Articles




දෙවැන්න: ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී බිරිය සමඟ උවමනාවෙන්ම සංසර්ගයේ යෙදුණේ නම් එවිට ඔහු බරපතළ පාපයක් සිදු කළ අයෙකු වෙයි. අල්ලාහ්ගේ සීමාවන් අබිබවා ගිය හෙයින් ද ඉහ්රාම් හි ගෞරවය කෙලෙසූ හෙයින් ද වත් පිළිවෙත් වල පිවිතුරු කම කිලිටි කළ හෙයින් ද ඔහුගේ වන්දනාමාන කෙලෙසා ගැනීමක් බවට පත් වෙයි.





1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





الْحَجُّ أَشْهُرٌ مَعْلُومَاتٌ فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ





හජ් (ඉටු කළ යුතු වන්නේ) මැනවින් හඳුනන මාසයන්හිය. කවරෙකු එහි හජ් අනිවාර්යය කර ගන්නේ ද ඔහුට හජ් හි ලිංගික ඇසුර ද පාපකම් ද නොමනා තර්ක ද (අනුමත) නැත. යහපතෙන් නුඹලා කවර දෙයක් කළ ද එය අල්ලාහ් මැනවින් දන්නේය. (හජ් වෙනුවෙන්) අවශ්‍ය කළමනා රැස් කර ගනිවු. සැබැවින්ම අවශ්‍ය කළමනා අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ බිය භක්තිමත් කමය. තවද අවබෝධ කර ගන්නනි, නුඹලා මා හට බිය භක්තිමත් වවු. (අල්-කුර්ආන් 2:197)





2-





عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ قَالَ النّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ" (متفق عليه)





නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.





කවරෙකු අපගේ කරුණක් නොවන ක්‍රියාවක් කළේ ද එය ප්‍රතික්ෂේප කරන ලද්දකි. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)





· ඉහ්රාම් විෂයෙහි පිරිමියෙකු හා කාන්තාවක අතර ඇති වෙනස





මසා නිම කළ ඇඳුම් ඇඳීම සම්බන්ධයෙන් හැර ඉහත සඳහන් කළ සෙසු සියලුම තහනම් දෑ හි කාන්තාව ද පිරිමියා මෙන්මය. එමෙන්ම අන්‍ය පිරිමින් ඉදිරියේ සිටිය ද කාන්තාව තම මුහුණ ආවරණය වන පරිදි නිකාබ් පැලඳීමෙන් ද හිස ආරවණය කිරීමෙන් ද මොට්ටක්කිලිය මුහුණ මත එල්ලීමට සැලැස්වීමෙන් ද වැළකී සිටිය යුතුයි. තවද අත් වැසුම් පැලඳීමෙන් ද වැළකී සිටිය යුතුයි. නමුත් ආභරණ පැලඳීම ඇයට අනුමතය.





· වත්පිළිවෙත් වලින් මිදීමේ වේලාව





1- හජ් හි ප්‍රථම මිදීමෙන් අඹුසැමි ලිංගික ඇසුර හැර සෙසු සියලුම තහනම් ක්‍රියාවන්ගෙන් ඔහු මිදෙනු ඇත. මෙසේ මිදීම සිදු වනුයේ අකබා නම් ස්ථානයේ ගල් ගසා හිස බූ ගෑමෙන් පසුවය. තවාෆ් කිරීමෙන් පසුව ඉහ්රාම් හේතුවෙන් තහනම් වූ සියලු දැයින් සම්පූර්ණයෙන්ම මිදෙනු ඇත.





කවරෙකුට හද්යු ලබා දීමට සිදු වූයේ ද එය ඔහු ඉටු කරන තෙක් ගල් ගැසීම හා හිස බූ ගෑම සමඟම ඉහ්රාමයෙන් ඉවත් නොවිය යුතුයි.





2- උම්රාවේ ඉහ්රාමයෙන් මිදෙනුයේ තවාෆ් කිරීමෙන් සෆා මර්වා කඳු අතර දිවීමෙන් හා හිස කෙස් කැපීමෙන් හෝ හිස බූ ගෑමෙන් පසුවය.





· ඉහ්රාම් ඇඳ ගත් කාන්තාවක් ඔසප් තත්ත්වයට පසු වූයේ නම් ඇයගේ නීතිය





තමත්තුඃ ක්‍රමයට හජ් වන්දනාව ඉටු කරන කාන්ත්වක් තවාෆ් කිරීමට මත්තෙන් ඔසප් තත්ත්වයට පත් වී හජ් අතපසු වේවි යැයි බියක් ඇයට ඇති වූ විටක හජ් සඳහා ඉහ්රාම් චේතනාව තබා ගනිමින් උම්රාවෙ හි එය ඇතුළත් කරයි. එවිට ඇය කිරාන් ක්‍රමය පිළිපඳින්නියකුගේ තත්ත්වයට පත් වන්නීය. හේතු සහගත උදවිය ද මේ හා සමානය.





ඔසප් හා දරු ප්‍රසූත රුධිර වහනය ඇති වූ කාන්තාව අල්ලාහ්ගේ නිවස තවාෆ් කිරීම හැර සෙසු සියලු වතාවන් ඉටු කරන්නීය. තවාෆ් අතරවාරයේ ඔසප් තත්ත්වයට ඇය පත් වූයේ නම් එයින් ඇය බහැර වන්නීය. හජ් සඳහා වූ කාලය සමීප නම් හජ් සඳහා ඉහ්රාම් චේතනාව තබා ඇය එය උම්රාවෙ හි ඇතුළත් කරයි. එවිට ඇය කිරාන් ක්‍රමයට අයත් කාන්තාවක් වන්නීය.





· ඉහ්රාම් තත්ත්වයේ හිසකෙස් හා නියපොතු කැපීමේ නීතිය





හිස කෙස් කැපීම හෝ ශරීරයේ රෝම ඉවත් කිරීම හෝ නියපොතු කැපීම හෝ ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නෙකුට සුදුසු නොවෙයි.





හිස කෙස් කැපීම: එය සම්පූර්ණයෙන් නොකපා ඉතිරි කිරීම නැමදුමකි. එමෙන්ම සම්පූර්ණයෙන්ම හිස මුඩු කිරීමත් නැමදුමකි. ඒ පිළිබඳව උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ





නුඹලා හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුවේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. (අල්-කුර්ආන් 2:196)





නියපොතු කැපීම හා ශරීර රෝම ඉවත් කිරීම: ඉහ්රාම් තත්ත්වයේ තහනම් කළ දැයින් මිදුනු පසුව අල්ලාහ් කරන මෙන් නියෝග කර ඇති අත්-තෆසු හෙවත් අපිරිසිදු දෑ ඉවත් කිරීමට අදාළ කරුණකි.





ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ





පසුව ඔවුන් ඔවුන්ගේ (නියපොතු රෝම වැනි) කිලිටි ඉවත් කරත්වා! ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා පුරාණ ගෘහය තවාෆ් කරත්වා! (අල්-කුර්ආන් 22:29)





නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී නියපොතු කැපූ බවට හෝ තම ශරීරයේ රෝම ඉවත් කළ බවට හෝ නියමිත සඳහනක් පැමිණ නැත. ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නෙකුට යම් හේතු සාධකයක් ඇතුවා මිස තම ශරීරයෙන් යමක් ඉවත් කිරීම අනුමත නොවෙයි.





عَنْ جَبِرٍ رضي الله عنه قال: "رأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْمِي عَلَى رَاحِلَتِهِ يَوْمَ النَّحْرِ وَيَقُولُ لِتَأْخُذُوا مَنَاسِكَكُمْ فَإِنِّي لَا أَدْرِي لَعَلِّي لَا أَحُجُّ بَعْدَ حَجَّتِي هَذِهِ" (أخرجه مسلم)





ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා තම වාහනය මහ ඉඳමින් අවුරුදු දින (අකබාවෙ හි ෂෙයිතාන්ට) ගල් ගසනු මම දුටුවෙමි. තව දුරටත් එතුමා නුඹලාගේ (හජ්) වන්දනාමාන පිළිබඳව මැනවින් (අවබෝධයට) ගන්න. මාගේ මෙම හජ් වන්දනාවට පසුව නැවත හජ් ඉටු කරන්නට හැකි වේවි දැයි මම නොදනිමි යැයි ද ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්)





· ඉහ්රාම් ඇඳ ගත් කෙනෙකුට අනුමත දෑ





1. ගොවිපොළ සතුන් කුකුළන් වැනි දෑ කැපීම සඳහා ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නෙකුට අනුමැතිය ඇත. එමෙන්ම හරම් සීමාව තුළ සිංහයින් වලසුන් කොටින් සර්පයින් ගෝනුස්සන් මීයන් වැනි හානිදායක මෘග පැවතුම් ඇති සතුන් මරා දැමීමටත් අනුමැතිය ඇත. එමෙන්ම හූනන් වැනි හානිදායක සතුන් ද මරා දැමීමට අනුමැතිය ඇත. එය එකවර පහර දී මරා දැමීම ඉතා උතුම්ය. ඒ සඳහා කුසල් සියයක් හිමි වනු ඇත. එමෙන්ම මුහුදෙ හි මසුන් ඇල්ලීමත් එය ආහාරයට ගැනීමත් අනුමතය.





1- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.





أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَكُمْ وَلِلسَّيَّارَةِ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا وَاتَّقُوا اللهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ





(ඉහ්රාම් තත්ත්වයේ නුඹලා සිටිය දී) නුඹලාටත් නුඹලාගේ මගීන්ටත් භුක්ති විඳීමක් වශයෙන් මුහුදෙ හි දඩයම් කිරීම නුඹලාට අනුමත කරන ලදී. තවද නුඹලා ඉහ්රාම් තත්ත්වයේ පසු වන තාක් ගොඩබිම් සතුන් දඩයම් කිරීම නුඹලා කෙරෙහි තහනම් කරන ලදී. නුඹලා සියල්ල තමන් වෙත එක්රැස් කරනු ලබන අල්ලාහ්ට බිය භක්තිමත් වවු. (අල්-කුර්ආන් 5:96)





2-





عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا عَنْ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "خَمْسٌ فَوَاسِقُ يُقْتَلْنَ فِي الْحَرَمِ الْفَأْرَةُ وَالْعَقْرَبُ وَالْحُدَيَّا وَالْغُرَابُ وَالْكَلْبُ الْعَقُورُ" (متفق عليه)





අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.





නපුරු සතුන් පස් දෙනෙකු හරම් තුළ මරණු ලැබේ. එනම් ගෝනුස්සා මීයා උකුස්සා කපුටා පිස්සු බල්ලා. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)





2. ඉහ්රාම් චේතනාව තැබුවායින් පසුව එසේ ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නා ස්නානය කර ගැනීමටත් තම හිස හා ඇඳුම් සෝදා ගැනීමටත් ඉහ්රාම් ඇඳුම් මාරු කිරීමටත් අනුමැතිය ඇත.





ඉහ්රාම් තත්ත්වයේ පසුවන්නා රිදී මුදු, ඇස් කණ්ණාඩි, ශ්‍රවණ යන්ත්‍ර, අත් ඔරලෝසු, ඉණ පටි, හම් සෙරප්පු, ඒවා මසා නිම කර තිබුණ ද පැලඳීමට අනුමැතිය ඇත.





තවද තුවාල වලට වෙළුම් පටි බැඳීම, කටු ගැසීම, රුධිරය ගැනීම වැනි දෑ කිරීමට ද අනුමැතිය ඇත.





3. ඉහ්රාම් තත්ත්වයේ සිටින්නෙකු සුවඳ ආඝ්‍රාණය කිරීමටත් කූඩාරම් තනා හෝ වාහනය තුළ හෝ හෙවණ පැතීමටත් හිස කැසීමටත් අනුමැතිය ඇත. එසේ කළ විට ඉන් හිසකෙස් වැටුණ ද වරදක් නොවේ.





· උල්හිය්යා ලබා දීමට අපේක්ෂා කළ අයෙකු දුල් හිජ්ජා මස දින දහයෙහි හජ් වන්දනාවෙ හි නිරත වන්නේ ද එවිට ඉහ්රාම් අවස්ථාවේ දී නියපොතු හා රෝම ඉවත් කිරීම අවශ්‍ය කාර්යයක් නොවෙයි. නමුත් හිස මුඩු කිරීමට හෝ තමත්තුඃ ක්‍රමයට හජ් කරන්නෙකු නම් හිසකෙස් කොටසක් කපා හැරීමට හෝ පමණක් අනුමැතිය ඇත. හේතුව හිස මුඩු කිරීමත් එය කපා හැරීමත් හජ් හි වත්පිළිවෙත් වලින් එකක් බැවිනි.





· ඉහ්රාම් ඇඳ ගත් කෙනෙකු මරණයට පත් වූයේ නම් කළ යුතු දෑ





යමෙකු හජ් හෝ උම්රා කරමින් සිටිය දී මරණයට පත් වන්නේ ද හජ් හි ක්‍රියාවන් අතුරින් අතපසු වූ කිසිවක් ඔහු වෙනුවෙන් ඉටු කිරීමට අවශ්‍ය නොවේ. ඔහු කවර ඇඳුමකින් සැරසී සිටින්නේ ද ඒ ඇඳුමෙන්ම වළ දමනු ලැබේ. හේතුව ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙ හි තල්බියා පවසන්නෙකු ලෙස අවදි කරවනු ලැබේ.





කිසිවිටක සලාතය ඉටු නොකළ තත්ත්වයේ කෙනෙකු මිය ගියේ නම් ඔහු වෙනුවෙන් හජ් ඉටු කිරීමට හෝ සදකා ලබා දීමට හෝ සුදුසු නොවෙයි. හේතුව ඔහු ආගමින් බැහැර වූ අයෙකු බැවිනි.





عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمْ أَنَّ رَجُلًا وَقَصَهُ بَعِيرُهُ وَنَحْنُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُحْرِمٌ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اغْسِلُوهُ بِمَاءٍ وَسِدْرٍ وَكَفِّنُوهُ فِي ثَوْبَيْنِ وَلَا تُمِسُّوهُ طِيبًا وَلَا تُخَمِّرُوا رَأْسَهُ فَإِنَّ اللهَ يَبْعَثُهُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا (متفق عليه)





ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ සිටිය දී මිනිසෙකුව ඔහුගේ ඔටුවා ඔහු ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී ගෙලට පහර දී මරා දැමීය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ‘‘ඔබ ඔහුව ජලය හා සිද්ර් නම් කොළ වර්ගය භාවිත කරමින් නාවන්න. රෙදි කඩ දෙකෙහි ඔහුව කෆන් කරන්න. ඔහුට සුවඳ විලවුන් නොගල්වන්න. ඔහුගේ හිස ආවරණය නොකරන්න. සැබැවින්ම අල්ලාහ් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තල්බියා පවසන්නෙකු වශයෙන් ඔහු අවදි කරවනු ඇත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)





4- අල්-ෆිද්යා





· ෆිද්යා වන්දිය ලබා දීම අනුව ඉහ්රාම් හි තහනම් කරනු ලැබූ දෑ කොටස් තුනකට බෙදේ.





පළමුවැන්න: ෆිද්යා ලබා දීමට අවශ්‍ය නොවන දෑ. එය විවාහ ගිවිසුම් ඇති කර ගැනීමය.





දෙවැන්න: ෆිද්යාව ප්‍රතිකර්මයක් වශයෙන් හෝ යමක් වෙනුවෙන් හෝ ලබා දිය යුතු දෙයක් ලෙස පිහිටන දෑ. එය ආහාරයට ගනු ලබන ගොඩ බිම වෙසෙන සතෙකු මරා දැමීම.





තුන්වැන්න: ෆිද්යතුල් අදා හෙවත් අලාභය පිරිමැසීමක් වශයෙන් ලබා දෙන දෑ. එනම් හිස මුඩු කිරීම සුවඳ විලවුන් ගැල්වීම වැනි ඉහත සඳහන් කළ දෑ හැර සෙසු තහනම් කරන ලද දෑ වේ.





කෙනෙකු රෝගියෙකු නම් හෝ හේතු සහගත යමක් ඇති කෙනෙකු නම් හෝ ඉහ්රාම් හි තහනම් කරන ලද සංසර්ගයේ නියැළීමේ කාරණාව හැර හිස මුඩු කිරීම මැසූ ඇඳුම් ඇදීම වැනි දෙයක් කිරීමට අවශ්‍යතාවක් ඇති වුවහොත් එය ඔහුට කළ හැකිය. නමුත් ඒ වෙනුවෙන් ෆිද්යතුල් අසා හෙවත් අඩු ව පියවීමේ වන්දිය ලබා දිය යුතුයි.





· ෆිද්යතුල් අසා





ෆිද්යතුල් අසා හෙවත් අඩු ව පියවීමේ වන්දිය සම්බන්ධයෙන් ඉහ්රාම් තත්ත්වයේ සිටින්නා මෙහි දී කරුණු තුනින් එකක් තෝරා ගනී.





1- දින තුනක් උපවාසයේ නිරත වීම





2- දිළින්ඳන් සය දෙනෙකුට ආහාර සැපයීම. සෑම දිළින්ඳෙකුටම තිරිඟු හෝ හාල් හෝ රට ඉඳි හෝ එවැනි ආහාර ද්‍රව්‍යයන්ගෙන් සාඃ භාගයක් ලබා දිය යුතු වේ. එසේ නොමැතිනම් සුපුරුදු පරිදි සෑම ඳිළෙන්ඳෙකුටම අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දිය යුතු වේ.





3- එසේ නොමැති නම් එළුවෙකු කැපීම වේ.





උපවාසය කවර ස්ථානයක හෝ වේවා ඉටු කළ හැක. නමුත් ආහාර සැපයීමත් එළුවෙකු කැප කිරීමත් ඔහු මක්කාහ් සීමාව තුළ සිටියදීම මක්කාහ්වේ දිළින්ඳන්ට ලබා දිය යුතු වේ.





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ





හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් නුඹලා සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුයේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. නුඹලාගෙන් කවරෙකු රෝගියෙකුව හෝ එසේත් නොමැති නම් ඔහුට තම හිසෙ හි වේදනාවක් ඇති වූ විටක (එමගින් හිස මුඩු කිරීමට සිදු වුවහොත් ඒ සඳහා) උපවාසයෙන් හෝ සදකාවෙන් හෝ සත්ව කැප කිරීමෙන් වන්දිය (ගෙවිය යුතු) වෙයි. ... (අල්-කුර්ආන් 2:196)





· ඉහ්රාම් අවස්ථාවේ තහනම් කරනු ලැබූ ක්‍රියාවක් කළ අයගේ නීතිය





කවරෙකු ඉහ්රාම් තත්ත්වයේ තහනම් කරනු ලැබූ ක්‍රියාවක් නොදැනුවත්ව හෝ අමතක වීමෙන් හෝ බල කිරීමකින් හෝ සිදු කරනු ලබන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොපවතියි. එමෙන්ම වන්දියක් ගෙවීමට ද අවශ්‍යතාවක් නොමැත. නමුත් ඔහු කරමින් සිටි තහනම් දැයින් බැහැර විය යුතු වෙයි.





කවරෙකු තම අවශ්‍යතාව උදෙසා උවමනාවෙන්ම තහනම් කළ යමක් සිදු කරන්නේ ද අල්-කුර්ආන් හි සඳහන් පරිදි ඔහු වන්දිය ලබා දීම අනිවාර්යය වේ. ඔහු කෙරෙහි පාපයක් නොපවතී.





කිසිදු හේතුවකින් හා කිසිදු අවශ්‍යතාවකින් තොරව ලිංගික ඇසුරුකම් හැර තහනම් කළ සෙසු දෑ කවරෙකු උවමනාවෙන්ම ඉටු කරන්නේ ද ඔහු පාපියෙකු වෙයි. නමුත් අල්-කුර්ආනයේ සඳහන් පරිදි සිදුවුණු අඩුපාඩුව පියවීම සඳහා ඔහු විසින් වන්දිය ගෙවිය යුතු අතර පසුව පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටිය යුතුයි.





ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී කෙනෙකු ලිංගික ඇසුරකින් තොරව ජුනුබ් තත්ත්වයට (මෝචනයට) පත් වූයේ නම් ඔහු කෙරෙහි පාපයක් නොමැත. එමෙන්ම ෆිද්යා ලබා දීමක් ද නැත. නමුත් ඔහු ස්නානය කර ඉතිරිව පවතින වතාවන් සම්පූර්ණ කළ යුතු වේ.





· ගොඩ බිම සතෙකු දඬයම් කිරීම වෙනුවෙන් ලබා දිය යුතු වන්දිය.





කවරෙකු ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී ගොඩ බිම වෙසෙන සත්වයකු උවමනාවෙන්ම දඬයම් කරන්නේ ද එම සත්වයා ගොවිපළ සතුන්ට සමාන සතෙකු නම් ඒ හා සමාන ගොවිපළ සත්වයෙකු වන්දි වශයෙන් නිකුත් කර හරම් හි වෙසෙන දුගියන්ට ආහාර ලබා දීමට හෝ එසේ නොමැතිනම් එය මිල කර එහි වටිනාකමට අනුව ආහාර මිලට ගෙන දුගියෙකුට සාඃ භාගයක ප්‍රමාණයක් ලබා දීමට හෝ එසේත් නොමැති නම් සෑම දුගියෙකුගේ ආහාර වේලට සරිලන පරිදි උපවාසයක් බැගින් ඉටු කිරීම හෝ යන කරුණු වලින් එකක් තෝරා ගැනීමේ ස්වාධීනත්වය ඔහු සතුය.





එම සත්වයා එවන් සතෙකු නොවේ නම් දඬයම් කළ සත්වයා මිල කර ඒ අනුව ආහාර ලබා දීම හෝ එයට සරිලන පරිදි උපවාසයේ නිරත වීම හෝ ඔහුට තෝරා ගත හැක.





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْتُلُوا الصَّيْدَ وَأَنْتُمْ حُرُمٌ وَمَنْ قَتَلَهُ مِنْكُمْ مُتَعَمِّدًا فَجَزَاءٌ مِثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِنْكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَوْ عَدْلُ ذَلِكَ صِيَامًا لِيَذُوقَ وَبَالَ أَمْرِهِ عَفَا اللهُ عَمَّا سَلَفَ وَمَنْ عَادَ فَيَنْتَقِمُ اللهُ مِنْهُ وَاللهُ عَزِيزٌ ذُو انْتِقَامٍ (95)





විශ්වාස කළවුනි, නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී නුඹලා දඬයම් සතුන් නොමරවු. නුඹලා අතුරින් කවරෙකු ඕනෑකමින් එය මරා දමන්නේ ද නුඹලා අතුරින් යුක්තිගරුක දෙදෙනෙකු ඒ පිළිබඳ දෙන තීන්දුව අනුව එයට ප්‍රතිකර්මය වන්නේ මැරූ සතාට සමාන ගොවිපළ සතෙකුය. එය කඃබාවට ලැබිය යුතු සත්ව කැප කිරීමක් වශයෙනි. එසේ නොමැති නම් පාපශෝදනය වන්නේ දිළින්ඳන්ට ආහාර සැපයීම හෝ එයට සමාන වන ප්‍රමාණයෙන් උපවාසයේ නියැළීමය. (මෙය) ඔහු කළ දෑ හි ආදීනව භුක්ති විඳීමක් වශයෙනි. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු (එම වරද) නැවතත් කරන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ප්‍රතිහිංසාකාරී දඬුවම් දෙන්නේය. තවද අල්ලාහ් අතිබලසම්පන්නය. ප්‍රතිහිංසකය. (අල්-කුර්ආන් 5:95)





· දඬයම් කළ සත්වයාට සමාන සත්වයන් හා සමාන නොවන සත්වයින්





1- ගොවිපළ සතුන් අතරින් දඬයම් කළ සතාට සමාන සත්වයින්





පැස්බරාට සමාන ගොවිපළ සතා ඔටුවාය. සීබ්රා, පිනි මුවා, කොටළුවා වැනි සතුන්ට සමාන ගොවිපළ සතා ගවයාය. හයිනාට සමාන සතා බැටළුවාය. මුවාට සමාන සතා එළුවාය. රට හාවා තලගොයා වැනි සතුන්ට සමාන සතා එළුච්චියයි. රට මීයාට සමාන සතා එළු පැටියාය. හාවාට සමාන සතා ගැහැනු එළු පැටියාය. පරවියා හා ඒ ඝනයට අයත් සතුනට සමාන ගොවිපළ සතා එළුවාය. මේ හැර සෙසු සතුන් සම්බන්ධයින් විද්වතුන් දරණ සාධාරණීය තීන්දුව මත ක්‍රියාත්මක වෙයි.





2- සමාන කළ නොහැකි දඩයම් සතුන්





මෙවන් සතෙකු දඬයම් කළේ නම් එම සතා මිල කර, එහි වටිනාකමට සරිලන පරිදි ආහාර මිලට ගෙන, එක් එක් දුගියෙකුට මුද්දු එක බැගින් ලබා දිය යුතුයි. එසේ නොවේ නම් ඊට සරිලන අයුරින් උපවාසයේ නිරත විය යුතුයි.





හරම් සීමාව තුළ තිබෙන ගස් කැපීම හා එහි සතුන් දඩයම් කිරීමෙහි නීතිය





1- යමෙකු ඉහ්රාම් තත්ත්වයේ සිටිය ද සාමාන්‍ය ලෙස සිටිය ද පොදුවේ ඔහුට මක්කාහ්වේ හරම් සීමාව තුළ ඉද්හර් නමැති පැළෑටිය හා මිනිස් ශ්‍රමයෙන් හිටවන ලද ගස් හැර සෙසු පැළෑටි හෝ ගස් කැපීම තහනම් කරන ලදී. එහි දී ෆිද්යා ලබා දීමක් අවශ්‍ය නොමැත. එය හරම් සීමාව තුළ සතුන් දඬයම් කිරීමේ නීතිය හා සමානය. එනම් දඩයම් කළේ නම් එවිට ෆිද්යා ලබා දිය යුතු වෙයි.





2- මදීනා හරම් සීමාව තුළ ද දඬයම් කිරීම හා ගස් කැපීම තහනම්ය. එහි දී ෆිද්යා ලබා දීමක් නොමැත. නමුත් දඩයම් කරන්නා අවවාද කරනු ලැබේ. ඔහුව දැනුවත් කරනු ලැබේ. එහි ඇති පැළෑටි ආහාරයට අවශ්‍ය ප්‍රමාණයක් පමණක් ගනු ලැබේ. මෙම පාරිශුද්ධ ස්ථාන දෙක හැර ලොවෙ හි වෙනත් කොතැනක හෝ හරම් හෙවත් පාරිශුද්ධ ස්ථානයක් නොමැත.





· තහනම් කරන ලද දෙයක් නැවත නැවතත් ඉටු කරන්නාගේ නීතිය.





කවරෙකු තහනම් කරන ලද කරුණක් කර ෆිද්යා නොදුන් තත්ත්වයේ එම කරුණම නැවත නැවතත් කළේ නම් එක් වතාවක් පමණක් ෆිද්යා ලබා දෙයි. මෙය දඩයම් කිරීමේ නීතියට පටහැණිය.





කවරෙකු තහනම් කරන ලද හිස බූ ගෑම සුවඳ විලවුන් ගැල්වීම වැනි විවිධ වර්ගයට අයත් තහනමක් කරන්නේ ද එවිට ඔහු ඒ සෑම වර්ගයකම තහනම් දෑ සඳහා ෆිද්යා ලබා දිය යුතු වේ.





ඉහ්රාම් තත්ත්වයේ විවාහයක් ගිවිස ගැනීම තහනම්ය. එය නීත්‍යනුකූල නොවේ. එහි දී ෆිද්යා ලබා දීමක් නොමැත. එමෙන්ම පසුව එය නැවත ගිවිස ගත හැක.





· හජ් හා උම්රාවෙ හි සත්ව කැප කිරීමේ වර්ග





හජ්හි හා උම්රාවෙ හි අනිවාර්යයෙන්ම දම් හෙවත් සතෙකු කැප කිරීමේ වර්ග හතරකි.





පළමුවැන්න: තමත්තුඃ හා කිරාන් වෙනුවෙන් ලබා දෙන සත්ව කැප කිරීම. මෙයින් හජ් වන්දනාකරුවා අනුභව කළ හැක. එයින් දුප්පතුන්ට ද ආහාර සපයයි.





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ





... එවිට කවරෙකු උම්රාවෙන් (පසු) හජ් වන තෙක් විවේකයක් ගන්නේ ද ඔහු හද්යෙන් පහසු වන දෑ (දිය යුතුව) ඇත. ... (අල්-කුර්ආන් 2:196)





දෙවැන්න: යම් කිසි හේතුවක් මත හිස බූ ගෑම මසා නිම කළ ඇඳුම් ඇඳීම වැනි ඉහ්රාම් තත්ත්වයේ තහනම් කරනු ලැබූ යමක් කළේ නම් ඒ සඳහා වන්දියක් වශයෙන් පිරිනමන සත්ව කැප කිරීම. ෆිද්යතුල් අදා හෙවත් අඩුව පියවීමේ වන්දියක දී උපවාසය හෝ ආහාර සැපයීම හෝ සතෙකු කැප කිරීම යන කරුණු අතුරින් එකක් තෝරා ගැනීමේ නිදහස ඉස්ලාම් පිරිනමා ඇත.





තුන්වැන්න, හජ් වන්දනාවන් සම්පූර්ණව ඉටු කිරීමෙන් හෝ බයිතුල්ලාහ්වට පිවිසීමෙන් යමෙකු වළක්වනු ලබන්නේ නම් එහි අසම්පූර්ණත්වය පියවීම උදෙසා ලබා දෙන්නා වූ සත්ව කැප කිරීම. මෙහි කොන්දේසි පැනවීමක් නොමැත.





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ





හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් නුඹලා සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුයේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැපකිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. නුඹලාගෙන් කවරෙකු රෝගියෙකුව හෝ එසේත් නොමැති නම් ඔහුට තම හිසෙ හි වේදනාවක් ඇති වූ විටක (එමගින් හිස මුඩු කිරීමට සිදු වුවහොත් ඒ සඳහා) උපවාසයෙන් හෝ සදකාවෙන් හෝ සත්ව කැප කිරීමෙන් වන්දිය (ගෙවිය යුතු) වෙයි. ... (අල්-කුර්ආන් 2:196)





හතරවැන්න, ආහාරයට ගනු ලබන ගොඩබිම සතෙකු දඬයම් කර මරා දැමූ අය එයට ප්‍රතිකර්මයක් වශයෙන් ලබා දිය යුතු සත්ව කැප කිරීම.





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْتُلُوا الصَّيْدَ وَأَنْتُمْ حُرُمٌ وَمَنْ قَتَلَهُ مِنْكُمْ مُتَعَمِّدًا فَجَزَاءٌ مِثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِنْكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَوْ عَدْلُ ذَلِكَ صِيَامًا لِيَذُوقَ وَبَالَ أَمْرِهِ عَفَا اللهُ عَمَّا سَلَفَ وَمَنْ عَادَ فَيَنْتَقِمُ اللهُ مِنْهُ وَاللهُ عَزِيزٌ ذُو انْتِقَامٍ (95)





විශ්වාස කළවුනි, නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී නුඹලා දඬයම් සතුන් නොමරවු. නුඹලා අතුරින් කවරෙකු ඕනෑකමින් එය මරා දමන්නේ ද නුඹලා අතුරින් යුක්ති ගරුක දෙදෙනෙකු ඒ පිළිබඳ දෙන තීන්දුව අනුව එයට ප්‍රතිකර්මය වන්නේ මැරූ සතාට සමාන ගොවිපළ සතෙකුය. එය කඃබාවට ලැබිය යුතු සත්ව කැප කිරීමක් වශයෙනි. එසේ නොමැති නම් පාපශෝදනය වන්නේ දිළින්ඳන්ට ආහාර සැපයීම හෝ එයට සමාන වන ප්‍රමාණයෙන් උපවාසයේ නියැළීමය. (මෙය) ඔහු කළ දෑහි ආදීනව භුක්ති විඳීමක් වශයෙනි. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු (එම වරද) නැවතත් කරන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ප්‍රතිහිංසාකාරී දඬුවම් දෙන්නේය. තවද අල්ලාහ් අතිබලසම්පන්නය. ප්‍රතිහිංසකය. (අල්-කුර්ආන් 5:95)





අවසානයේ ප්‍රකාශ කළ සත්ව කැප කිරීමේ වර්ග තුන යම් කිසි නැමදුමක අඩුපාඩුවක් වෙනුවෙන් හෝ යම් ක්‍රියාවක් අතහැරීම හේතුවෙන් සිදු වුණු අඩුපාඩුවක් වෙනුවෙන් හෝ එම අඩුපාඩුව පිරවීම පිණිස දෙනු ලබන සත්ව කැප කිරීම්ය. එබැවින් එයින් අනුභව නොකළ යුතුයි. නමුත් එය කැප කර තමන් මක්කාහ්වේ සිටින්නේ නම් එහි ඇති දුගියන්ට අනුභව කිරීමට සැලැස්විය යුතු වේ. තමන් මක්කාහ්වෙන් බැහැරව සිටින්නේ නම් ඔහු වෙසෙන ස්ථානයේම අනුභව කරන්නට සලස්වයි.





පොදුවේ හජ් හා උම්රා නැමදුම් ඉටු කිරීමේ දී හරම් සීමාව තුළ වෙසෙන දුගියන්ට ධනවතුන් විසින් දාන මාන පරිත්‍යාගයන් පිරි නැමීම සුන්නාහ්වකි.





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللهِ ثُمَّ لَا يُتْبِعُونَ مَا أَنْفَقُوا مَنًّا وَلَا أَذًى لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ





අල්ලාහ්ගේ මාර්ගයේ තමන්ගේ සම්පත් වියදම් කර, පසුව තමන් වියදම් කළ දෑ පිළිබඳව කියා පෑමකින් හා රිදවීමකින් අනුගමනය නොකරන්නේ ද ඔවුනට ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත. තවද ඔවුනට (කිසිඳු) බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නේ ද නැත. (අල්-කුර්ආන් 2:262)





· සතෙකු පිරිනැමනු ලැබීමට අනිවාර්යය උදවිය





මස්ජිදුල් හරාම් හි වැසියන්, එනම් එහි වෙසෙන සියලුම වැසියන් මෙයින් අදහස් කෙරේ.





මස්ජිදුල් හරාමය අසල පදිංචිකරුවන්, එනම් හරම් සීමාවට සමීපයෙන් තම වාසස්ථාන ඇති උදවිය වෙති. ඔවුන් මක්කාහ්ව අවට ඇති ගම්මාන වල පදිංචිකරුවන් මෙන් නොව මොවුනට හද්යු ලබා දීමක් නොමැත. හරම් වැසියන් මෙන් තවාෆුල් විදා හෙවත් අවසන් තවාෆ් කිරීමේ වගකීම ද මොවුනට නොමැත.





නමුත් තමත්තුඃ ක්‍රමයට හා කිරාන් ක්‍රමයට හජ් උම්රා කරන උදවිය මස්ජිදුල් හරාම් අසල නොවෙත් නම් ඔවුන් හද්යු ලබා දිය යුතුය. එය එළුවෙකි. එසේ නොමැති නම් ඔටුවෙකු හෝ ගවයෙකුගේ හතෙන් එකක කොටසකි.





කවරෙකුට හද්යු ලබා දීමට නොලැබුණේ ද එසේ නැතිනම් එය ලබා දීමට නොහැකි වූයේ ද අරෆාවට පෙර හෝ පසු හජ්හි දින තුනක් ද එනම් එහි අවසානය හජ් මස 13 වැනි දිනයට යෙදෙයි. මෙයයි උතුම් ක්‍රමය වනුයේ. පසුව තම නිවෙස් බලා පැමිණ දින හතක් ද උපවාසයේ නිරත විය යුතුය. නමුත් ඉෆ්රාද් ක්‍රමයට හජ් ඉටු කරන උදවියට හද්යු ලබා දීමක් නැත.





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلَّهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ فَفِدْيَةٌ مِنْ صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ فَإِذَا أَمِنْتُمْ فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَنْ لَمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ (196)





හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් නුඹලා සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුවේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. නුඹලාගෙන් කවරෙකු රෝගියෙකුව හෝ එසේත් නොමැති නම් ඔහුට තම හිසෙ හි වේදනාවක් ඇති වූ විටක (එමගින් හිස මුඩු කිරීමට සිදු වුවහොත් ඒ සඳහා) උපවාසයෙන් හෝ සදකාවෙන් හෝ සත්ව කැප කිරීමෙන් වන්දියක් (ගෙවිය යුතුව) ඇත. නුඹලා (වළකනු ලැබීමෙන්) සුරක්ෂිත වූයේ නම් එවිට කවරෙකු උම්රාවෙන් (පසු) හජ් වන තෙක් විවේකයක් ගන්නේ ද ඔහු හද්යෙන් පහසු වන දෑ (දිය යුතුව) ඇත. එය පූර්ණ දින දහයකි. මෙය (මෙම නීතිය) මස්ජිද් හරාම් අබියස තම පවුල(වාස භූමිය) නොමැති අය සඳහාය. නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් ලබා දීමෙ හි දැඩි බව නුඹලා දැන ගනිවු. (අල්-කුර්ආන් 2:196)





· හද්යු හෙවත් සත්වයා කැප කිරීමේ ස්ථානය





සෑම සත්ව කැප කිරීමක්ම, ආහාර සැපයීමක්ම හරම් සීමාව තුළ සිටින දුගියන් වෙත විය යුතුය. එනම් එය කැපීමත් බෙදා හැරීමත් ඒ තුළ සිදු විය යුතුයි.





ෆිද්යතුල් අදා හෙවත් අඩුව පිරවීමේ හා මසා නිම කළ ඇඳුම් ඇඳීමේ වන්දි වශයෙන් ලබා දෙන දෑ හා හජ් කිරීමෙන් හෝ බයිතුල්ලාහ්වට පිවිසීමෙන් වළක්වනු ලැබීම හේතුවෙන් ලබා දෙන සත්ව කැප කිරීම වැනි දෑ එහි හේතු කාරණාව දුටු අවස්ථාවේම සිදු කළ යුතු වේ.





දඬයම් කිරීමේ හේතුව මත එයට ප්‍රතිකර්මයක් වශයෙන් ලබා දෙන සත්ව කැප කිරීම හරම් සීමාවේ දුප්පතුන්ට විය යුතුය. නමු උපවාසය කවර ස්ථානයක හෝ වේවා ඉටු කළ හැක.





තමත්තුඃ හා කිරාන් ක්‍රමයටත් පොදු ක්‍රමයටත් ලබා දෙන සත්ව කැපකිරීම් හරම් සීමාව තුළ සිදු විය යුතුය. එයින් අනුභව කළ හැකි අතර එය පරිත්‍යාග ද කළ හැක. එයින් හරම් සීමාව තුළ වූ දුගියන්ට ආහාර වශයෙන් සලසා දිය ද හැක.





හජ් කිරීමෙන් වළක්වනු ලබන්නා හද්යෙන් පහසු වන දෑ කැප කිරීම අනිවාර්යය වේ. පසුව ඔහු හිස බූ ගසයි. හද්යු ලබා දීමට නොලැබුණේ නම් ඉහ්රාමයෙන් මිදෙයි. ඔහු කෙරෙහි කිසිවක් නොපැවරෙයි. හේතුව එය ඉටු කිරීමේ හැකියාව නොලැබූ නිසා අනිවාර්යය භාවයෙන් ඔහු මිදුණු හෙයිනි.





· හරම් සීමාව එපිටට මස් යැවීමේ නීතිය





හජ් වන්දනාකරුවන් සතුන් කැප කරන වර්ග තුනකි.





පළමුවැන්න: තමත්තුඃ හා කිරාන් වෙනුවෙන් හරම් සීමාව තුළ කැප කිරීම. එයින් අනුභව කළ හැක. දුගියන්ට ආහාරව වශයෙන් පිරිනැමිය හැක. එමෙන්ම හරම් සීමාව එපිටට යැවිය හැක.





දෙවැන්න: දඩයම වෙනුවෙන් ප්‍රතිකර්මයක් වශයෙන් ද හිස මුඩු කිරීම වෙනුවෙන් වන්දියක් වශයෙන් ද තහනම් දෙයක් වෙනුවෙන් ක්‍රියාවට නැංවීමක් වශයෙන් ද කැප කරන සතුන්. මේ සියල්ල හරම් සීමාව තුළ සිටින දුගියන් වෙනුවෙනි. එයින් එය ලබා දෙන්නා අනුභව නොකළ යුතුයි.





තුන්වැන්න: හජ් කිරීමෙන් වළකනු ලැබීම හේතුවෙන් ලබා දෙන සත්ව කැප කිරීමත් ප්‍රතිකර්මයට ලබා දෙන සත්ව කැප කිරීමත් ඒවා හැර වෙනත් දෑ සඳහා ලබා දෙන සත්ව කැප කිරීමත්ය. මේවා කපන ලද ස්ථානයේම බෙදා හරිනු ලැබේ. වෙනත් තැනකට යැවීමට ද ඔහුට අනුමැතිය ඇත නමුත් එයින් අනුභව කළ නොහැක.





5- හජ් වන්දනාවේ වර්ග





 



Recent Posts

“ෂරිආ” පිළිවෙත පිළිබඳ ...

“ෂරිආ” පිළිවෙත පිළිබඳ විමසුමක්

ඉස්ලාම් හි උපවාසයේ අර ...

ඉස්ලාම් හි උපවාසයේ අරමුණ

ඉස්ලාමීය දැක්මෙන් ප්‍ ...

ඉස්ලාමීය දැක්මෙන් ප්‍රේමවන්තයින්ගේ දිනය මව්ලවි යූසුෆ් ඉම්තියාස්