔවුන්ගේ ගෙල වටා දමනු ලැබේ. අහස් හි හා මිහිතලයෙහි උරුමයන් අල්ලාහ් සතුය. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය. (අල්-කුර්ආන් 3:180)
عَنْ أَبِي ذَرٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالَّذِي نَفْسِي بِيَدِهِ أَوْ وَالَّذِي لَا إِلَهَ غَيْرُهُ أَوْ كَمَا حَلَفَ مَا مِنْ رَجُلٍ تَكُونُ لَهُ إِبِلٌ أَوْ بَقَرٌ أَوْ غَنَمٌ لَا يُؤَدِّي حَقَّهَا إِلَّا أُتِيَ بِهَا يَوْمَ الْقِيَامَةِ أَعْظَمَ مَا تَكُونُ وَأَسْمَنَهُ تَطَؤُهُ بِأَخْفَافِهَا وَتَنْطَحُهُ بِقُرُونِهَا كُلَّمَا جَازَتْ أُخْرَاهَا رُدَّتْ عَلَيْهِ أُولَاهَا حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ
නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරයි.
මාගේ ආත්මය කවුරුන් සතුවේ ද ඔහු මත දිවුරමින් නැතිනම් නැමදුමට සුදුස්සා ඔහු හැර වෙනත් කිසිවෙකු නොවන අය මත දිවුරමින් - එසේත් නොමැතිනම් යම් කිසි දිවුරුමක් මත දිවුරා - කිසියම් මිනිසෙකුට ඔටුවන් හෝ ගවයින් හෝ එළුවන් තිබී ඒවායෙහි වගකීම ඉටු නොකරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඒවා සිටි තත්ත්වයට වඩා පෘෂ්ටිමත්ව හා විශාලව ගෙන එනු ලබයි. උන් උන්ගේ කුර මගින් ඔහුව පාගා දමා උන්ගේ අං මගින් ඔහුට අනිනු ඇත. උන් හැරී යන සෑම මොහොතකම තවත් කණ්ඩායමක් ගෙන එනු ලැබ මුල් වතාව මෙන්ම ඔහු සමඟ කටයුතු කරයි. මෙසේ ජනයා අතර ඔහු විනිශ්චය කරනු ලබන තෙක් සිදු වනු ඇත. (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ آتَاهُ اللَّهُ مَالًا فَلَمْ يُؤَدِّ زَكَاتَهُ مُثِّلَ لَهُ مَالُهُ شُجَاعًا أَقْرَعَ لَهُ زَبِيبَتَانِ يُطَوَّقُهُ يَوْمَ الْقِيَامَةِ يَأْخُذُ بِلِهْزِمَتَيْهِ يَعْنِي بِشِدْقَيْهِ يَقُولُ أَنَا مَالُكَ أَنَا كَنْزُكَ ثُمَّ تَلَا هَذِهِ الْآيَةَ
{ وَلَا يَحْسِبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمْ اللَّهُ مِنْ فَضْلِهِ }
අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ් කවරෙකුට වස්තුව පිරිනමා එහි නියම වූ zසකාතය ඉටු නොකරන්නේ ද ඔහුගේ එම ධනය ඔහු වෙත මුඩු හිසෙහි මිදි ගෙඩි තරම් වූ ඇස්දෙකක් ඇති විෂකුරු දළදෙකක් ඇති නාගයෙකු බවට පත් කරනු ලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ඔහුට එය බරක් වෙයි ඌ ඔහුව උගේ කට තුළ ගිල ගනී. පසුව මෙසේ ප්‍රකාශ කරයි. නුඹේ වස්තුව මම වෙමි තවද නුඹේ බූදලය ද මම වෙමි යැයි පවසා මෙම ආයතය පාරායනා කර පෙන්වූහ.
وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آَتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌّ لَهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (180)
180. අල්ලාහ් ඔහුගේ වරප්‍රසාදයෙන් තමන් හට පිරිනැමූ දෑ පිළිබඳව මසුරු වන්නන් එය තමන් හට යහපත් යැයි නොසිතිය යුතුමය. එසේ නොව එය ඔවුනට හානිදායකය. (මළවුන් කෙරෙන්) නැගිටු වනු ලබන දිනයේ ඔවුන් කවර දෙයක් කෙරෙහි මසුරු වූයේ ද එය ඔවුන්ගේ ගෙල වටා දමනු ලැබේ. අහස් හි හා මිහිතලයෙහි උරුමයන් අල්ලාහ් සතුය. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්තය. (අල්-කුර්ආන් 3:180)
(මූලාශ්‍රය : බුහාරි)
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا مِنْ صَاحِبِ كَنْزٍ لَا يُؤَدِّي زَكَاتَهُ إِلَّا أُحْمِيَ عَلَيْهِ فِي نَارِ جَهَنَّمَ فَيُجْعَلُ صَفَائِحَ فَيُكْوَى بِهَا جَنْبَاهُ وَجَبِينُهُ حَتَّى يَحْكُمَ اللَّهُ بَيْنَ عِبَادِهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ
අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
වස්තුව ඇති කවර හෝ කෙනෙකු එහි සකාතය ඉටු නොකළේ නම් ඔහු වෙත නිරා ගින්නෙහි රත් කරනු ලැබ, පාත්‍රයක් සාදනු ලැබ එමගින් ඔහුගේ ඉණ දෙපස ද ඔහුගේ නළල ද මදිනු ලැබේ. අවුරුදු පනස් දහසක ප්‍රමාණයකින් යුත් දිනක අල්ලාහ් තම ගැත්තන් අතර විනිශ්චය කරන තෙක් මෙසේ සිදුවෙමින් පවතී.
(මූලාශ්‍රය : මුස්ලිම්l
5. අමතර සදකාවන්
අමතර සදකාවන් යනු අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙමින් තම ධනය සෙසු අයට ලබා දී උපකාර කිරීමය.
සදකාවන් විවිධාකාරය
ඒවායින් සමහරක් නම් යහපත් වදනින් කතා කිරීම මුදලින් දානමාන කිරීම වැනි දෑ වේ. මෙහි දී සාකච්ඡා කෙරෙන්නේ මුදලින් දානමාන කිරීම පිළිබඳවය.
සදාකව දහම් ගත කිරීමේ යථාර්ථය.
මුදල් යහපත් දෑ සඳහා වියදම් කරන මෙන් ද දුබලයින්ට කරුණාව දැක්වීමට දිරිගන්වන මෙන් ද දුගියන් සමඟ සමසේ කටයුතු කරන මෙන් ද තමන් ඉපැයූ දැයින් කොටසක් ඔවුනටත් ලබා දෙන මෙන් ද ඔවුන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන මෙන් ද වියදම් කිරීම උපකාර කිරීම වැනි නබි වරුන්ගේ ගති ලක්ෂණ පිළිපදිමින් යහගුණයෙන් වැඩෙන මෙන් ද ඉස්ලාම් මිනිසාට ඇරයුම් කර සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
لَيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِأَنْفُسِكُمْ وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ (272)
(නබිවරයාණනි,) ඔවුන්ව යහමඟ යැවීම නුඹට වගකීමක් නොවෙයි. නමුත් අල්ලාහ් තමා අභිමත කළ අයව යහමඟ යවයි. යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහු ද එය නුඹලාටමය. අල්ලාහ්ගේ මුහුණ (තෘප්තිය) අපේක්ෂාවෙන් මිස නුඹලා වියදම් නොකරන්නෙහුය. යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහු ද නුඹලාට එය පූර්ණව යළි ගෙවනු ලැබේ. තවද නුඹලාට අපරාධ සිදු කරනු නොලබන්නෙහුය. (අල්-බකරා: 272)
සදකාවෙහි නීති රීති
පුද්ගලයෙකුගේ වියදම හා තමන්ගෙන් යැපෙන්නන්ගේ වියදමට අමතරව යමක් ඇත්නම් සදකා ලබා දීම සුන්නාවකි.
පොදුවේ සෑම කාලයකම සදකා ලබා දීම සුන්නාවක් වන අතර ඇතැම් මාසයන් හා අවස්ථාවන් වලදී එය වඩා උචිත සුන්නාවක් වෙයි.
උචිත මාසයන් වනුයේ රමළාන් දුල් හිජ්ජා වැනි විශේෂ මාසයන්ය.
උචිත අවස්ථාවන් වනුයේ නියගය සාගින්න ආපදා වැනි අවස්ථාවන්ය.
නිරෝගීව සිටින විට දෙනු ලබන සදකාවට වඩා රෝගාතුරව සිටින විට දෙනු ලබන සදකාව ඉතා උතුම්ය. දුෂ්කරත්වයේ සිටින විට දෙනු ලබන සදකාවට වඩා සැපවත්ව සිටින අවස්ථාවේ දෙනු ලබන සදකාව ඉතා උතුම්ය. එමෙන්ම එය සිදු විය යුත්තේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් පමණකි.
وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا (8) إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا (9)
9. ඔවුහු (අල්ලාහ් කෙරෙහි වූ ආදරය නිසා) එය (ආහාරය) කෙරෙහි ප්‍රිය මනාපයක් තිබුණ ද දුගියාට ද අනාථයාට ද සිරකරුවාට ද ආහාර සපයති. 10. අප නුඹලාට ආහාර සපයනුයේ අල්ලාහ්ගේ මුහුණ (තෘප්තිය) වෙනුවෙන්මය. නුඹලාගෙන් කිසිදු ප්‍රතිලාභයක් හෝ කිසිදු කෘතඥතාවක් හෝ අපේක්ෂා නොකරන්නෙමු. (අද්-දහ්ර් 76: 8,9)
විශේෂයෙන් ක්‍රෝධයෙන් පසුවන ඥාතීන්ට සදකා ලබා දීම වඩාත් උතුම් වෙයි.
සදකා ලබා දීමේ මහිමය
1. අල්ලාහ් මෙසේ පවසයි.
الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (274)
කවරෙකු රාත්‍රියෙහි ද දහවලෙහි ද තමන්ගේ ධනය රහසිගතව හා ප්‍රසිද්ධියේ (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නේ ද ඔවුනට තම පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට බියක් නැත. තවද ඔවුහු දුක් වන්නෝ ද නොවෙති. (අල්-බකරා: 274)
2.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ تَصَدَّقَ بِعَدْلِ تَمْرَةٍ مِنْ كَسْبٍ طَيِّبٍ وَلَا يَقْبَلُ اللَّهُ إِلَّا الطَّيِّبَ وَإِنَّ اللَّهَ يَتَقَبَّلُهَا بِيَمِينِهِ ثُمَّ يُرَبِّيهَا لِصَاحِبِهِ كَمَا يُرَبِّي أَحَدُكُمْ فَلُوَّهُ حَتَّى تَكُونَ مِثْلَ الْجَبَلِ
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ් පිවිතුරු දෑ මිස වෙන කිසිවක් පිළි නොගනී. එවන් තත්ත්වයක කවරෙකු පිවිතුරු ලෙස උපයාගත් දැයින් රට ඉදි මල්ලක් පරිත්‍යාග කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් එය තම දකුණතින් භාර ගෙන පසුව නුඹලා අතුරින් කෙනෙකු තම කඩතොලු ගොඩ ගසනවාක් මෙන් එය කන්දක් තරමට පත් වන තෙක් එහි හිමියාට ගොඩ ගසයි.
عَنْ جَابِرٍ رضي الله عنه قَالَ : أَعْتَقَ رَجُلٌ مِنْ بَنِي عُذْرَةَ عَبْدًا لَهُ عَنْ دُبُرٍ فَبَلَغَ ذَلِكَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَلَكَ مَالٌ غَيْرُهُ فَقَالَ لَا فَقَالَ مَنْ يَشْتَرِيهِ مِنِّي فَاشْتَرَاهُ نُعَيْمُ بْنُ عَبْدِ اللَّهِ الْعَدَوِيُّ بِثَمَانِ مِائَةِ دِرْهَمٍ فَجَاءَ بِهَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَفَعَهَا إِلَيْهِ ثُمَّ قَالَ ابْدَأْ بِنَفْسِكَ فَتَصَدَّقْ عَلَيْهَا فَإِنْ فَضَلَ شَيْءٌ فَلِأَهْلِكَ فَإِنْ فَضَلَ عَنْ أَهْلِكَ شَيْءٌ فَلِذِي قَرَابَتِكَ فَإِنْ فَضَلَ عَنْ ذِي قَرَابَتِكَ شَيْءٌ فَهَكَذَا وَهَكَذَا يَقُولُ فَبَيْنَ يَدَيْكَ وَعَنْ يَمِينِكَ وَعَنْ شِمَالِكَ رواه المسلم
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
බනූ උස්රා ගෝත්‍රෙයේ පුද්ගලයෙකු තමන් සතු වහලෙකු තමන්ගේ මරණයෙන් පසු නිදහස් කිරීමට ප්‍රතිඥා දුනි. මේ පිළිබඳව අල්ලාහ්ගේ දූතයාණන්ට දැන ගන්නට ලැබිණ. එවිට එතුමාණෝ ඔබට මේ හැර වෙනත් වස්තුවක් නැත්තේ දැයි විමසූහ. ඔහු නැතැයි පිළිතුරු දුන්නේය. පසුව මගෙන් මොහුව මිලට ගන්නේ කවුරුන්දැයි (ජනයාගෙන්) විමසා සිටියහ. පසුව නුඅයිම් ඉබ්නු අබ්දුල්ලාහ් නමැත්තා දිර්හම් අටසීයයකට ඔහුව මිල දී ගත්තේය. අල්ලාහ්ගේ දූතයාණෝ එය රැගෙන අයිතිකරුට භාර දුන්හ. අනතුරුව මෙසේ ප්‍රකාශ කර සිටියහ. ප්‍රථමයෙන්ම (මෙය වියදම් කිරීමට) ඔබෙන් ආරම්භ කරන්න. පසුව ඒ කෙරෙහි වූ පරිත්‍යාගයේ (වගකීම) ඉටු කරන්න. එයින් යමක් ඉතුරු වූයේ නම් එය ඔබගේ පවුල වෙනුවෙනි. ඔබේ පවුලට ලබා දුන් පසුව ද ඉතිරි වූයේ නම් ඔබගේ ඥාතීන් වෙනුවෙනි. ඔබගේ ඥාතීන් වෙනුවෙන් ලබා දුන් පසුව ද යමක් ඉතිරි වූයේ නම් ඔබ ඉදිරියේ සිටින ඔබ දකුණතින් සිටින ඔබගේ වමතින් සිටින මේ මේ අය වෙනුවෙනි යැයි පවසා සිටියහ. (මුලාශ්‍රය මුස්ලිම්)
උතුම්ම සදකාවන්
1. عن ابي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ خَيْرُ الصَّدَقَةِ مَا كَانَ عَنْ ظَهْرِ غِنًى وَابْدَأْ بِمَنْ تَعُولُ (أخرجه البخاري)
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
උතුම්ම සදකාව (පරිත්‍යාගය) වනුයේ තම අවශ්‍යතාවට අමතරව ඇති දැයින් ලබා දෙන සදකාවයි. එය ඔබ ඥාතීන්ගෙන් ආරම්භ කරන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය බුහාරි)
2. عَنْ أَبِي هُرَيْرَةَ أَنَّهُ قَالَ يَا رَسُولَ اللَّهِ أَيُّ الصَّدَقَةِ أَفْضَلُ قَالَ جُهْدُ الْمُقِلِّ وَابْدَأْ بِمَنْ تَعُولُ (اخرجه احمد وابو داود)
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණනි, කවර සදකාවක් උතුම් වන්නේ දැයි ඔහු විසින් විමසා සිටීය. එයට එතුමාණෝ, සුළු මුදලක් ඇති තත්ත්වයේ කරන පරිත්‍යාගයයි. එය ඔබ ඥාතී වන්නන්ගෙන් ආරම්භ කරන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ.
කාන්තාවක් ඇයගේ ස්වාමි පුරුෂයාගේ නිවසින් යමක් පරිත්‍යාග කිරීමේ නීති රීති.
ඇය විසින් ලබා දෙන්නා වූ පරිත්‍යාගය පිළිබඳව තම ස්වාමි පුරුෂයාගේ පිළි ගැනීමක් ඇති බව ඇය දැන ගත්තී නම් එසේ පරිත්‍යාග කිරීමට ඇයට අනුමැතිය ඇත. එවිට ඇයට ලැබෙන කුසලින් අඩක් හිමි වෙයි. නමුත් තම ස්වාමි පුරුෂයා එය පිළි නොගන්නා තත්ත්වයක එසේ පරිත්‍යාග කිරීම හරාම් තහනම් වෙයි.
තම ස්වාමි පුරුෂයා හෝ තම භාරකරු විසින් පරිත්‍යාගයන් ලබා දීමට අවසර දී ඇත්නම් එවිට ඇය විසින් කරන පරිත්‍යාගය වෙනුවෙන් ඔවුන්ට ලැබෙන කුසල් මෙන් සමාන කුසලක් ඇයට ද ලැබේ.
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවියට සකාත් ලබා දීමේ නීති රීති
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට zසකාත් හෝ අමතර සදකාවන් ලබා දීම අනුමත නොවෙයි. එමෙන්ම බනූ හාෂිම් ගෝත්‍රයට හෝ එහි ප්‍රධානීන්ට zසකාත් ලබා දීම අනුමත නොවන අතර ඔවුන් දුගියන් නම් ඔවුනට අමතර සදකාවන් ලබා දීම අනුමත වේ.
තව්බා නම් පශ්චාත්තාප වන අවස්ථාවේ ලබා දෙන්නා වූ සදකාවේ නීති රීති
පශ්චාත්තාපයේ නියැළෙන අවස්ථාවේ දී තමන්ට හැකි පමණින් සදකාවක් පිරිනැමීම සතුටු දායකය.
عَنْ كَعْبِ بْنُ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّ مِنْ تَوْبَتِي أَنْ أَنْخَلِعَ مِنْ مَالِي صَدَقَةً إِلَى اللَّهِ وَإِلَى رَسُولهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ أَمْسِكْ عَلَيْكَ بَعْضَ مَالِكَ فَهُوَ خَيْرٌ لَكَ قُلْتُ فَإِنِّي أُمْسِكُ سَهْمِي الَّذِي بِخَيْبَرَ (متفق عليه)
කඅබ් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණනි, මාගේ පශ්චාත්තාපය හේතුවෙන් අල්ලාහ් හා ඔහුගේ රසූල් වෙනුවෙන් මාගේ වස්තුවෙන් සදකාවක් මුදා හරින්නදැයි විමසුවෙමි. (එවිට එතුමාණෝ) ඔබේ වස්තුවෙන් සමහරක් ඔබ සමඟ තබාගන්න. එය ඔබට යහපත් වේවි. කයිබර් දින ලැබූ මාගේ කොටස මා සමඟ රඳවා ගත්තෙමියි පැවසීය. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
දේව ප්‍රතික්ෂේපකයින් කෙරෙහි zසකාත් පිරිනැමීම.
ඉස්ලාම් විරෝධී සටන්කාමි දේව ප්‍රතික්ෂේපකයින් හැර සෙසු අය සඳහා සදකාවන් ලබා දිය හැකිය. එය ඔවුන්ගේ හදවත් තුළ ඉස්ලාමය කෙරෙහි ආදරය ඇති වීමටත් ඔවුන්ගේ කුසගින්න නිවා දැමීමට හේතු වෙයි. එමෙන්ම එසේ ලබා දෙන්නාට ද කුසල් හිමි වේ. මිනිසුන් හෝ සතුන් අතුරින් තෙත් වූ හදවත් ඇති කවරෙකුට හෝ වේවා ඒ වෙනුවෙන් කරන (පරිත්‍යාග වෙනුවෙන්) කුසල් ඇත.
යාචකයාට පරිත්‍යාග කිරීමේ නීති රීති
යාචකයාට අවශ්‍ය දෑ පිරි නැමීම නබි තුමාණන්ගේ මඟ පෙන්වීමයි. එමෙන්ම එය තමන්ට හැකි පමණින් සුළුවෙන් හෝ එසේ පරිත්‍යාග කිරීම ද සුන්නාහ්වකි.
عَنْ أُمِّ بُجَيْدٍ رضي الله عنها قَالَتْ: يَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْكَ إِنَّ الْمِسْكِينَ لَيَقُومُ عَلَى بَابِي فَمَا أَجِدُ لَهُ شَيْئًا أُعْطِيهِ إِيَّاهُ فَقَالَ لَهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنْ لَمْ تَجِدِي لَهُ شَيْئًا تُعْطِينَهُ إِيَّاهُ إِلَّا ظِلْفًا مُحْرَقًا فَادْفَعِيهِ إِلَيْهِ فِي يَدِهِ (أخرجه ابوا داود والترمذي)
උම්මු බුජෙයිද් (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. ඇය අල්ලාහ්ගේ දූතයාණනි, (මට කියා දීම) ඔබ කෙරෙහි වූ වගකීමකි. සැබැවින්ම දුගියෙකු මාගේ දොරකඩ සිටගෙනම සිටියි. ඔහුට මා යමක් පිරිනැමීමට මා සතුව කිසිවක් නොමැත. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ ඇයට මෙසේ ප්‍රකාශ කළහ. ඔහු වෙනුවෙන් (පිරි නැමීමට) පිලිස්සූ කුරයක් හැර වෙන කිසිවක් ඔබ නොලැබුවේ නම් එය වුව ද ඔහුගේ අතට පිරිනමන්න. (මූලාශ්‍රය අබූ දාවූද්, තිර්මිදි)
කිසිදු අවශ්‍යතාවයකින් තොරව යාචනය කිරීමේ නීති රීති
1. عَن ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا يَزَالُ الرَّجُلُ يَسْأَلُ النَّاسَ حَتَّى يَأْتِيَ يَوْمَ الْقِيَامَةِ لَيْسَ فِي وَجْهِهِ مُزْعَةُ لَحْمٍ (متفق عليه)
ඉබ්නු උමර් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී. පුද්ගලයෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා මිනිසුන්ගෙන් යාචනය කරමින්ම සිටියි. එදින ඔහුගේ මුහුණෙහි කිසිදු මස් කැබැල්ලක් හෝ දැකිය නොහැකි වේ. (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)
2. عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ سَأَلَ النَّاسَ أَمْوَالَهُمْ تَكَثُّرًا فَإِنَّمَا يَسْأَلُ جَمْرًا فَلْيَسْتَقِلَّ أَوْ لِيَسْتَكْثِرْ (اخرجه مسلم)
අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. ජනයින්ගෙන් කවරෙකු ඔවුන්ගේ වස්තුවෙන් අධික වශයෙන් ඉල්ලා සිටින්නේ ද ඔහු එසේ අයැද සිටින්නේ ගිනි අඟුරුය. එබැවින් ඔහු එය අඩු කර ගනිත්වා! නැතිනම් වැඩි කර ගනිත්වා.! (මූලාශ්‍රය මුස්ලිම්)
ඉල්ලා සිටීමට අනුමත අය කවුරුන් ද?
පාලකයාගෙන් ඉල්ලා සිටීමට අවසර ඇති අතර යම් දුෂ්කරත්වකට මුහුණ පෑ අවස්ථාවක හෝ වසංගතයක් ඇති වූ විටක හෝ යම් ව්‍යසනයක් ඇති වූ විටක හෝ අනතුරුව ඒ සඳහා මුහුණ දීමට තමන්ට අවශ්‍ය වන දෑ නොමැත්තේ නම් එසේ ඉල්ලා සිටීමට අනුමැතිය ඇත. ඒ හැර වෙනත් දෑ වෙනුවෙන් ඉල්ලා සිටීම නීත්‍යනුකූල නොවන්නකි.
عَنْ سَمُرَةَ رضي الله عنه عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ الْمَسَائِلُ كُدُوحٌ يَكْدَحُ بِهَا الرَّجُلُ وَجْهَهُ فَمَنْ شَاءَ أَبْقَى عَلَى وَجْهِهِ وَمَنْ شَاءَ تَرَكَ إِلَّا أَنْ يَسْأَلَ الرَّجُلُ ذَا سُلْطَانٍ أَوْ فِي أَمْرٍ لَا يَجِدُ مِنْهُ بُدًّا (أخرجه احمد وابو داود)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සමුරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ඉල්ලා සිටීම මිනිසෙකු තම මුහුණ එමගින් පාරා ගන්නා පාරා ගැනීමකි. කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම මුහුණෙහි එය තබා ගනිත්වා! කවරෙකු අභිමත කරන්නේ ද එය අත් හරිත්වා! එසේ නොමැතිනම් මිනිසෙකු පාලකයෙකුගෙන් හෝ අවශ්‍ය කාර්යයක දී හෝ ඉල්ලා සිටිත්වා! (මූලාශ්‍රය අහ්මද් අබූ දාවූද්)
සදකාවන් අධිකව ලබා දීමේ මහිමය.
යහපත් කටයුතු වලදී තම වස්තුව අධික වශයෙන් වියදම් කිරීම නබි තුමාණන් පෙන්වා දුන් මඟ වෙයි. එමගින් තම වස්තුව රක්ෂණය වීමටත් එය සංවර්ධනය වීමටත් දුගී දුප්පතුන්ගේ අවශ්‍යතාවන් සපුරාලීමටත් කුසල් හා තිළිණ වැඩි වීමටත් නබි වරුන්ගේ චරිතා ගුණාංග තමන් තුළ වඩවා ගැනීමටත් හේතු වේ.
1. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.
مَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنْبُلَةٍ مِئَةُ حَبَّةٍ وَاللَّهُ يُضَاعِفُ لِمَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ (261)
අල්ලාහ්ගේ මාර්ගයේ තමන්ගේ සම්පත් වියදම් කරන අයට උපමාව ධාන්‍ය ඇටයක උපමාව වැනිය. එය කරල් හතක් වැඩෙන්නට සලස්වයි. සෑම කරලකම ඇට සියයක් බැගින් ඇත. අල්ලාහ් තමා අභිමත කරන අයට කිහිප ගුණයකින් වැඩි කර දෙන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය සර්වඥය. (අල්-කුර්ආන් 2:261)
2. عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَا مِنْ يَوْمٍ يُصْبِحُ الْعِبَادُ فِيهِ إِلَّا مَلَكَانِ يَنْزِلَانِ فَيَقُولُ أَحَدُهُمَا اللَّهُمَّ أَعْطِ مُنْفِقًا خَلَفًا وَيَقُولُ الْآخَرُ اللَّهُمَّ أَعْطِ مُمْسِكًا تَلَفًا
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ගැත්තන් අවදි වන සෑම දිනකම මලක්වරුන් දෙදෙනෙකු පහළ වනු මිස නැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු යා අල්ලාහ් වියදම් කරන්නාට පසුවටත් පිරිනමනු මැනව! යැයි ද ඔවුන් දෙදෙනාගෙන් අනෙකා යා අල්ලාහ් වළක්වන්නාට විනාශය පිරිනමනු මැනව!යි ද ප්‍රර්ථනා කරයි. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
ආදේශ කරන්නෙකු ඉස්ලාමය වැළද ගත්තේ නම් ඉස්ලාමයට පෙර ඔහු විසින් ලබා දුන් පරිත්‍යාගයන් වලට කුසල් ඇත.
عَنْ حَكِيمِ بْنِ حِزَامٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ أَشْيَاءَ كُنْتُ أَتَحَنَّثُ بِهَا فِي الْجَاهِلِيَّةِ مِنْ صَدَقَةٍ أَوْ عَتَاقَةٍ وَصِلَةِ رَحِمٍ فَهَلْ فِيهَا مِنْ أَجْرٍ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَسْلَمْتَ عَلَى مَا سَلَفَ مِنْ خَيْرٍ
හකීබ් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණනි, අඥාන යුගයේ සදකාවන් වහලුන් නිදහස් කිරීම් හා ඥාති සම්බන්ධකම් පවත්වා ගෙන යෑම වැනි මා කරමින් සිටි දෑ පිළිබඳව ඔබ කුමක් සිතන්නෙහි ද? ඒවායෙහි කුසල් තිබේ දැයි විමසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ යහපත් දැයින් ගෙවී ගිය දෑ පිළිගත් තත්ත්වයෙහි ඔබ ඉස්ලාමය පිළිගත්තෙහිය යැයි ප්‍රකාශ කළහ.
සදකා ලබා දීමේ විනය.
1. පිවිතුරු චේතනාවෙන් එනම් අල්ලාහ්ගේ තෘප්තිය බලපොරොත්තුවෙන් පමණක් එය ලබා දීම. පීඩාකාරී අයුරින් ලබා දීම හෝ මූණිච්චාවට හෝ අහංකාර කමින් ලබා දීමෙන් වැළකිය යුතු වේ.
عنْ عُمَرِ بْنَ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ عَلَى الْمِنْبَرِ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّاتِ وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى
අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව උමර් බින් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
සියලු ක්‍රියාවන්ට කුසල් ලැබෙනුයේ චේතනාවන් අනුවය. සෑම කෙනෙකුටම ඔහු පතන දෑ හිමි වේ. (මූලාශ්‍රය: බුහාරි)
2. පිවිතුරු ලෙස අනුමත කළ පරිදි උපයා ගත් දැයින් පරිත්‍යාග කිරීම. අල්ලාහ් පිවිතුරු දෑ මිස වෙනෙකක් පිළිනොගනියි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا أَنْفِقُوا مِنْ طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُمْ مِنَ الْأَرْضِ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ وَلَسْتُمْ بِآَخِذِيهِ إِلَّا أَنْ تُغْمِضُوا فِيهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ (267)
විශ්වාස කළවුනි, නුඹලා උපයා ගත් යහපත් දැයින් ද මිහිතලයෙන් අප නුඹලාට හට ගැන් වූ දැයින් ද නුඹලා වියදම් කරවු. එයින් අප්‍රසන්න දෑ වියදම් කිරීමට අපේක්ෂා නොකරවු. (එවැනි අප්‍රසන්න දෙයක් නුඹලාට ප්‍රදානය කළ විට) නුඹලා එයට දෑස් පියා ගත් තත්ත්වයෙන් මිස නුඹලා එය පිළිගන්නන් වශයෙන් නොවෙත්. තවද දැනගනිවු. සැබැවින්ම අල්ලාහ් සර්ව සම්පූර්ණය සර්ව ප්‍රශංසාලාභීය. (අල්-කුර්ආන් 2: 267)
3. වස්තුවෙන් යහපත් හා තමන් ඇලුම් කරන දැයින් සදකා නිකුත් කිරීම
لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ (92)
නුඹලා ප්‍රිය කරන දැයින් නුඹලා වියදම් කරන තෙක් නුඹලා යහපත නොලබන්නේමය. යමක් නුඹලා වියදම් කරන්නේ නම් සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥය. (අල්-කුර්ආන් 3:92)
4. තමන් පරිත්‍යාග කළ දැයින් අධිකව ලැබිය යුතු යැයි නොසිතීමත් එය දැක පුදුමයට පත්වීමෙන් වැළකී සිටීමත්.
وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ (6)
අධිකව ලැබීමේ බලාපොරොත්තුවෙන් උපකාර නොකරවු.
(අල්-කුර්ආන් 74:6)
5. කළ පරිත්‍යාගය පිළිබඳව කියාපෑම හෝ එමගින් කෙනෙකුව පීඩනයට පත් කිරීම වැනි සදකාව නිෂ්ඵල කරන දැයින් අවවාදයෙන් සිටීම.
يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآَخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لَا يَقْدِرُونَ عَلَى شَيْءٍ مِمَّا كَسَبُوا وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ (264)
විශ්වාස කළවුනි, අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නොකරමින් (තමන් දානපතියා යැයි සෙසු) ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිස තම ධනය වියදම් කරන්නෙකු මෙන් කියාපෑමෙන් හා රිදවීමෙන් නුඹලාගේ සදකාවන් (පරිත්‍යාගයන්) නිෂ්ඵල කර නොගනිවු. ඔහුට උපමාව ගල් පර්වතයක උපමාවක් වැනිය. ඒ මත පස් ඇත. එයට තද වර්ෂාව පතිත වී (පස් ඉවත් වී) මුඩු ගලක් බවට එය අත හැර දමන්නේය. ඔවුන් උපයා ගත් දැයින් කිසිවක් (කිරීම) කෙරෙහි ඔවුහු හැකියාව නොලබති. ප්‍රතික්ෂේප කරන පිරිසට අල්ලාහ් යහමඟ නොපෙන්වන්නේය. (අල්-කුර්ආන් 2: 264)
6. රහසිගත ලෙසින් පරිත්‍යාගයන් ලබා දීම හා ප්‍රසිද්ධියේ යමක් පරිත්‍යාග කිරීම සුභවාදී සිතන අවස්ථාවක පමණක් එය ප්‍රසිද්ධියේ ලබා දීම.
إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (271)
271. සදකාවන් නුඹලා ප්‍රසිද්ධව කරන්නේ නම් එය හොඳය. තවද නුඹලා ඒවා රහසිගතව සඟවා ඒවා දුගියන්ට ලබා දෙන්නේ නම් එය නුඹලාට ඉතා යහපතය. තවද එය නුඹලාගේ සමහර පාපයන්ට නුඹලාට වන්දියක් වනු ඇත. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තයා වෙයි. (අල්-කුර්ආන් 2: 271)
7. සිනාමුසු මුහුණින් පිවිතුරු සිතින් එය ලබා දීම. තමන් කෙරෙහි පැවරුණු අනිවාර්යය වගකීම ඉටු කිරීමෙන් තෘප්තියට පත් වීම.
عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَتَاكُمْ الْمُصَدِّقُ فَلْيَصْدُرْ عَنْكُمْ وَهُوَ عَنْكُمْ رَاضٍ (اخرجه مسلم)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
නුඹලා වෙත සදකා ලබා දෙන්නෙකු පැමිණියා නම් ඔහු නුඹලා ගැන තෘත්තියට පත් වූ තත්ත්වයේ නුඹලාට එය නිකුත් කළ යුතු වේ. (මූලාශ්‍රය මුස්ලිම්)
8. තමන් ජීවත් ව සිටින කාලයේම සදකා නිකුත් කිරීම සඳහා යුහුසුළු වීම. එය නැතිබැරි උදවියට ලබා දීම. මෙහි දී සෙසු අයට වඩා අවශ්‍යතාවන්ගෙන් පෙළෙන ඥාතීන්ට මුල් තැන දීම වැදගත් වේ. එය සදකාවක් පමණක් නොව ඥාතී සම්බන්ධතා ගොඩනැගීමක් ද වෙයි.
1.
وَأَنْفِقُوا مِنْ مَا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ أَحَدَكُمُ الْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَا أَخَّرْتَنِي إِلَى أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُنْ مِنَ الصَّالِحِينَ (10)
නුඹලා අතුරින් කෙනෙකුට මරණය පැමිණීමට පෙර අප නුඹලාට දායාද කළ දැයින් නුඹලා වියදම් කරවු. එ(ම මරණය පැමිණි)විට මාගේ පරමාධිපතියාණනි, සුළු මොහොතකට මාව ප්‍රමාද නොකරන්නේ ද? (එසේ ප්‍රමාද කළේ නම්) මම දන් දී සැදැහැමියන්ගෙන් කෙනෙකු වන්නෙමි යැයි ඔහු පවසයි. (අල්-කුර්ආන් 63:10)
2.
وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (75)
අල්ලාහ්ගේ ලේඛනය පරිදි ලේ ඥාතීන් සමහරුන්ගෙන් තවත් සමහරු සුදුස්සන් වෙති. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානීය. (අල්-කුර්ආන් 7:75)