සකාත් ගෙවීම
මුහම්මද් ඉබ්න් ඉබ්රාහීම් ඉබ්න් අබ්දුල්ලාහ්
අෂ් ෂෙය්ක් මාහිර් රම්ඩීන්
සියලු ප්‍රශංසා අල්ලාහ් සතුයි. ශාන්තිය හා සමාදානය අප නායක මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් වෙත හිමි වේවා.
ඉස්ලාමීය නීති රීති පිළිබඳව සිංහලෙන් කෘතියක් සකස් කර දෙන මෙන් බොහෝ දෙනා මගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව
මුහම්මද් ඉබ්නු ඉබ්‍රාහීම ඉබ්නු අබ්දිල්ලාහ් යන අය විසින් අරාබි බසින් රචිත මුක්තසර් අල්-ෆික්හුල් ඉස්ලාමී යන කෘතියෙන් උපුටාගෙන මෙය සකාත් නම් පාඩමෙහි අනුමාතෘකාවක් වූ සකාත් හි නීතිරීති යන මාතෘකාව යටතේ සිංහලට පරිවර්තනය කර ඇත්තෙමි.
ඉන්ෂා අල්ලාහ් සිංහල පාඨකයින්ගේ ඉස්ලාමීය නීති රීති පිළිබඳ අවබෝධය ලබා දීම පිණිස මින් ඉදිරියටත් මෙම කෘතියේ අඩංගු කරුණු පරිවර්තනය කිරීමට මම බලාපොරොත්තු වෙමි. එබැවින් මේ කළ කුඩා උත්සාහය අල්ලාහ් පිළිගෙන, මෙම කෘතිය සම්පූර්ණයෙන් පරිවර්තනය කොට නිමා කිරීමට අල්ලාහ් මා හට උදව් කරත්වා.
අල්ලාහ්ගේ ආශිර්වාදය පතන ඔහුගේ ගැත්තකු වන
මව්ලවි මාහිර් ටී.ඩී රම්ඩීන්.
إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَابْنِ السَّبِيلِ فَرِيضَةً مِنَ اللَّهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ (60)
සැබැවින්ම සදකාත් (නම් zසකාත් බදු) හිමිවනුයේ දුඟියන්ට ද දුප්පතුන්ට ද ඒ කෙරෙහි වූ සේවාදායකයින්ට ද තම හදවත් (ඉස්ලාමය වෙත) ළැදියාවට පත්වූවන්ට ද වහලුන් කෙරෙහි ද ණයගැතියන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි ද මගියන්ට ද වේ. (මෙය) අල්ලාහ්ගෙන් වූ නියෝගයක් වශයෙනි. තවද අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්තය. (අත්-තව්බා: 60)
zසකාත් - ශුද්ධකාරක බද්ද
1. zසකාත් හි නීති රීති.
zසකාත් යනු : වර්ධනය වැඩීම යන අරුත් දෙයි. එමෙන්ම තමන් සතු නියමිත වස්තුව නියමිත පිරිසකට නියමිත වේලාවක නිකුත් කිරීම තුළින් අල්ලාහ්ට කරන නැමදුමකි.
zසකාත්හි වර්ග
අල්ලාහ් zසකාතය වර්ග තුනකට බෙදා දක්වා ඇත.
පළමුව: තම වස්තූන්හි අනිවාර්ය කරන ලද සකාත් එය වස්තු හතරකට අනිවාර්යය වෙයි.
1. රන් රිදී හා මුදල්.
2. ගොවිපළ සතුන් (ඔටු, එළු හා හරක්)
3. ධාන්‍ය පලතුරු නිධන් හා ලෝහ වැනි මහපොළොවෙන් නිකුත් වන දෑ
4. ව්‍යාපාරික භාණ්ඩ
දෙවනුව: තම වගකීමෙහි අනිවාර්යය කරන ලද zසකාත්. එනම් එය සෑම මුස්ලිම්වරයෙකු කෙරෙහි රමළාන් මස අවසානයේ අනිවාර්ය වන zසකාත් අල්-ෆිත්ර් වේ.
තුන්වැන්න: නබිතුමාණන් පොදුවේ කළ දානමානයන් එනම් අල්ලාහ්ගේ කුසල් අධික කර ගැනීමේ අපේක්ෂාවෙන් මුස්ලිම්වරයෙකු විසින් වෙනත් කෙනෙකුට යහපත උදෙසා ලබා දෙන දෑ. එය සදකා නම් වේ.
සදකා නම් යෙදුම පොදුවේ zසකාතයටත් භාවිත කෙරී ඇත. සිද්ක් යනු සත්‍යතාවයි. එබැවින් එය නිකුත් කරන්නාගේ විශ්වාසයේ සත්‍යතාව නිරූපණය කරවන්නක් වශයෙන් මෙම යෙදුම භාවිත කර ඇත.
අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටියි.
آَمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَأَنْفِقُوا مِمَّا جَعَلَكُمْ مُسْتَخْلَفِينَ فِيهِ فَالَّذِينَ آَمَنُوا مِنْكُمْ وَأَنْفَقُوا لَهُمْ أَجْرٌ كَبِيرٌ (7)
අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාව විශ්වාස කරවු. තවද කවර දෙයක් විෂයෙහි නුඹලාව නියෝජිතයින් බවට පත් කළේ ද එයින් නුඹලා විය හියදම් කරවු. එබැවින් නුඹලා අතුරින් විශ්වාස කළවුන් ද (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කළවුන් ද ඔවුනට මහත් වූ ප්‍රතිඵල ඇත. (අල්-හදීද් 57:7)
නැමදුම් විවිධාකාර වීමේ යථාර්ථය
විවිධාකාර නැමදුම් අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි ආගමානුගත කර ඇත.
ඒ අතුරින් ගැත්තෙකු තම මැවුම් කරුවා සමඟ සම්බන්ධකම් ඇති කර ගන්නා සලාතය වැනි ශරීරය හා සම්බන්ධ නැමදුම් ද ඇත. ඔහු එහි අල්ලාහ්ව ශ්‍රේෂ්ටත්වයට පත් කරයි. ඔහුට ප්‍රශංසා කරයි. ඔහුගෙන් ඉල්ලීම් කරයි. ඔහුගෙන් පාපක්ෂමාව ඇයැද සිටියි.
එමෙන්ම zසකාත් සදකා වැනි තමන්ට ප්‍රියමනාප වස්තුව වියදම් කිරීම හා සම්බන්ධ නැමදුම් ද
හජ් හා ජිහාද් වැනි තම ශරීරය හා මුදල් කැප කිරීම හා සම්බන්ධ නැමදුම් ද
උපවාසය වැනි තම ආශාවන් හා ප්‍රියමනාප දැයින් තමන්ව වළක්වා ගැනීම හා සම්බන්ධ නැමදුම් ද ඇත.
ගැත්තෙකු තම ආශාවන්ට වහල් වීමට වඩා ඔහුගේ පරමාධිපතිට අවනත වීමේ කාර්යයන්හි කෙතරම් දුරට පෙරමුණ ගන්නේ දැයි පරීක්ෂා කිරීම පිණිසත් සෑම කෙනෙකුම අවනත වීමේ දී හා නැමදුම් ඉටු කිරීමෙහි දී තමන්ට පහසු දෑ හා තමන්ට සරිලන දෑ තෝරා ගෙන ක්‍රියා කිරීම පිණිසත් අල්ලාහ් විවිධාකාර නැමදුම් වර්ග කර ඇත.
لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ (92)
නුඹලා ප්‍රිය කරන දැයින් නුඹලා වියදම් කරන තෙක් නුඹලා යහපත නොලබන්නෙහුමය. යමක් නුඹලා වියදම් කරන්නේ නම් සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥය. (ආලු ඉම්රාන් 3:92)
පුද්ගලයෙකුට තම වස්තුව ප්‍රයෝජනවත් වීම සඳහා වූ කොන්දේසි
පුද්ගලයෙකුට තම වස්තුව ප්‍රයෝජනවත් විය යුතු නම් එහි කොන්දේසි තුනක් සම්පූර්ණ වී තිබිය යුතුය.
1. වස්තුව හලාල් එනම් අනුමත අයුරින් උපයා තිබිය යුතුයි.
2. වස්තුව ඉපැයීමේ දී අල්ලාහ්ට හා රසූල්ට අවනත වීමේ කාර්යයන්ගෙන් තමන්ව දුරස් නොකළ යුතුයි.
3. වස්තුවෙහි අල්ලාහ්ට හිමි වගකීම ඉටු කළ යුතුයි.
zසකාත් අනිවාර්ය කරන ලද කාල වකවානුව
මක්කාහ් සමයේ මෙය අනිවාර්යය කරනු ලැබූ අතර එහි ප්‍රමාණය හා නිකුත් කළ යුතු වස්තූන් පිළිබඳව විග්‍රහයත් එය ලබන්නන් පිළිබඳව විග්‍රහයත් හිජ්රි 2 වන වර්ෂයේ මදීනාහ්වේ සිදු විය.
සකාත්හි නීතිය
ෂහාදා කලිමාව හා සලාතයට පසු ඉස්ලාමයේ වගකීම් අතුරින් ඉතා වැදගත් කොට සැලකෙන්නේ zසකාතයයි. ඉස්ලාමයේ වගකීම් අතුරින් එය තුන්වැනි වගකීමය.
අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටියි.
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (103)
ඔවුන්ගේ වස්තුවෙන් zසකාත් ලබා ගනිවු. එමගින් නුඹ ඔවුන්ව පිවිතුරු කරවවු. තවද පාරිශුද්ධියට පත් කරවු. ඔවුනට ප්‍රාර්ථනා කරවු. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්වඥානීය. (තව්බාහ් 9:103)
وعن بْنِ عُمَرَ رضي الله عنهما قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : إنَّ الإسْلاَمَ بُنِيَ عَلَى خَمْسٍ شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ وصِيَامِ رمضانَ وَحَجِّ الْبَيْتِ متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. ‘‘සැබැවින්ම ඉස්ලාම් ලා ඉලාහ ඉල්ලල්ලාහ් නම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට සාක්ෂි දැරීම සලාතය ස්ථාපනය කිරීම සකාත් ලබා දීම රමළානයේ උපවාස ශීලය රැකීම අල්ලාහ්ගේ නිවස වෙත හජ් ඉටු කිරීම යන කරුණු පහ මත ගොඩ නැගී ඇත. (මූලාශ්‍රය : බුහාරි මුස්ලිම්)
zසකාත් දහම් ගත කිරීමේ යථාර්ථය
1. zසකාත් ගැනීමේ අරමුණ වස්තුව රැස් කොට දුගියන්ටත් අවශ්‍ය අයටත් පිරිනැමීම පමණක් නොව එහි මූලික අරමුණ වනුයේ මිනිසා වස්තුවේ ස්වාමියා බවට පත් කර ඔහු කිසිවිටක එයට වහල් නොවනු පිණිස ඉස්ලාමය මිනිසාව වස්තුව පිළිබඳව වූ තණ්හාවෙන් ඉවත් කර ඔහුව උසස් කරවීමයි. මෙහි දී zසකාත් පිරිනමන්නා හා එය ලබන්නා පවිත්‍ර වෙයි. එමෙන් ම ඔවුන් දෙදෙනා අල්ලාහ් සමඟ වෙනත් අය සම්බන්ධ කර ගැනීමෙන් ද පිරිසිදු වෙයි.
2. zසකාත් දෙස බාහිර ඇසින් බලන්නේ නම් එය වස්තුව අඩු වීමක් ලෙස පෙනුණ ද එහි බලපෑම වස්තුවෙහි වර්ධනයකි. අභිවෘද්ධියකි. එහි ප්‍රමාණය අධික කිරීමකි. එමෙන්ම zසකාත් දෙන පුද්ගලයාගේ හදවතෙහි ඊමානය වර්ධනය කොට ඔහුගේ ගුණ යහපත් බව අධික කරවන්නකි.
එය කැපකිරීමකි. පරිත්‍යාගයකි. තම වස්තුවට වඩා තමන් ඇලුම් කරන්නාගේ තෘප්තිය වෙනුවෙන් ප්‍රියමනාප දෙයක් තවත් කෙනෙකුට පිරිනැමීමකි. එනම් එය පාරිශුද්ධ අල්ලාහ්ගේ තෘප්තියයි. ඔහුගේ ස්වර්ගයයි.
3. zසකාත් තමන් කළ වැරදි සඳහා වන්දියක් වෙයි. එමෙන්ම ස්වර්ගයට පිවිසීමටත් නිරයෙන් ආරක්ෂා වීමටත් හේතුවක් වෙයි.
4. zසකාතය මසුරුකම ලෝභකම වැනි පහත් ගතිගුණ වලින් තම ආත්මය පිරිසිදු කරවයි. එය පොහොසතුන් හා දුප්පතුන් අතර සම්බන්ධතා ඇති කරවන ශක්තිමත් පාලමකි.
5. zසකාතය එය ඉටු කරන්නාගේ යහ ප්‍රතිඵල වර්ධනය කරයි. තම ධනය එමගින් සුරැකෙයි. එය ඵලදාව වැඩි කරවයි. එය වර්ධනය වෙයි. එය සමෘද්ධිමත් වෙයි. එමෙන්ම දුගී දුප්පතුන්ගේ අවශ්‍යතාවන් සපුරාලයි. සොරකම මංකොල්ලය කප්පම වැනි මුදල්මය සම්බන්ධ අපරාධ වළක්වාලයි.
වස්තුව හිමි තැනැත්තා කවුරුන් ද?
ඉස්ලාමය අනුව අල්ලාහ් ඒකීයය. වස්තුවට සැබෑ හිමිකරුවා ඔහුමය යන ස්ථාවර පදනම මත වස්තුව පවති.
මිනිසාට හිමි විය යුතු දෑ සැලසුම් කර ලබා දීමේ වරම ඇත්තේ අල්ලාහ්ට පමණි. ඒ අනුව වස්තුව හිමිකර දීමත් එය සීමා කරීමත් එය නිර්ණය කිරීමත් එය ලැබිය යුත්තන් එය ඉපැයීමේ හා වියදම් කිරීමේ මාර්ග පැහැදිලි කිරීමත් අල්ලාහ් සතු වගකීමක් වෙයි.
සකාත්හි ප්‍රමාණයන්,
කෙනෙකු zසකාත් වශයෙන් නිකුත් කරන වස්තුව ඔහුගේ කැපවීම අනුව අල්ලාහ් නිර්ණය කර ඇත.
නිධන් වස්තූවෙන් (එනම් අඥාන යුගයේ ජනයා වළ දැමූ ස්ථාන වලින් කිසිදු කැපවීමකින් තොරව ලබා ගන්නා වස්තුවෙන්) පහෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්ය කරන ලදී. එනම් සියයට විස්සකි.
එක් අතකින් පමණක් තම කැපවීම සිදු වී ඇත්නම් එනම් කිසිදු වියදමකින් තොරව තම ශ්‍රමයෙන් පමණක් ගොවිතැනට ජලය සපයා ඇත්නම් එහි දී පහෙන් පංගුවෙන් අඩක් zසකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්ය කරන ලදී. එනම් සියයට දහයකි.
ශ්‍රමය හා වියදම යන කරුණු දෙකින්ම ඒ සඳහා තමන් කැප කර ඇත්නම් එනම් ගොවි බිමට තම ශ්‍රමයෙන් හා වියදමින් ජලය සපයා ඇත්නම් එවිට ඔහු සකාත් වශයෙන් නිකුත් කිරීමට අනිවාර්යය වනුයේ පහෙන් පංගුවෙන් හතරෙන් එකක් පමණි. එනම් සියයට 5කි.
මුදල් හා ව්‍යාපාරික භාණ්ඩ වැනි වසරක් පුරාවට අධික ලෙස ගනුදෙනු කෙරෙන එමෙන්ම එහි කැපවීම ද අධිකව පිහිටෙන වස්තුවෙන් පහෙන් පංගුවෙන් අටෙන් එකක ප්‍රමාණයක් සකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්ය වෙයි. එනම් සියයට 2.5කි.
zසකාත් ඉටු කිරීමේ මහිමය
1. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
إِنَّ الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَقَامُوا الصَّلَاةَ وَآَتَوُا الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (277)
සැබැවින්ම කවුරුන් විශ්වාස කොට යහකම් කර සලාතය ස්ථාපිත කර zසකාත් ලබා දෙන්නේ ද ඔවුනට ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත. තවද ඔවුනට (කිසිදු) බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නේ ද නැත. (අල්-බකරා: 277)
2. තවදුරටත් අල්ලාහ් මෙසේ පවසයි.
الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (274)
කවරෙකු රාත්‍රියෙහි ද දහවලෙහි ද තමන්ගේ ධනය රහසිගතව හා ප්‍රසිද්ධියේ (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නේ ද ඔවුනට තම පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට බියක් නැත. තවද ඔවුහු දුක්වන්නෝ ද නොවෙති. (අල්-බකරා: 274)
3. තවදුරටත් අල්ලාහ් මෙසේ පවසයි.
لَيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِأَنْفُسِكُمْ وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ (272)
(නබිවරයාණනි,) ඔවුන්ව යහමඟ යැවීම නුඹට වගකීමක් නොවෙයි. නමුත් අල්ලාහ් තමා අභිමත කළ අයව යහමඟ යවයි. යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහු ද එය නුඹලාටමය. අල්ලාහ්ගේ මුහුණ (තෘප්තිය) අපේක්ෂාවෙන් මිස නුඹලා වියදම් නොකරන්නෙහුය. යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහු ද නුඹලාට එය පූර්ණව යළි ගෙවනු ලැබේ. තවද නුඹලාට අපරාධයක් සිදු කරනු නොලබන්නෙහුය. (අල්-බකරා: 272)
zසකාත්හි කොන්දේසි
1. බාල, මහලු, කාන්තා පිරිමි, සිහිබුද්ධිය ඇති හා නැති යන අය කෙරෙහි සතු වස්තුව ස්ථාවරව තිබී එයින් zසකාත් නිකුත් කළ යුතු ප්‍රමාණය ද ලබා වසරක් සම්පූර්ණ වී ඇත්නම් එවන් වස්තුවෙන් zසකාත් නිකුත් කිරීම අනිවාර්ය වෙයි. එහි හිමිකරු මුස්ලිම්වරයෙකු හා නිදහස් පුද්ගලයෙකු විය යුතුයි.
ගොවිපළ සතුන්ගේ ප්‍රතිලාභ හා ව්‍යාපාරික ලාභයන් හි වසර ගණන් ගනුයේ එහි මූල ධනය නිසාබ් ප්‍රමාණය ලැබීමෙනි. මෙහි වසර ගණන් ගනුයේ හිජ්රි වර්ෂ ක්‍රමයටය.
2. zසකාත් මෙන්ම සෙසු ආගමික කටයුතු දේව ප්‍රතික්ෂේපකයෙකු මත අනිවාර්ය නොවෙයි. නමුත් ඒ ගැන කියාමත් නම් මළවුන්ගෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය කරනු ඇත. මෙලොව ජීවිතයේ දී ඔහුට එය අනිවාර්ය කරනු ලැබ නැත. ඔහු මුස්ලිම්වරයෙකු වනතුරු එය පිළිගනු ද නොලැබෙයි. එසේ පිළිගනු නොලබන්නේ එය නැමදුමක් හෙයිනි. දේව ප්‍රතික්ෂේපකයෙකුගේ ක්‍රියාවන් නිවැරදි නොවෙයි.
zසකාත් නිකුත් කිරීමේ දී වර්ෂයක් සම්පූර්ණ වීම කොන්දේසියක් බවට පත් නොවන දෑ
මහපොළොවෙන් බිහි වන දෑ ද ගොවිපළ සතුන්ගේ ප්‍රතිලාභ ද ව්‍යාපාරික ලාභයන් ද ඒවා zසකාත් නිකුත් කළ යුතු ප්‍රමාණය ලබන්නේ නම්, එහි zසකාත් ලබා දීම අනිවාර්ය වෙයි. වසරක් සම්පූර්ණ විය යුතුය යන කොන්දේසි පැනවෙන්නේ නැත. නිධන් වස්තු සම්බන්ධයෙන් නම් ඒවා සුළු වුව ද විශාල වුව ද zසකාත් ලබා දීම අනිවාර්ය වෙයි. එහි දී නිසාබ් ප්‍රමාණය හෝ වසරක් සම්පූර්ණ වීම හෝ අදාළ නොවෙයි.
වක්ෆ් වස්තුව සකාත් දීමේ නීතිය.
මස්ජිදයන් පාසල් රෝහල් සරණාගත කඳවුරු වැනි පොදු සුබ සාධක කටයුතු සඳහා වක්ෆ් කළ වස්තූන් හි සකාත් නිකුත් කිරීමක් නැත. එමෙන්ම පොදු යහපත උදෙසා වියදම් කිරීම පිණිස සූදානම් කරනු ලැබූ දෑ හි ද සකාත් නිකුත් කිරීමක් නැත. එය ද වක්ෆ් වස්තුව හා සමානය. තම දරුවන් වෙනුවෙන් තැන්පත් කර ඇති වස්තුව මෙන් නියමිත කරුණක් වෙනුවෙන් තැන්පත් කළ වස්තුවක් නම් zසකාත් අනිවාර්ය වෙයි.
ණය හිමියෙකුට zසකාත් අනිවාර්ය වන්නේ ද?
නිසාබ් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක තරම් ණයක් ඇති අය පොදුවේ සකාත් ලබා දීම අනිවාර්ය වෙයි. නමුත් zසකාත් අනිවාර්ය වීමට පෙර තමන් වෙත ගෙවීමට අනිවාර්යය වූ ණයක් ඇත්තා ඔහු ණය ගෙවීමේ තම වගකීම ඉටු කිරීම අනිවාර්ය වෙයි. අනතුරුව ඉතිරි වන දෑ zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වෙයි. එමගින් ඔහු තම වගකීමෙන් බැහැර වෙයි.
zසකාත් වශයෙන් නිකුත් කරනු ලබන වස්තූන්
zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය වනුයේ නියමිත වස්තුවෙහිය. ධාන්‍ය වෙනුවට ධාන්‍ය එළුවන් වෙනුවට එළුවන් මුදල් වෙනුවට මුදල් මෙයාකාරයෙන් එම නියමිත භාණ්ඩයෙන් zසකාත් ලබා දිය යුතුය. යම් අවශ්‍යතාවක් හෝ සුබසාධනය පිණිස හැර එය වෙනස් කිරීම සුදුසු නොවෙයි.
zසකාත් අනිවාර්ය නොවන වස්තූන්
පදිංචි නිවස ඇඳුම් පැලඳුම් ගේ දොර උපකරණ ගේ දොර සතුන් වාහන වැනි භුක්ති විඳීම සඳහා හෝ පරිහරණය කිරීම සඳහා ඇති භාණ්ඩ වලට zසකාත් අනිවාර්ය නොවෙයි.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَيْسَ عَلَى الْمُسْلِمِ فِي عَبْدِهِ وَلَا فَرَسِهِ صَدَقَةٌ (متفق عليه)
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි.
මුස්ලිම්වරයෙකුට තම වහලා හෝ තම අශ්වයා විෂයෙහි zසකාත් නොමැත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
zසකාත් හි නීතිය
zසකාත් නිකුත් කිරීමට අනිවාර්ය වන නිසාබ් ප්‍රමාණයේ තරමට මිනිසෙකු තම මුදල් රැස් කරගෙන සිටියේ නම් එම මුදලට වර්ෂයක් ගත වී ඇත්නම් එයට සකාත් අනිවාර්ය වෙයි. එය වියදම් කිරීමට හෝ විවාහයක් සිදු කිරීමට හෝ ඉඩමක් මිල දී ගැනීමට හෝ ණයක් පියවීමට හෝ එසේත් නැතිනම් වෙනත් යම් කරුණකට එක්රැස් කරගෙන තිබුණ ද එය අනිවාර්ය වෙයි.
කෙනෙකු zසකාත් අනිවාර්යය වූ තත්ත්වයේ එය නිකුත් නොකර සිටිය දී මරණයට පත් වූයේ නම් ඔහුගේ අන්තිම කැමැත්ත ඉටු කිරීමට හා දේපොළ බෙදීමට පෙර ඔහු අතහැර ගිය දේපළින් උරුමක්කරුවන් විසින් ඔහු වෙත පැවරී තිබුණු zසකාත් ලබා දිය යුතු වෙයි.
වර්ෂයක අතරවාරයේ නිසාබ් ප්‍රමාණය අඩු වූ විට හෝ ඔහු එම වස්තුව විකුණූ විට හෝ වර්ෂය සම්පූර්ණ වීම අත්හිටවනු ඇත. නමුත් zසකාත් නිකුත් කිරීමෙන් මිදීමට එසේ නොකළ යුතුයි. එම වස්තුව වෙනත් දෙයකට වෙනස් කළේ නම් ඒ අනුව වර්ෂය ගණනය කළ යුතුය.
zසකාත් හා ණය යන දෙකම අනිවාර්යය වූ තත්ත්වයක මුස්ලිම්වරයෙකු මරණයට පත් වූ විටක ඔහු අතහැර ගිය වස්තුව ඒවා ඉටු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන්නේ නම් ඔහු වෙනුවෙන් පැවරුණු zසකාතය නිකුත් කළ යුතුයි. හේතුව zසකාත් ලැබිය යුතු උදවියට එය අනිවාර්ය කළ අල්ලාහ්ගේ වගකීමක් නිසාවෙනි. එය ඉටු කිරීමට ඉතා සුදුස්සා වන්නේ අල්ලාහ්ය. පසුව ඔහුගේ ණය පියවීමට උත්සාහ දැරිය යුතුයි.
2. zසකාත්හි වර්ග
1. මුදල් හා සම්බන්ධ zසකාත්
රන් හා රිදී වල සකාත්හි නීතිය.
රන් හා රිදී ඒවා කාසි වුව ද ආභරණ වුව ද කුට්ටි වුව ද ගොඩක් වුව ද ඒවා zසකාත් නිකුත් කිරීමට තරම් ප්‍රමාණයෙන් වී නම් ද වසරක් සම්පූර්ණ වී ඇත්නම් ද ඒවායෙහි zසකාත් නිකුත් කිරීම අනිවාර්ය වෙයි.
1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا إِنَّ كَثِيرًا مِنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ (34) يَوْمَ يُحْمَى عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ هَذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِزُونَ (35)
34. ඔවුන් රන් හා රිදී අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකර පොදි බැඳගත්තවුන්ය. ඔවුනට වේදනීය දඩුවම පිළිබඳව ශුභාරංචි පවසවු.
35. ඒවා නිරා ගින්නෙහි උණු කරනු ලබනු දින එමගින් ඔවුන්ගේ නළල් මත ද ඔවුන්ගේ ඇක පෙදෙස් මත ද ඔවුන්ගේ පිටවල් මත ද හංවඩු ගසනු ලැබේ. මෙය නුඹලා වෙනුවෙන් නුඹලා පොදි බැඳගත් දෑය. එබැවින් නුඹලා පොඳි බැඳ ගනිමින් සිටි දෑ නුඹලා භුක්ති විඳිවු.
(සූරා අත්-තව්බා : 34,35)
2. عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَيْسَ فِيمَا دُونَ خَمْسَةِ أَوَاقٍ صَدَقَةٌ وَلَيْسَ فِيمَا دُونَ خَمْسِ ذَوْدٍ صَدَقَةٌ وَلَيْسَ فِيمَا دُونَ خَمْسِ أوْسُقٍ صَدَقَةٌ (متفق عليه)
අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
අවාක් පහකට වඩා අඩු දෑහි සකාත් නැත. සවුද් පහකට වඩා අඩු දෑහි ද zසකාත් නැත. අවුසුක් පහකට වඩා අඩු දෑහි ද zසකාත් නැත. (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)
අවාක් යනු අවුන්සයකි. එක් අවුන්සයක් ග්‍රූම් 28.35.
දවුද් යනු තුනේ සිට නවය දක්වා වූ ඔටු දෙනුන් කණ්ඩායමයි.
අවුසුක් යනු කි.ග්‍රූම් 122.4
රන් වල නිසාබ් ප්‍රමාණය
රත්තරන් දීනාර් 20ක් හෝ ඊට වඩා ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් සකාත් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. එනම් 2 .5% කි.
දීනාර් හා මිස්කාල් යන මිනුම් ඒකක දෙක එක හා සමාන ප්‍රමාණයකින් යුක්තය. වර්තමානයේ එක් මිස්කාලයක් යනු ග්‍රූම් 4.25 කි. එනම් 20 x 4.25 = ග්‍රූම් 85 කි. දීනාර් 20ක් යනු රන් ග්‍රූම් 85කට සමාන වෙයි. එය රත්තරන් වල නිකුත් කළ යුතු zසකාත් හි අවම ප්‍රමාණයයි.
රිදී වල නිසාබ් ප්‍රමාණය
රිදී දිර්හම් 200 ක් හෝ ඊට වඩා ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. එනම් 2 .5% කි.
දිර්හම් 200 රිදී ග්‍රූම් 595කට සමාන වෙයි.
නිකුත් කළ යුතු නිසාබ් ප්‍රමාණය ගණන් ගැනීමේ දී රත්තරන් රිදී සමඟ සම්බන්ධ කළ නොහැක. නමුත් වෙළඳ භාණ්ඩ වල වටිනාකම රන් හෝ රිදී යන දෙකින් කුමක් හෝ එකකට සම්බන්ධ කළ හැක.
රන් හා රිදී සකාත් හි අවස්ථාවන්
රන් හා රිදී භාණ්ඩ නිර්මාණ කිරීමෙහි අවස්ථාවන් තුනක් දැක ගත හැකිය.
1. රන් හෝ රිදී භාණ්ඩ නිර්මාණය කිරීමේ අරමුණ වෙළඳ කටයුතු සඳහා නම් වෙළඳ භාණ්ඩයක් වශයෙන් සියයට දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතුයි. එය මිල කර පසු එහි වටිනාකම අනුව සකාත් නිකුත් කළ යුතුයි.
2. රන් හෝ රිදී භාණ්ඩ නිර්මාණය කිරීමේ අරමුණ භාජන පිහි හැදි කේතල වැනි භාණ්ඩ පරිහරණය කිරීමට නම් එසේ පරිහරණය කිරීම තහනම් වන අතර එහි නිකුත් කිරීමට නියමිත නිසාබ් ප්‍රමාණය ලැබ ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් සකාත් ලබා දීම අනිවාර්යය වෙයි.
3. රන් හෝ රිදී නිර්මාණය කිරීමේ අරමුණ අනුමත කළ භාවිතයකට හෝ කුලියට දීම හෝ වේ නම් එහි දී zසකාත් නොමැත.
මුදල් වල zසකාත් නිකුත් කිරීම
රුපියල් ඩොලර් රියාල් වැනි මුදල් වල නීතිය ද රන් හා රිදී වල නීතියට සමානය. එවිට ඒවායෙහි වටිනාකම මිල කර රන් හෝ රිදී යන කවර හෝ දෙයකට ආවේණික නිසාබ් ප්‍රමාණය ලැබී එය වර්ෂයක කාලයක් ගත වී ඇත්නම් එවිට එහි දී zසකාත් ලබා දීම අනිවාර්යය වෙයි. එහි zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය කරනු ලැබූ ප්‍රමාණය වන්නේ දහයෙන් එකෙන් හතරෙන් පංගුවකි.
මුදල් වල නිසාබ් ප්‍රමාණය තක්සේරු කිරීමේ ක්‍රමය.
මුදල් වල නිසාබ් ප්‍රමාණය රන් හෝ රිදී නිසාබ් ප්‍රමාණයට තක්සේරු කරනු ලැබේ. රිදී වල නිසාබ් ප්‍රමාණය තක්සේරු කිරීමේ දී ඉතා අල්ප බව කිසිඳු සැකයක් නැත. මෙය දුප්පතුන්ගේ කොටසයි. එබැවින් රිදී ප්‍රමාණයට තක්සේරු කිරීම ද අවශ්‍ය වේ.
එම මුදල් රන් වල අවම නිසාබ් ප්‍රමාණය ග්‍රූම් 85 ක් ලබා ඇත්නම් ඒ වටිනාකමට තක්සේරු කර zසකාත් නිකුත් කළ යුතුයි.
උදාහරණ වශයෙන් රන් ග්‍රූම් 1 ක මිල රුපියල් 5000 ක් යැයි සිතන්න. රන්වල අවම නිසාබ් ප්‍රමාණය ග්‍රූම් 85කි එනම් නිසාබ් හි අවම වටිනා කම වන්නේ
5000 x 85 = 425000 කි.
මෙහි දී දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් එනම් 2.5% සකාත් නිකුත් කළ යුතුයි. එසේ නම් ඔහු විසින් zසකාත් වශයෙන් නිකුත් කරනු ලබන මිල රුපියල් 10625 කි.
2. රිදී වල අවම නිසාබ් ප්‍රමාණය වන්නේ රිදී ග්‍රූම් 595කි.
උදාහරණ වශයෙන් රිදී ග්‍රූම් 1 ක මිල රුපියල් 80 ක් යැයි සිතන්න. රිදී වල අවම නිසාබ් ප්‍රමාණය ග්‍රූම් 595කි. එනම් රිදීවල නිසාබ් හි අවම මුදල්මය වටිනා කම වන්නේ
595 x 80 = රුපියල් 47600 කි.
මෙම ප්‍රමාණය කවරෙකු සතු වන්නේ ද මෙහි දී ඔහු දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් එනම් 2.5% සකාත් නිකුත් කළ යුතුයි. එනම් ඔහු විසින් නිකුත් කරනු ලබන මිල රුපියල් 1190 කි.
මුදල් වල zසකාත් නිකුත් කිරීමේ ක්‍රමය
මුදල් වලට zසකාත් නිකුත් කිරීම සඳහා ගණන් බැලෙන ක්‍රම දෙකක් ඇත. එනම්
1. නිසාබ් තත්ත්වය ලැබූ මුළු මුදල 40න් බෙදීමය. එනම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක ප්‍රමාණය නිකුත් කරනු ලැබේ. එය රන් රිදී හා ඒවාට ආවේණික දෑහි zසකාත් වල අනිවාර්ය නිසාබ් ප්‍රමාණය වේ.
උදාහරණ වශයෙන් කෙනෙකුට රුපියල් 3000000 ඇතැයි සිතමු. එවිට ඔහු zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය වූ ප්‍රමාණය වනුයේ.
3000000 ÷ 40 = 75000කි.
2. නිසාබ් තත්ත්වය ලැබූ මුළු මුදල 10න් බෙදා ලැබෙන පිළිතුර හතරෙන් බෙදීමය. එය zසකාත් අනිවාර්යය වීමේ ප්‍රමාණය ගණන් බලන දෙවන ක්‍රමයයි.
උදාහරණ වශයෙන් කෙනෙකුට ඉහත කී අයුරින් රුපියල් 3000000 ඇතැයි සිතමු. එවිට ඔහු zසකාත් නිකුත් කිරීමට අනිවාර්යය වූ ප්‍රමාණය වනුයේ.
3000000 ÷ 10 = 300000
300000 ÷ 4 = 75000කි.
ඉහත කී ක්‍රම දෙකින් කුමක් හෝ ක්‍රමයකට ගණන් බලා සකාත් නිකුත් කළ යුතු වෙයි.
භාවිත කිරීම සඳහා සූදානම් කරන ලද ආභරණ වල zසකාත්.
අලංකාරය සඳහා හෝ පරිහරණය හෝ භාවිතා කරන ලද කාන්තාවන්ගේ ආභරණවල zසකාත් නිකුත් කිරීමක් නැත. zසකාත් දහම් ගත කරනු ලැබ ඇත්තේ පරිහරණය නොකරන අමතර භාණඩ වලටය. එය සහනයක් ලබනු පිණිසය. එබැවින් පරිහරණය කිරීමට සෑදූ ආභරණ වලට zසකාත් නිකුත් කිරීමක් නැත.
zසකාත්හි පොදු නීතිය: පරිහරණය නොකරන සෑම වස්තුවකින්ම එහි අයිතිකරුගෙන් එය ලබා ගනු ඇත. එබැවින් පරිහරණය සඳහා ඇති භාණ්ඩ වලට zසකාත් නොමැත.
මුතු මැණික් සඳහා zසකාත් නිකුත් කිරීමේ නීතිය.
මුතු මැණික් හා වටිනා ගල් වැනි දෑ පරිහරණය හෝ පැලදීම සඳහා භාවිත වේ නම් එහි zසකාත් නිකුත් කිරීමක් නොමැත.
නමුත් ඒවා වෙළඳ කටයුතු සඳහා භාවිත කෙරේ නම්, එහි වටිනාකම රන් හෝ රිදී නිසාබ් ප්‍රමාණයට මිල කර එය නිසාබ් ප්‍රමාණය ලැබී වරසක් පූර්ණ වී ඇත්නම් එහි දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතුයි.
අල්ලාහ් මෙසේ පවසයි.