· අරෆාවෙහි සීමා මායිම්
බටහිරෙන් වාදී උරනා නම් ස්ථානය ද නැගෙනහිරෙන් අරෆා පිටිය දෙසට නෙරා ගිය ජිබාලුල් මුහීතා නම් කඳු වැටි ද උතුරින් වාදී උරනා සමඟ බැඳී ඇති වාදී වසීක් ද දකුණින් මස්ජිද් නමිරාවට දකුණින් කිලෝ මීටර එකහමාරක් පමණ දුරින් ද පිහිටා ඇත. අරෆාවෙ හි සීමාවන් පැහැදිලි කරමින් සංඥා පුවරු ඉදි කර ඇත. ඒ ගැන හජ් වන්දනාකරුවන් අවධානය යොමු කළ යුතුයි.
· හිරු මුදුණින් අවරට යන විට අරෆාවෙ හි මුල් කොටස වෙත ගමන් කරයි. එනම් අරෆාත් මස්ජිදය පිහිටා ඇති ස්ථානය වෙතටය. එම ස්ථානයේ (උරනා අභ්‍යන්තරයේ) කොණක ඉමාම් ජනයාට දේශනාවක් පවත්වයි. දැන් එය මස්ජිදය තුළ පැවැත්වේ.
පසුව මුඅද්දින් විසින් ලුහර් සලාතය සඳහා අදාන් පවසනු ලැබේ. පසුව ඉකාමත් පවසනු ලදුව ඉමාම් විසින් ලුහර් හා අසර් එක්කොට රකආත් දෙක බැගින් කෙටි කර ජනයාට සලාතය මෙහෙයවනු ලබයි. එක අදානයක් හා ඉකාමත් දෙකකින් ජම්උ තක්දීම් හෙවත් පෙරට ගෙන ඉටු කිරීමේ ක්‍රමයෙන් එම සලාතයන් දෙක එක් කරයි.
එසේ සලාතය ඉටු කිරීමට අපොහොසත් නම් පෙර කී පරිදි තමන් රැඳී සිටින ස්ථානයේම තම සගයින් සමඟ සමූහ වශයෙන් සලාතය ජම්උ හා කසර් කරමින් ඉටු කරයි.
· ඉමාම්ගේ දේශනාවට සවන් දීමත් පසුව අදාන් පැවසීමත් ඉන් පසු තම ස්ථානයන් හි සලාතය ඉටු කිරීමත් ඔවුනට සුන්නාහ්වක් වෙයි.
පසුව සලාතයෙන් පසු අරෆාත් දෙසට යෑමත් ජබලු අරෆා නම් කඳු අසල නැවතීමත් සුන්නාහ්වකි. මගියන්ට ඉඩ සැලසෙන පරිදි කිබ්ලාවට මුහුණලා සිටියි. කන්ඳ මතට නොනගියි. හේතුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එසේ සිදු කළේ නැත. කන්ද මත නගින්නැයි අණ කළේ ද නැත.
කදු පාමුල ඇති ගල් වැටි මත රැඳී සිට ඉතා යටහත් පහත්ව අල්ලාහ්ව මෙනෙහි කරයි. ඔහුව අමතයි. පාපක්ෂමාවේ නිරත වෙයි. දෙඅත් ඔසවා ප්‍රාර්ථනා කරයි. තල්බියා පවසයි. තහ්ලීල් පවසයි. වාහනයක නැග සිටිමින් ද පොළොවේ ඉඳගනිමින් ද එසේ රැඳී සිටිය හැක. නමුත් වඩාත් යෝග්‍ය වන්නේ ඔහුගේ හදවතට වඩාත් බැතිමත් එසේම සිතට තෘප්තිය ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමය.
අල්-කුර්ආන් හි හා සුන්නාහ්වෙ හි පැමිණි සාධක සහිත ප්‍රාර්ථනාවන් ද ඊට අදාළ තමන් කැමති ප්‍රාර්ථනාවන් ද අධිකව එහි අයදිනු ලැබේ. අධික වශයෙන් තමන් කළ පාපයන්ට පසුතැවිලි වීම, සමාව අයැදීම, තක්බීර් පැවසීම, තහ්ලීල් පැවසීම, අල්ලාහ්ට ප්‍රශංසා කිරීම, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට සලවාත් පැවසීම වැනි දෑ සිදු කරනු ලැබේ. එහි දී තම යටහත් භාවය අල්ලාහ්ට පිළිබිඹු කරයි. ප්‍රාර්ථනා කිරීමෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. තම ප්‍රාර්ථනාවට හිමි විය යුතු පිළිතුරු ගැන අනපේක්ෂිතව සිටිය නොයුතුයි. හිරු අවරට යන තෙක් මෙසේ අල්ලාහ් ව මෙනෙහි කරමින් ප්‍රාර්ථානවෙ හි නිරත වෙයි.
කඳු පාමුල ගල් වැටිය අසල සිටීමට ඔහුට පහසුකමක් නොමැති නම් අරෆාවෙ හි තමන් නවාතැන් ගත් ස්ථානයෙහි ම හෝ එම සීමාව තුළ කොතැනක හෝ රැඳී සිටිය හැක. උරනා අභ්‍යන්තර ප්‍රදේශය හැර අරෆා මුළුමණින්ම රැඳී සිටින ස්ථාන වේ.
· අරෆාවෙ හි රැඳී සිටින වේලාව
අරෆාවෙ හි රැඳී සිටීම අරෆා දින හිරු අවරට යෑමට පටන් ගෙන හිරු අවරට යන තෙක් වූ කාලය දක්වා වේ. නමුත් දහ වැනි දින රාත්‍රියේ අලුයම උදාව දක්වා එය පවතී. හිරු මුදුණින් අවරට යෑමට පෙර හෝ අරෆා දින රාත්‍රියේ හෝ අරෆා සීමාවට පිවිසියේ නම් එය අනුමතය. නමුත් සුන්නාහ්ව වනුයේ දහවල් කාලයට පසු පිවිසීමය. කවරෙකු හෝ අරෆාවෙ හි රාත්‍රියේ හෝ දහවලෙ හි මද වේලාවක් රැඳී සිටිය ද එය ප්‍රමාණවත් වෙයි.
රැඳී සිටීම යනු වාහනයක් මත හෝ පොළොවේ හෝ රැඳී සිටීමය. දෙපයින් නැගිට සිටීම මෙයින් අදහස් නොකෙරේ.
කවරෙකු හෝ අරෆාවෙහි දහවල් කාලයේ රැඳී සිට, පසුව හිරු බැස යාමට පෙර එය අත හැර දමා යන්නේ ද ඔහු අනිවාර්යය කටයුත්තක් පැහැර හැරියේය. එය අඥාන ජනයා හිරු බැස යෑමට පෙර ගමන් කළ අකාරයට සමාන වෙයි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ක්‍රියාවට ද පටහැණිය. එවිට ඔහු පාපියෙකු වෙයි. ඔහු පාපක්ෂමා අයැද සිටිය යුතුයි. ඔහුගේ හජ් වන්දනාව නිවැරදිය. නමුත් හජ් මබ්රූර් හෙවත් නියම හජ් වන්දනාවක් නොවනු ඇත.
عُرْوَةُ بْنُ مُضَرِّسٍ رضي الله عنه قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمُزْدَلِفَةِ حِينَ خَرَجَ إِلَى الصَّلَاةِِ فقُلْتُ : يَا رَسُولَ اللهِ اِنِّيْ جِئْتُ مِنْ جَبَلَيْ طَيِّئٍ أَكْلَلْتُ رَاحِلَتِي وَأَتْعَبْتُ نَفْسِي وَاللهِ مَا تَرَكْتُ مِنْ حَبْلٍ إِلَّا وَقَفْتُ عَلَيْهِ فَهَلْ لِي مِنْ حَجٍّ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ شَهِدَ صَلاَتَنَا هَذِهِ وَوَقَفَ مَعَنَا حَتَّى نَدْفَعَ، وَقَدْ وَقَفَ بِعَرَفَةَ قَبْلَ ذَلِكَ لَيْلًا أَوْ نَهَارًا فَقَدْ أَتَمَّ حَجُّهُ وَقَضَى تَفَثَهُ (أخرجه أبُوْ داود والترمذي)
උර්ව ඉබ්නු මුළර්රිස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මුස්දලිෆාවෙ හි සිටි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සලාතය වෙත පිට ව යන කල්හි මම එතුමාණන් වෙත පැමිණ
අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම තයි නම් ස්ථානයේ කඳු දෙක අතුරින් ඔබ වෙත පැමිණ ඇත්තෙමි. මාගේ වාහනය වෙහෙසට පත් විය. මම ද විඩාවට පත් වූයෙමි. අල්ලාහ් මත දිවුරා කියමි. මම වැලි කන්දක් දුටු විට එහි රැඳී නොසිටිමින් එය අත හැර දැමුවේ නැත. එබැවින් මට හජ් ලැබේවි ද?
එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කවරෙකු අපගේ මෙම සලාතයට සහභාගී වී අප පිටත් ව යන තෙක් අප සමඟ රැඳී සිටියේ ද එමෙන්ම ඊට පෙර අරෆාවෙ හි රාත්‍රි කාලයේ හෝ දහවල් කාලයේ රැඳී සිටියේ ද එවිට ඔහු ඔහුගේ හජ් සම්පූර්ණ කළේය. තවද ඔහුගේ නැමදුම ඔහු ඉටු කළේය. (මූලාශ්‍රය: අබූ දාවූද්, තිර්මිදි)
· අරෆා වෙහි සිට ජන ගඟ ගලා යෑමේ වේලාව
හිරු බැස ගිය විට අරෆාවෙ හි සිට මුස්දලිෆා දක්වා හජ් වන්දනාකරුවන් තල්බියා පවසමින් තහ්ලීල් පවසමින් තක්බීර් පවසමින් පිටත් ව යති. එවිට ඉවසීම හා ශාන්ත දාන්ත ලීලාව තමන් තුළ තිබිය යුතු වේ. තමන් විසින් හෝ තම වාහනයෙන් හෝ තදබදයක් ඇති නොකළ යුතුයි. අවස්ථාවක් ලැබුණු විට ඉක්මණින් යා යුතුයි.
පසුව මුස්දලිෆාවට පැමිණි විට මග්රිබ් සලාතයේ රකආත් තුන ද ඊෂා සලාතය කෙටි කරමින් එහි රකආත් දෙක ද එකම වේලාවේ ජම්උත් තඃහීර් හෙවත් පසුවට ගෙන යෑමේ ක්‍රමය පිළිපදිමින් එක අදානයක් හා ඉකාමත් දෙකකින් එම සලාතයන් ඉටු කරයි. එහි රාත්‍රිය ගත කරයි. තහජ්ජුද් විත්ර් සලාතයන් ද ඉටු කරයි. පසුව ෆජ්ර් වේලාව පැමිණි පසු එහි සුන්නත් සලාතය සමඟ ෆජ්ර් සලාතය ද ඉටු කරයි.
· මුස්දලිෆාවෙ හි සීමාව
බටහිරින් වාදි මුයස්සර් ද නැගෙනහිරින් මුෆීල් අල්මඃසිමයින් අල්-ඝරබී ද උතුරින් සබීර් කන්ද ද දකුණින් එයට මුහුණලා ඇති මුරීහිය්යාත් නම් කඳු වැටි ද වේ. මුස්දලිෆාවෙ හි සීමාවන් පැහැදිලි කරනු පිණිස සටහන් පුවරු එම ස්ථානයන් හි සිටවා ඇත. හජ් වන්දනාකරුවන් ඒ දෙස අවධානය යොමු කළ යුතුයි.
· මුස්දලිෆාවෙ හි රැඳී සිටීමේ වේලාව
හජ් වන්දනාකරු ෆජ්ර් සලාතය ඉටු කළ විට මෂ්අරිල් හරාම් වෙතට පැමිණෙයි. දැන් එය මුස්දලිෆා මස්ජිදය වේ. එහි කිබ්ලාවට මුහුණ ලා රැඳී සිට අහස කහ පැහැ ගැන්වෙන තුරු අල්ලාහ් ව මෙනෙහි කර ඔහුව ප්‍රශංසාවට ලක් කර ඔහුට තහ්ලීල් පවසා ඔහුට තක්බීර් පවසා තල්බියා පවසයි. ප්‍රවාහනිකව ද පොළොවේ සිට ද ප්‍රාර්ථනාවන් හි නිරත වෙති.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَإِذَا أَفَضْتُمْ مِنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِنْ كُنْتُمْ مِنْ قَبْلِهِ لَمِنَ الضَّالِّينَ
... අරෆාත් (නම් ස්ථානයෙ)හි සිට නුඹලා (ජන ගඟ අතුරින්) ගලා එන විට මෂ්අරිල් හරාම් (නම් ස්ථානයෙ)හි අල්ලාහ් ව සිහිපත් කර පවසවු. තවද මීට පෙර නුඹලා නොමඟ ගියවුන් අතරෙහි සිටි තත්ත්වයේ නුඹලාට යහමඟ පෙන්වා දුන් හෙයින් නුඹලා ඔහුව සිහිපත් කර පවසවු. (අල්-කුර්ආන් 2:198)
අල්-මෂ්අරිල් හරාම් වෙතට යෑමට පහසුකමක් නොමැති නම් මුස්දලිෆාව සම්පූර්ණයෙන්ම රැඳී සිටිය යුතු ස්ථානය බව අවධානයට ගන්න. එබැවින් අහස මැනවින් කහ පැහැ ගැන්වෙන තෙක් එම ස්ථානයේ සිටම කිබ්ලාවට මුහුණ ලා ප්‍රාර්ථනාවන් හි නිරත වන්න.
· මුස්දලිෆාවෙ හි සිට මිනාවට ගමන් කිරීමේ වේලාව
පසුව මුස්දලිෆාවෙහි සිට හිරු උදාවට පෙර මිනා වෙත ගමන් කරයි. එහිදී ද ඔහු ශාන්ත භාවය රැකිය යුතුයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللهَ إِنَّ اللهَ غَفُورٌ رَحِيمٌ
ඉන්පසුව ජනයා (ජන ගඟ අතුරින්) ගලා එන තැනින් නුඹලා ද එවු. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයදිවු. සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය කරුණා භරිතය. (අල්-කුර්ආන් 2:199)
පසුව මුහස්සිර් නම් ස්ථානයට ළඟා වූ විට -එය මුස්දලිෆා හා මිනා අතර වූ මිටියාවතකි. ඔහු මිනාවෙහි සිටිය දී පදිකව ද ප්‍රවාහනිකව ද ගල් ගැසීම සඳහා සීඝ්‍රයෙන් ගමන් කරයි. ජම්රාත් හෙවත් ගල් ගැසිය යුතු ස්ථානයෙ හි හෝ ඒ වෙතට යන අතරවාරයේ හෝ ගල් කැට හතක් අහුලා ගනී. මුස්දලිෆාවෙ හි ඒවා අහුලා ගත්ත ද එයට ද අනුමැතිය ඇත. තවද ඔහු යන මාර්ගයේ තල්බියා පවසමින් ද තක්බීර් පවසමින් ද ගමන් කරයි. ජම්රතුල් අකබා නම් ස්ථානයට ගල් ගසන විට තල්බියා පැවසීම අත හරියි.
කාන්තාවන් හා පිරිමින් අතුරින් දුර්වලයින්ටත් හේතු සහගත උදවියටත් ඔවුන් සමඟ පැමිණි ඔවුන්ගේ කණ්ඩායම් සඳහා කැප වී සිටින උදවියටත් මුස්දලිෆාවෙ හි සිට මිනාව වෙත චන්ද්‍රයා බැස ගිය විට හෝ රාත්‍රියෙන් විශාල කාලයක් ගත වූ විට එසේ කල් ඇතිව යෑමට අනුමැතිය ඇත. පසුව මිනාවට පැමිණි විට ජම්රතුල් අකබාවට ගල් විසි කරති.
· ජම්රතුල් අකබා නම් ස්ථානයට ගල්ගැසීමේ වේලාව.
හජ් වන්දනාකරුවා ජම්රතුල් අකබා නම් ස්ථානයට පැමිණි විට එය මිනා ප්‍රදේශයෙන් පිහිටි ගල් ගසන ස්ථාන අතුරින් අවසන් ස්ථානයයි. හිරු උදා වීමෙන් පසුව මිනාව තම දකුණු පැත්තටත් මක්කාහ්ව තම වම් පැත්තටන් පිහිටන සේ හැරී ගල් කැට 7ක් එයට විසි කරයි. එසේ විසි කරන විට දකුණු අත ඔසවමින් සෑම ගල් කැටයක් පාසාම අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා විසි කරයි.
විසි කරන ලද ගල් කඩල ඇටයක් හා හේසල් ගෙඩියක් අතර ප්‍රමාණයෙන් විසිකළ හැකි තරමට කුඩා වීම සුන්නතයකි.
විශාල ගල් විසි කිරීම නුසුදුසුය. ගල් හැර පාවහන් ආභරණ හා වෙනත් ද්‍රව්‍යයන් විසි කිරීම ද සුදුසු නැත. එයින් තවකෙකුට හානියක් සිදු නොවිය යුතුයි. ගල් විසි කරන අවස්ථාවේ ද සෙසු අවස්ථාවන් හි ද තදබදයක් සිදු නොවී සිටීමට වගබලාගත යුතුයි.
· ගල් විසි කළ පසුව හජ් වන්දනාකරු සිදු කරන දෑ
ගල් විසි කිරීමෙන් පසුව තමත්තුඃ ක්‍රමයට හා කිරාන් ක්‍රමයට හජ් ඉටු කළ අය සතෙකු කැප කරයි. එසේ සතා කපන අවස්ථාවේ දී හෝ වන්දි වශයෙන් ලබා දිය යුතු සතෙකු කපන අවස්ථාවේ දී හෝ සතුන් කපන වෙනත් අවස්ථාවේ දී හෝ
بِاسْمِ اللهِ وَاللهُ أَكْبَرْ، اللَّهُمَّ تَقَبَّلْ مِنِّيْ
බිස්මිල්ලාහි වල්ලාහු අක්බර් අල්ලාහුම්ම තකබ්බල් මින්නී.
යැයි පැවසිය යුතුයි.
තේරුම: අල්ලාහ්ගේ නාමයෙනි, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. යා ! අල්ලාහ්, මගෙන් මෙය පිළිගනු මැනව.!
عَنْ أَنَسٍ رَضِيَ اللهُ عَنْهُ قَالَ: "ضَحَّى النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِكَبْشَيْنِ أَمْلَحَيْنِ أَقْرَنَيْنِ ذَبَحَهُمَا بِيَدِهِ وَسَمَّى وَكَبَّرَ وَوَضَعَ رِجْلَهُ عَلَى صِفَاحِهِمَا" (متفق عليه)
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම දෑතින්ම අං ඇති කළු හා සුදු මිශ්‍ර බැටළුවෙකු ගෙන එතුමාගේ පය උන් දෙදෙනාගේ ගාත් මත තබා බිස්මි පවසා තක්බීර් පවසා කපා හැරියහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
එම සත්වයාගේ මස් අනුභව කිරීමත් එහි හොදි රස විඳීමත් එමගින් දුප්පතුන්ට ආහාර සැපයීමත් සුන්නාහ්වක් වේ. එය තම දේශයට ගෙන යාමට ද අනුමැති ඇත. ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන්නා ගල් විසි කළ පසුව හිස මුඩු කර ගනියි. හේතුව හද්යු හෙවත් සත්ව කැප කිරීමක් ලබා දීමට අවශ්‍ය නොමැති බැවිනි. එලෙසම මස්ජිදුල් හරාම් පදිංචිව සිට කිරාන් ක්‍රමයට හා තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කරන්නන්ගේ තත්ත්වය ඔවුන් කෙරෙහි ද හද්යු ලබා දීමක් නොමැත.
පසුව හද්යු ලබා දීමෙන් අනතුරුව පිරිමියෙකු නම් තම හිස මුඩු කර ගනී. එසේ නොමැති නම් හිසකෙස් කොට කර ගනී. නමුත් හිස මුඩු කිරීමය වඩාත් උතුම් වන්නේ. කරනැවෑමියා හිසෙහි දකුණු පසින් ආරම්භ කිරීම සුන්නාහ්වකි. කාන්තාව ඇයගේ හිසකෙස් අඟලක් තරම් කොට කර ගන්නීය.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "اللَّهُمَّ اغْفِرْ لِلْمُحَلِّقِينَ" قَالُوا : يَا رَسُولَ اللهِ وَلِلْمُقَصِّرِينَ؟ قَالَ : "اللَّهُمَّ اغْفِرْ لِلْمُحَلِّقِينَ" قَالُوا : يَا رَسُولَ اللهِ وَلِلْمُقَصِّرِينَ قَالَ : "اللَّهُمَّ اغْفِرْ لِلْمُحَلِّقِينَ" قَالُوا : يَا رَسُولَ اللهِ وَلِلْمُقَصِّرِينَ قَالَ : "وَلِلْمُقَصِّرِينَ" (متفق عليه)
අල්ලාහ්ගේ දූතයාණෝ ‘යා! අල්ලාහ්, හිස මුඩු කරන්නන්ට සමාව දෙනු මැනව‘ යැයි ප්‍රකාශ කළහ. අල්ලාහ්ගේ දූතයාණනි, හිස කෙස් කොට කරන්නන්ට? යැයි ඔවුන් විමසා සිටියෝය. එවිට ද ‘යා! අල්ලාහ්, හිස මුඩු කරන්නන්ට සමාව දෙනු මැනව! යැයි ප්‍රකාශ කළහ. නැවතත් අල්ලාහ්ගේ දූතයාණනි, හිසකෙස් කොට කරන්නන්ට? යැයි විමසුවෝය. එවිට ද ‘යා! අල්ලාහ්, හිස මුඩු කරන්නන්ට සමාව දෙනු මැනව! නැවත අල්ලාහ්ගේ දූතයාණනි, හිසකෙස් කොට කරන්නන්ට? යැයි ඔවුන් විමසා සිටින විට (සිව්වැනි වරට) ‘හිසකෙස් කොට කර ගන්නන්ටත්‘ යැයි ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
· ඉහ්රාමයෙන් ඉවත් වන පළමුවන අවස්ථාව
ඉහත කී පරිදි හජ් වන්දනාකරුවෙකු ඉටු කළේ නම් අඹුසැමි ලිංගික ඇසුර හැර සෙසු සියලුම තහනම් කටයුතු ඔහුට අනුමත වෙයි. ඒ අනුව ඇඳුම් ඇඳීම, සුවඳ විලවුන් ගැල් වීම හිස ආවරණය කිරීම වැනි ඉහ්රාම් තත්ත්වයේ තහනම් වූ දෑ සියල්ල දැන් ඔහුට ඉටු කළ හැක. ජම්රතුල් අකබාවට ගල් ගසා හිස මුඩු කළේ නම් හද්යු ලබා නොදුන්න ද ලිංගික ඇසුර හැර සෙසු සියලුම තහනම් දෑ ඔහුට අනුමත වෙයි. නමුත් ෆිද්යා ලබා දිය යුතු වරදක් කළ අයෙකු හැර. ඔහු ගල් ගසා හද්යු ලබා දී හිස මුඩු කරන තෙක් තහනම් කරන ලද දෑ කිරීමට ඔහුට අනුමැතිය නැත.
යව්මුන් නහ්ර් හෙවත් අවුරුදු දින ජම්රාත් නම් ස්ථානයේ ජනයාට ඔවුන්ගේ වන්දනාවන් පිළිබඳව දැනුවත් කරමින් ද උත්තරීතර අල්ලාහ් මත තැබිය යුතු භක්තිය පිළිබඳව උපදෙස් දෙමින් ද යහපත හා බැතිමත් කටයුතුවල දී එකිනෙකා උපකාර කර ගන්නා මෙන් ද අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කර ඔහු වෙත කෘතඥතාව පුද කරන මෙන් ද දේශනාවක් පැවැත්වීම ඉමාම්වරයා වෙත වූ සුන්නාහ්වක් වෙයි.
· ඉහ්රාමයෙන් ඉවත් වන දෙවන අවස්ථාව
ගල් විසි කර හද්යු ලබා දී හිස මුඩු කිරීමෙන් පසු හජ් වන්දනාකරුවා තම අවශ්‍යතාවන් සපුරා ගනී. පිරිසිදු කර ගනී. පසුව ඔහු සාමාන්‍ය ඇඳුම් පැලඳුම් ඇඳ ගනී. සුවඳ විලවුන් ගල්වයි. උදෑසනම මක්කාහ් වෙත ගොස් තවාෆුල් හජ්, තවාෆුල් ඉෆාලා, තවාෆුස් සියාරා යන නාමයන්ගෙන් හඳුන් වනු ලබන හජ් හි තවාෆය ඉටු කරයි. එහි දී වේගයන් ගමන් නොකරයි.
උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි.
ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ
පසුව ඔවුන් තමන්ගේ කිලිටි ඉවත් කර ගත යුතුයි. ඔවුන් තමන්ගේ භාරයන් ඉටු කළ යුතුයි. තවද ඔවුන් ඉපැරණි නිවස පැදකුණු කළ යුතුයි. (අල්-කර්ආන් 22:29)
පසුව තමන් තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කරන්නෙකු නම් සෆා හා මර්වා අතර සඃයු සිදු කරයි.
තමන් කිරාන් හෝ ඉෆ්රාද් ක්‍රමයට ඉටු කරන්නෙකු නම් තවාෆුල් කුදූම් හෙවත් සපැමිණීමේ තවාෆය සමඟ සඃයු නොකර පොදුවේ තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කරන්නාක් මෙන් හජ් හි තවාෆ් සිදු කර සඃයු ඉටු කරයි. තවාෆුල් කුදූම් ඉටු කිරීමෙන් පසුව සඃයු ඉටු කරන්නේ නම් එයයි වඩාත් උතුම් වනුයේ. තවාෆුල් ඉෆාලාවට පසුව ඔහු කෙරෙහි නැවත සඃයු ඉටු කිරීමක් අවශ්‍ය නොවේ. පසුව හජ් වන්දනාකරුවා සියලුම තහනම් දැයින් එනම් අඹු සැමි ඇසුර දක්වා ඇති සියල්ල ඔහුට අනුමත වනු ඇත.
· තවාෆුල් ඉෆාලා හෙවත් හජ් හි තවාෆ් සිදු කිරීමේ ආරම්භක වේලාව
තවාෆුල් ඉෆාලා තවාෆුස් සියාරා නමින් ද හැඳින් වේ.
අරෆාවෙ හි රැඳී සිටි හේතු සහගත උදවිය උදෙසා නහර් දින එනම් අවුරුදු දින රාත්‍රියේ විශාල කොටසක් ගෙවී යෑමත් සමඟ ආරම්භ වේ. හජ් වන්දනාකරු නහර් දින එනම් අවුරුදු දින පෙරවරුවේ තවාෆ් කිරීමය සුන්නත් වනුයේ. ඔහුට එය ප්‍රමාද කළ ද හැකිය. නමුත් වැළැක් විය නොහැකි හේතුවක් මත හැර දුල් හිජ්ජා මස අවසන් වන තෙක් ප්‍රමාද කළ නොහැක.
· මිනා වෙත නැවත පැමිණීමේ වේලාව
පසුව හජ් වන්දනාකරු මිනා වෙත නැවත පැමිණෙයි. පහසුකමක් ඇත්නම් එහි ලුහර් සලාතය ඉටු කරයි. අවුරුදු දින ද අය්යාමුත් තෂ්රීක් දින තුන ද එහි දහවල් හා රාත්‍රි කාලයන් එහිම ගත කරයි. එනම් හජ්මස 11, 12, 13 යන දිනයන් හි එහි නවාතැන් ගනියි. ඊට වඩා අධික වුවද වරදක් නැත. එය වඩාත් උතුම්ය.
එසේ රාත්‍රිය ගත කිරීමට අපහසුතාවයක් වෙතොත් රාත්‍රියෙ හි අරාම්භයේ හෝ මධ්‍යම රාත්‍රියේ හෝ රාත්‍රිය අවසානයේ හෝ අධික කොටසක් මිනාවෙ හි නවාතැන් ගනී. එය ද අපහසු නම් මිනාවට අසලින් නවාතැන් ගනී.
· හජ් වන්දනාකරු මෂාඉර් හෙවත් නවාතැන් ගත යුතු ස්ථානයන්හි නැවතීමේ නීතිය.
මෂාඉර් නම් ස්ථානයන් හි හජ් වන්දනාකරුවන් ඒකරාශී වීම නැමදුමකි. ඔවුන්ගේ එම නැමදුම ඉටු කරනු පිණිස ඔවුන් එම ස්ථානයේ රැඳී සිටීම ෂරීආව අපේක්ෂා කරයි. එමඟින් ඔවුන් එකිනෙකා හඳුනා ගැනීමටත් ඔවුන් එකිනෙකාගෙන් ප්‍රයෝජන ලැබීමටත් ඔවුන් එකිනෙකා අතර යහපත් කටයුතු වල හා බියබැතිමත්කම ඇති කරන කටයුතු වල උපකාර කර ගැනීමටත් අවස්ථාන් හිමි වනු ඇත.
එබැවින් සෑම හජ් වන්දනාකරුවෙකුම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඉටු කර පෙන් වූවාක් මෙන් මිනා අරෆා මුස්දලිෆා නම් ස්ථානයන් හි රාත්‍රිය හා දහවල ගත කිරීම අනිවාර්යය වෙයි. තවාෆ් ඉටු කිරීම සඃයු ඉටු කිරීම අත්‍යවශ්‍ය කරුණක් ඉටු කර ගැනීම වැනි හේතූන් මත මිස හජ් කාලය තුළ එම ස්ථානයන් හි පිට වී යෑම නුසුදුසුය. එවන් සාධාරණීය හේතුන් මත පිට වුව ද තම අවශ්‍යතා අවසන් වූ වහාම යළි මිනාවට පැමිණිය යුතුයි.
· අය්යාමුත් තෂ්රීක් දිනයන්හි ගල් විසි කිරීමේ වේලාව
හජ් වන්දනාකරු මස්ජිදුල් හීෆ් හි සලාතය ඉටු කිරීමට පහසුකමක් ඇත්නම් පස්වේල සලාතයන් සමූහ වශයෙන් එම සලාතයන් එක් නොකොට කෙටි කර ඉටු කරයි. එසේ නොමැති නම් මිනාවෙ හි කවර ස්ථානයක හෝ වේවා සාමුහිකව සලාතය ඉටු කරයි.
දහවල් කාලයෙන් පසු අය්යාමුත් තෂ්රීක් දිනයන් හි ගල් ගසන ස්ථාන වලට ගල් විසි කරයි. මිනාවෙ හි කවර ස්ථානයකින් වුව ද සෑම දිනකම ගල් කැට අහුලා ගනී.
1- ගල් ගසන ස්ථාන වලට පහසුකමක් ඇත්නම් පා ගමනින් යෑම සුන්නාහ්වක් වේ. 11 වැනි දින දහවල් කාලයෙන් පසුව ජම්රතුල් උව්ලා හෙවත් මස්ජිදුල් හීෆ් අසල පිහිටි ප්‍රථම ගල් විසි කිරීමේ ස්ථානයට ගල් කැට හතක් එකිනෙක ගෙන විසි කරයි. ගල් කැට විසි කරන සෑම අවස්ථාවකම දකුණත ඔසවයි. කිබ්ලා දෙසට මුහුණ ලෑමට පහසුකමක් ඇත්නම් එසේ කිබ්ලා දෙසට මුහුණ ලා අල්ලාහු අක්බර් යැයි පවසමින් විසි කරයි.
අවසන් වූ පසු තම දකුණු පැත්තෙන් මදක් හැරී දෙඅත් ඔසවා කිබ්ලා දෙසට මුහුණ ලා සිටි ගනී. තමන්ට හැකි පමණින් එහි සිට දීර්ඝ වේලාවක් ප්‍රාර්ථනාවෙ හි නිරත වෙයි.
2- පසුව ජම්රතුල් වුස්තා හෙවත් මධ්‍යයේ පිහිටි ගල් ගැසීමේ ස්ථානයට ගමන් කරයි. එහිදී ද පෙර කී පරිදි ගල් කැට හතක් විසි කරයි. විසි කරන සෑම විටකම අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසමින් දකුණත ඔසවා ගල් කැට විසි කරයි. පසුව ඉදිරියට මදක් ගොස් දෙඅත් ඔසවමින් ජම්රතුල් ඌලාවෙ හි කළ ප්‍රාර්ථනාවට වඩා අඩුවෙන් දීර්ඝ වේලාවක් සිට ප්‍රාර්ථනාවෙ හි නිරත වෙයි.
3- පසුව ජම්රතුල් අක්බා වෙත ගමන් කර තම වමත මක්කා දෙසටත් දකුණත මිනා දෙසටත් පිහිටන සේ ඉඳ ගල් කැට හතක් විසි කරයි. එම ස්ථානයේ ප්‍රාර්ථනා සඳහා රැඳී නොසිටියි. මේ ආකාරයෙන් ගල් කැට 21ක් විසි කරනු ලැබේ.
හේතු සහගත උදවිය මිනාවෙ හි රාත්‍රිය ගත නොකිරීමට හා දින දෙකක ගල් විසි කිරීම් එක් දිනක සිදු කිරීමට හෝ අය්යාමුත් තෂ්රීක් දක්වා එය ප්‍රමාද කිරීමට හෝ රාත්‍රියේ එය විසි කිරීමට හෝ අනුමැතිය ඇත.
පසුව 11 වැනි දින සිදු කළාක් මෙන්ම 12 වැනි දින ද ඉටු කරයි. ඉහත කී පරිදිම එදින ද දහවල් කාලයෙන් පසුව ජම්රාත්වලට ගල් විසි කරයි.
ජම්රාත් තුනටම පහළ මහලේ සිට ගල් විසි කිරීම සුන්නාහ් වේ. ඊට ඉහළින් ඇති මහල් වල සිට එසේ සිදු කිරීමට අනුමැතිය ඇත.
· කෙනෙකු දින දෙකක් අවසන් කර කලින් පැමිණෙන්නට ප්‍රිය කරන්නේ නම් 12 වැනි දින හිරු අවරට යෑමට පෙර මිනාවෙන් පිටත් වෙයි.
13 වැනි දින දක්වා ප්‍රමාද කළේ නම් ඔහු ඉහත කී පරිදි දහවල් කාලයෙන් පසු ජම්රාත්වලට ගල් ගසයි. එයයි වඩාත් උතුම් වනුයේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පෙන්වා දුන්නේද එපරිද්දෙනි. ඉහත කී කරුණු වල දී කාන්තාව ද පිරිමියා මෙන්මය.
එයත් සමඟ හජ් හි නැමදුම් හජ් වන්දනාකරු අවසන් කර ගනී.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එක් වතාවක් පමණක් හජ් ඉටු කර ඇත. එය හජ්ජතුල් විදා නම් සමු ගැනීමේ හජ් වන්දනාවයි. එහි එතුමාණන් නැමදුම් ඉටු කළහ. අල්ලාහ් වෙත ඇරයුම් කළහ. අල්ලාහ් වෙත කැඳවීමේ වගකීම තම සමූහයාට පැවරූහ.
දහම සම්පූර්ණ වූයේ අරෆාවෙහි දීය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ‘සහභාගී වූවන් සහභාගී නොවූවන්ට දන්වා සිටින්න‘ යනුවෙන් කළ ප්‍රකාශය අනුව යවුමුන් නහ්ර් හෙවත් අවුරුදු දින දහමෙ හි වගකීම සමාජයට පැවරූහ.
· නැමදුම් ඉටු කළ පසු අල්ලාහ් ව අධිකව මෙනෙහි කිරීම
සලාතය හජ් උපවාසය වැනි නැමදුම් ඉටු කිරීමෙන් පසුව එම නැමදුම් ඉටු කිරීමේ භාග්‍ය අල්ලාහ් මුස්ලිම්වරයාට ලබා දුන් හේතුවෙන් ඔහු අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කිරීමත් තම වගකීම පහසුවෙන් ඉටු කර ගැනීමට හැකිවීම හේතුවෙන් ඔහුට ප්‍රශංසා කිරීමත් එම නැමදුම් වල යම් අඩුපාඩු ඇති වන්නට ඉඩ ඇති හේතුවෙන් ඒ වෙනුවෙන් ඔහුගෙන් සමාව අයැදීමත් ආගමානුගත කර ඇත. කිසිවෙකුට තමන් කළ දෑ සම්පූර්ණ යැයි කිව නොහැක. ඉහත කී අයුරින් කටයුතු කිරීම තුළින් අල්ලාහ් එහි අඩු පාඩු සපුරා දෙනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَإِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ، وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ، أُولَئِكَ لَهُمْ نَصِيبٌ مِمَّا كَسَبُوا وَاللهُ سَرِيعُ الْحِسَابِ.
නුඹලාගේ (හජ්) වන්දනාමාන අවසන් කළ පසු නුඹලාගේ මුතුන්මිත්තන් සිහිපත් කළ අයුරින් හෝ එයටත් වඩා දැඩි උනන්දුවෙන් අල්ලාහ්ව සිහිපත් කර පවසවු. අපගේ පරමාධිපතියාණනි, මෙලොවෙ හි (දෑ) ලබා දෙනු මැනව! යැයි අයදින අය ජනයින් අතුරින් සිටිති. ඔහුට මතුලොවෙ හි කිසිම කොටසක් නොමැත.
තවද අපගේ පරමාධිපතියාණන් අපට මෙලොවෙ හි යහපත ද මතුලොවෙ හි යහපත ද ලබා දෙනු මැනව ! තවද (නිරා) ගින්නේ වේදනාවෙන් අපව ආරක්ෂා කරනු මැනව යැයි අයැදින අය ද ඔවුන් අතර සිටිති.
ඔවුන්ටමය, තමන් උපයාගත් දැයින් (අල්ලාහ් ඔවුන්ට වෙන් කළ) කොටස හිමි වන්නේ. තවද අල්ලාහ් විනිශ්චය ඉක්මන් කරවන්නාය. (අල්-කුර්ආන් 2 : 200 – 202)
13 වැනි දින දහවල් කාලයේ ගල් ගැසීමෙන් පසුව මිනාවෙන් පිටත් වෙයි. පහසුකමක් ඇත්නම් අබ්තහ් හි ආෆාක් නම් ස්ථානයට පැමිණීමත් එහි ලුහර් අසර් මග්රිබ් ඉෂා සලාතයන් ඉටු කර රාත්‍රියෙ හි මදක් රැඳී සිටීමත් සුන්නාහ්වකි.
· තවාෆුල් විදා හෙවත් සමු ගැනීමේ තවාෆ් ඉටු කිරීමේ වේලාව
හජ් වන්දනාකරු මක්කාහ් වැසියෙකු නොවේ නම් ඔහු මක්කාහ්වට පැමිණ තවාෆුල් විදා ඉටු කරයි. ඔසප් හෝ නිෆාස් කාන්තාවක් නම් ඔවුන් දෙපළ තවාෆුල් විදා ඉටු කිරීම අවශ්‍ය නොවේ. කෙනෙකු තවාෆුල් විදා ඉටු කළේ නම් ඔහු තම දේශය බලා පිටත් වෙයි. අල්ලාහ් අභිමත කළේ නම් පහසුකමක් ඇත්නම් zසම්zසම් ජලය ඔහුට රැගෙන යා හැක.
ගල් ගැසීමෙන් පසු මිනාවෙන් පිටත් වී පසුව ලුහර් සලාතය ඉටු කර ඒ සමඟම තවාෆුල් විදා ඉටු කර පිටත්ව ගියේ නම් එයට අනුමැතිය ඇත.
عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ : أُمِرَ النَّاسُ أَنْ يَكُونَ آخِرُ عَهْدِهِمْ بِالْبَيْتِ إِلَّا أَنَّهُ خُفِّفَ عَنْ الْحَائِضِ (متفق عليه)
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ජනයා ඔවුන්ගේ (හජ්)කාලයේ අවසන් භාගය (අල්ලාහ්ගේ) නිවසෙ හි (කඃබතුල්ලාහ් හි) විය යුතු යැයි අණ කරනු ලැබූහ. නමුත් එය ඔසප් කාන්තාවට ලිහිල් කරන ලදී. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
· තවාෆුල් විදා මඟ හැරීමෙහි නීතිය
හජ් වන්දනාකරු තවාෆුල් ඉෆාලා හෙවත් හජ් හි තවාෆය ප්‍රමාද කොට ඔහු පිටත් වන අවස්ථාවෙ හි තවාෆුල් ඉෆාලා චේතනාවෙන් එම තවාෆය ඉටු කළේ නම් තවාෆුල් විදා හෙවත් සමු ගැනීමේ තවාෆයට ද ප්‍රමාණවත් වෙයි. එනමුත් ඔහු වඩාත් උතුම් දෙය අහිමි කර ගනියි. එනම් එය යවුමුන් නහ්ර් හෙවත් අවුරුදු දින තවාෆ් ඉටු කිරීමේ උතුම් භාවයයි.
කෙනෙකු වෙත තවාෆුල් විදා අනිවාර්යය වී එය ඉටු කිරීමට මත්තෙන් ඔහු පිටත් ව ගියේ නම් නැවතත් පැමිණ තවාෆුල් විදා ඉටු කිරීම අනිවාර්යය වේ.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඉටු කළ හජ් හි ක්‍රමය
عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ: إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَثَ تِسْعَ سِنِينَ لَمْ يَحُجَّ ثُمَّ أَذَّنَ فِي النَّاسِ فِي الْعَاشِرَةِ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَاجٌّ فَقَدِمَ الْمَدِينَةَ بَشَرٌ كَثِيرٌ كُلُّهُمْ يَلْتَمِسُ أَنْ يَأْتَمَّ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَيَعْمَلَ مِثْلَ عَمَلِهِ فَخَرَجْنَا مَعَهُ حَتَّى أَتَيْنَا ذَا الْحُلَيْفَةِ فَوَلَدَتْ أَسْمَاءُ بِنْتُ عُمَيْسٍ مُحَمَّدَ بْنَ أَبِي بَكْرٍ فَأَرْسَلَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ أَصْنَعُ
ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හජ් නොකරම අවුරුදු නවයක් රැඳී සිටියහ. පසුව දහ වැනි වසරේ අල්ලාහ්ගේ දූතයාණන් හජ් කරන බව ජනයාට නිවේදනය කළහ. පසුව මිනිසුන් බොහෝමයක් මදීනාවට පැමිණියහ. ඔවුන් සියල්ලෝම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ව අනුගමනය කිරීම හා ඔහුගේ ක්‍රියාව මෙන්ම තමන් ද ඉටු කිරීම සම්බන්ධයෙන් දැඩිව පිළිපදින්නට සිතූහ. එබැවින් දුල් හුලෙයිෆා නම් ස්ථානයට පැමිණෙන තෙක් අපි එතුමාණන් සමඟ පිටත් ව ගියෙමු. අස්මා බින්ත් උමෙයිස් මුහම්මද් ඉබ්නු අබී බක්කර් ව ප්‍රසූත කළාය. එවිට තමන් එය (හජ්) ඉටු කළ යුත්තේ කෙසේදැයි දැන ගනු පිණිස අල්ලාහ්ගේ දූතයාණන් වෙත පණිවිඩයක් යැව්වාය.
قَالَ "اغْتَسِلِي وَاسْتَثْفِرِي بِثَوْبٍ وَأَحْرِمِي" فَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْمَسْجِدِ ثُمَّ رَكِبَ الْقَصْوَاءَ حَتَّى إِذَا اسْتَوَتْ بِهِ نَاقَتُهُ عَلَى الْبَيْدَاءِ نَظَرْتُ إِلَى مَدِّ بَصَرِي بَيْنَ يَدَيْهِ مِنْ رَاكِبٍ وَمَاشٍ وَعَنْ يَمِينِهِ مِثْلَ ذَلِكَ وَعَنْ يَسَارِهِ مِثْلَ ذَلِكَ وَمِنْ خَلْفِهِ مِثْلَ ذَلِكَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ أَظْهُرِنَا وَعَلَيْهِ يَنْزِلُ الْقُرْآنُ وَهُوَ يَعْرِفُ تَأْوِيلَهُ وَمَا عَمِلَ بِهِ مِنْ شَيْءٍ عَمِلْنَا بِهِ فَأَهَلَّ بِالتَّوْحِيدِ "لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لَا شَرِيكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَا شَرِيكَ لَكَ" وَأَهَلَّ النَّاسُ بِهَذَا الَّذِي يُهِلُّونَ بِهِ فَلَمْ يَرُدَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِمْ شَيْئًا مِنْهُ وَلَزِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَلْبِيَتَهُ
ඔබ ස්නානය කරන්න. රෙඳි කඩකින් තදින් බැඳ ගන්න. පසුව ඉහ්රාම් චේතනාව තබන්න යැයි පැවසූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ මස්ජිදයේ සලාතය ඉටු කළහ. කස්වා නම් වාහනයට නැග ගමන් අරඹා බයිදා නම් ස්ථානයට තම ඔටුවා පැමිණෙන තෙක් ප්‍රවාහනය කළහ. දෑසට පෙනෙන තෙක් මානයට ප්‍රවාහනිකයින් ද පදිකයින් ද සිටිනු මම දුටුවෙමි. එතුමාගේ දකුණු දෙසින් ද එලෙසම විය. එතුමාගේ වම් දෙසින් ද එලෙසම විය. එතුමාගේ පසුපසින් ද එලෙසම විය. අල්ලාහ්ගේ දූතයාණන් ද අප අතර වූහ. එතුමාණන් වෙත කුර්ආන් පහළ වෙමින් තිබිණි. එහි අදහස් ද අප කවර දෙයක් කළ යුත්තේ ද යන්න එතුමාණන් දැන සිටියහ. පසුව ඒකීය ප්‍රකාශය පැවසූහ. එනම්