ඉබ්නු උමර් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කළ හදීසයක් මෙසේය.
අහස් ජලය හා උල්පත් ජලය සැපයූ දෑහි හෝ ගලායන ජලයෙන් (පෝෂණය) වී ඇත්නම් දහයෙන් එකෙන් පංගුවකි. (වියදමක් සහිත) ශ්‍රමයෙන් ජලය සපයනු ලැබ ඇත්නම් දහයෙන් එකෙන් පංගුවකි. (මූලාශ්‍රය: බුහාරි)
3. විටක වැසි ජලයෙන් පෝෂණය වෙමින් හා තවත් විටක ළිං ජලයෙන් පෝෂණය වෙමින් දෙයාකාරයෙන්ම ජලය ලැබී ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් තුනක් එනම් 7.5%ක් සකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ.
ඵලදාවෙහි නිසාබ් ගණනය කිරීමේ දී විවිධ රට ඉඳි වර්ග තිරිඟු වර්ග හාල් වර්ග වැනි දෑ තිබුණ ද එම ජාතියට අයිති වර්ගයන් පොදුවේ එකම ගණයේ වස්තූන් වශයෙන් සලකනු ලැබේ.
zසකාත් අනිවාර්යය වීමේ කාලය
ධාන්‍ය හා පලතුරු වල zසකාත් අනිවාර්යය වනුයේ ඒවායෙහි අස්වැනු නෙළන කාලය උදා වී හොඳින් වැඩී පැහුණු පසුවය.
පලතුරු පැහීම යනු ඒවා රතු පැහැ වීම හෝ කහ පැහැ වීමය. අනතුරුව ඒවායෙහි හිමිකරු විසින් ඒවා විකුණා දැමුවේ නම් එහි මිලට ගන්නාට zසකාත් නියම නොවන අතර zසකාත් නියම වෙන්නේ හිමිකරුටය.
ධාන්‍ය හා පලතුරු ගණන් කළ නොහැකි තරමට විනාශ වී ඇත්නම් ඒවායෙහි හිමිකරුට ප්‍රයෝජනයක් ගත නොහැකි වී නම් සකාත්හි අනිවාර්යභාවය එයින් ඉවත් වනු ඇත.
එළවළු හා සෙසු පලතුරු වල zසකාත් අනිවාර්යය නොවන අතර ඒවා වෙළඳාම සඳහා වගා කර ඇත්නම් ඒවා මිල කර එයට වසරක් ගත වූ පසු ඒවායෙහි වටිනාකමට නියම වන zසකාතය ලබා දිය යුතු වේ.
මී පැණි zසකාත් වශයෙන් නිකුත් කිරීමේ ප්‍රමාණය
තමන්ට හිමි ස්ථානයකින් හෝ ගස් කදු ඇති ප්‍රයෝජනයක් නොගන්නා ස්ථානයකින් හෝ මී පැණි ලබා ඇත්නම් එහි දී දහයෙන් එක් පංගුවක් zසකාත් නිකුත් කළ යුතු වේ. එහි නිසාබ් එනම් නිකුත් කිරීම සඳහා නියම වන ප්‍රමාණය ඉරාකීය රාත්තල් 160කි. එය කි.ග්‍රූම් 62 කට සමාන වේ.
මී පැණි වෙළඳාම වශයෙන් කර ගෙන යන්නේ නම් එය වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා මිල කර එහි නිසාබ් ප්‍රමාණය ද ලබා වසරක කාලයක් ගත වී ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්යය වෙයි.
කුලී පදනම මත පිහිටි වගා බිමක zසකාත් නිකුත් කිරීමේ නීතිය.
යම් කිසිවෙකු කුලී පදනම යටතේ භූමි භාගයක් හෝ වත්තක් කුලියට ගෙන කිරිය හැකි රැස් කළ හැකි ධාන්‍ය පලතුරු හා වෙනත් දෑ එම භූමියෙන් හට ගැනෙන්නේ නම් එහි දී කුලියට ගත් පුද්ගලයා විසින් දහයෙන් පංගුවක් හෝ දහයෙන් එකෙන් අඩක් හෝ සකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. නමුත් එහි අයිතිකරු වෙත එය නොපැවරේ.
අයිතිකරු කෙරෙහි පැවරෙනුයේ ඔහු ලබා ගන්නා කුලියයි. එය zසකාත් අනිවාර්යය වීමට තිබිය යුතු අවම නිසාබ් ප්‍රමාණය ලැබ ඇත්නම් එමෙන්ම කුලියට දුන් දින සිට වසරක් සම්පූර්ණ වී ඇත්නම් එම කුලී මුදල ද වියදම් නොකරන්නේ නම් එම මුදලෙන් zසකාත් නිකුත් කිරීම අනිවාර්ය වෙයි.
මහ මුහුදෙන් මතුවන දෑහි zසකාත් නිකුත් කිරීමේ නීති රීති
මහ මුහුදෙන් මතු වන මුතු පළිඟු මත්ස්‍යයින් වැනි සියලු දෑහි සකාත් නිකුත් කිරීමක් නොමැත. නමුත් එය වෙළඳාමක් වශයෙන් කර ගෙන යන්නේ නම් එහි දී එහි වටිනාකම තක්සේරු කර නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ගත වී ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ. එනම් සියයට 2.5කි.
අල්ලාහ් මෙසේ පවසයි.
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (103)
ඔවුන්ගේ වස්තුවෙන් zසකාත් ලබා ගනිවු. එමගින් නුඹ ඔවුන්ව පිවිතුරු කරවවු. තවද පාරිශුද්ධියට පත් කරවු. ඔවුනට ප්‍රාර්ථනා කරවු. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානීය. (තව්බාහ් 9:103)
ඉන්ධන හා ඛණිජ වස්තු වල සකාත් නිකුත් කිරීමේ ප්‍රමාණය
ගහ කොළ හැර මහ පොළොවෙන් හට ගැනෙන ඛණිජ ඉන්ධන ගෑස් වැනි සියලු දෑහි zසකාත් ගණනය කරනු ලබන්නේ එහි වටිනාකම අනුවය. එහි දී රන් රිදී වල නිසාබ් ප්‍රමාණය ලබා ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් මුදල් වශයෙන් හෝ නියමිත භාණ්ඩයෙන් හෝ zසකාත් ලබා දිය යුතුයි.
ඛණිජ ඉන්ධන ගෑස් වැනි සියලු දෑ දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කිරීමට අනිවාර්යය වනුයේ ඒවා තමන් සතු කර ගන්නා අවස්ථාවේ දී එහි නිසාබ් ප්‍රමාණය සම්පූර්ණ වී තිබීමෙනි. හේතුව එය පරිභෝජනය කරනු ලබන වස්තුවක් බැවිනි. එහි දී වසරක් සම්පූර්ණ වීමේ කොන්දේසිය මෙහි දී අදාළ නොවේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (103)
ඔවුන්ගේ වස්තුවෙන් zසකාත් ලබා ගනිවු. එමගින් නුඹ ඔවුන්ව පිවිතුරු කරවවු. තවද පාරිශුද්ධියට පත් කරවු. ඔවුනට ප්‍රාර්ථනා කරවු. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානීය. (තව්බාහ් 9:103)
නිධන් වස්තු වල zසකාත් නිකුත් කිරීමේ ප්‍රමාණය.
නිධන් වස්තු යනු පෙර ජනයා විසින් වළ දැමූ ස්ථාන වලින් තමන්ට ලැබෙන්නා වූ වස්තුවයි. එහි දී එම වස්තුව අල්ප වුව ද අධික වුව ද පහෙන් පංගුවක් සකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. ඉහත සඳහන් කළාක් මෙන් නිසාබ් ප්‍රමාණය ලැබීම හෝ වසරක් සම්පූර්ණ වීමේ කොන්දේසිය මෙහි දී අදාළ නොවේ. යුද්ධයක සතුරන් විසින් දමා ගිය වස්තුවෙහි ද පහෙන් කොටසක් නිකුත් කළ යුතු අතර ඉතිරි කොටස් හතර එම වස්තුව ලබන්නාට හිමි වේ.
4. වෙළඳ භාණ්ඩ වල zසකාත්
වෙළඳ භාණ්ඩ යනු භුක්ති විඳීමේ සම්පූර්ණ අයිතිය ඇති ඉඩ කඩම් සතුන් ආහාර පාන ඇඳුම් පැලඳුම් ඇඳ ඇතිරිලි හා උපකරණ වැනි දැයින් ලාභය ලබනු පිණිස ගනු දෙනු කිරීම සඳහා නිෂ්පාදනය කරනු ලබන වස්තුව වෙයි.
වෙළඳ භාණ්ඩ වල සකාත් නිකුත් කිරීමේ නීති රීති
වෙළඳ භාණ්ඩ වෙළඳාම් කරනු ලබන්නේ නම් එය එහි නිසාබ් ප්‍රමාණය ලබා එයට වසරක් සම්පූර්ණ වී ඇත්නම් zසකාත් ලබා දීම අනිවාර්යය වෙයි. හේතුව එය වර්ධනය වීමේ වස්තුවක් බැවිනි. භාණ්ඩ අධිකව තිබීමෙන් හා තමන්ගේ කැප වීම අනුව එය වර්ධනය වෙයි. වසරක් අවසානයේ zසකාත් නිකුත් කරන්නා සතු වෙළඳ භාණ්ඩ රන් හෝ රිදී වටිනාකමට මිල කර එය නිසාබ් තත්ත්වය ලබා ඇත්නම් සම්පූර්ණ වටිනාකමින් හෝ එම භාණ්ඩයෙන් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ.
භාණ්ඩ වල තත්ත්වයන්
1. නිවාස, භුක්ති විඳින ඉඩ කඩම්, වාහන හා උපකරණ වැනි දෑ තමන් ජීවත් වීම පිණිස හෝ පරිහරණය කිරීම පිණිස සූදානම් කර ඇත්නම් එහි දී zසකාත් නිකුත් කිරීමක් නැත.
2. මෙම භාණ්ඩ කුලී ලබා ගැනීම පිණිස සූදානම් කර ඇත්නම් එවිට zසකාත් නිකුත් කළ යුත්තේ එහි කුලියටය. එය වියදම් කිරීමට පෙර ගිවිසුම් කළ අවස්ථාවේ සිට නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ද ගත වී ඇත්නම් zසකාත් නිකුත් කළ යුතු වේ.
3. මෙම භාණ්ඩ වෙළඳාම පිණිස සූදානම් කර ඇත්නම් zසකාත් අනිවාර්යය වනුයේ එහි වටිනාකමෙහිය. නිසාබ් ප්‍රමාණය ලැබ වසරක් ද ගත වී ඇත්නම් එහි වටිනාකමින් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ. එනම් සියයට 2.5කි.
4. ගොවිතැන් උපකරණ වෙළඳ ස්ථාන කුලියට ගත් ස්ථාන වැනි දෑවල වටිනාකමෙහි zසකාත් නිකුත් කිරීමක් නැත. හේතුව ඒවා වෙළඳ භාණ්ඩ ලෙස නොව පරිහරණය කරන භාණ්ඩ ලෙස සලකන බැවිනි. නමුත් මේවා කුලියට දී ඇත්නම් කුලී මුදල ද නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ගත වූයේ නම් එම කුලී මුදලෙහි සකාත් නිකුත් කිරීම අනිවාර්යය වේ.
සමාගම් හා සංස්ථාවන් හි zසකාත් නිකුත් කිරීම
1. කෘෂිකාර්මික සමාගම්: එහි ආදායම ධාන්‍ය පලතුරු හා එවැනිම ගොඩ ගැසිය හැකි කිරිය හැකි වෙනත් දෙයකින් පිහිටියේ නම් එහි ධාන්‍ය හා පලතුරු වල සකාත් අදාළ කොන්දේසි අනුව නිකුත් කළ යුතු වේ. එහි ආදායම ගොවිපළ සතුන්ගෙන් පිහිටියේ නම් එහි ගොවිපළ සතුන්හි zසකාත් අදාළ කොන්දේසි අනුව නිකුත් කළ යුතු වේ. එහි ආදායම ගනු දෙනු වන මුදල් නම් එවිට එහි මුදල්මය zසකාත් අදාළ කොන්දේසි අනුව දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් නිකුත් කළ යුතු වේ.
2. නිෂ්පාදිත සමාගම්: බෙහෙත්, විදුලිය, සිමෙන්ති යකඩ වැනි දෑ නිෂ්පාදනය කරන සමාගමක් නම් එහි ලැබෙන ශුද්ධ ලාභය නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ගත වී ඇත්නම් එවිට දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ. භුක්ති විඳීමට සම්පූර්ණ අයිතියක් ඇති ඉඩ කඩම්හි කුලී පදනම යටතේ ලැබෙන ලාභය zසකාත් වශයෙන් නිකුත් කිරීමේ ක්‍රම වේදය මෙහි දී ද අදාළ වෙයි.
3. වෙළඳ සමාගම්: ගනු දෙනු කිරීමට ඉස්ලාම් අනුමත කළ ආනයනය හා අපනයනය ගැනුම් හා විකුණුම් මුළාරබා නම් සමපේක්ෂණ ව්‍යාපාර ටෙන්ඩර් ව්‍යාපාර මුදල් මාරු පොළ වැනි සමාගම් උදාහරණ වශයෙන් ගත හැක.
මෙහි දී යෙදූ ප්‍රාග්ධනය හා ලබන ශුද්ධ ලාභය නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ගත වී ඇත්නම් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කළ යුතු වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (103)
ඔවුන්ගේ වස්තුවෙන් zසකාත් ලබා ගනිවු. එමගින් නුඹ ඔවුන්ව පිවිතුරු කරවවු. තවද පාරිශුද්ධියට පත් කරවු. ඔවුනට ප්‍රාර්ථනා කරවු. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්වඥානීය. (තව්බාහ් 9:103)
කොටස් ව්‍යාපාරයේ zසකාත්.
එයට අවස්ථා දෙකක් ඇත.
1. කොටස් හිමියා තැන්පත් කර වාර්ෂික ආදායමක් ලබා ගැනීමේ අරමුණින් කොටස් ව්‍යාපාරයෙහි නියැළුණේ නම්, ඉහත කී පරිදි ලැබෙන ලාභයෙහි පමණක් දහයෙන් එකෙන් හතරෙන් පංගුවක් zසකාත් වශයෙන් නිකුත් කිරීම අනිවාර්යය වේ.
2. කොටස් හිමියා ලාභයක් අපේක්ෂා කරමින් ගැනුම් විකුණුම් යන ව්‍යාපාරික අරමුණක් ඔහුට ඇත්නම් ඔහු යමක් විකුණන්නේ නම් හෝ මිල දී ගන්නේ නම් කොටස් ව්‍යාපාරයෙන් තමන් සතු කර ගන්නා සියලු දෑහි හා ලැබෙන ලාභයෙහි නිසාබ් ප්‍රමාණය ලබා වසරක් ද සම්පූර්ණ වී ඇත්නම් zසකාත් නිකුත් කිරීම අනිවාර්යය වෙයි.
එහි zසකාත් නිකුත් කිරීමේ ප්‍රමාණය වන්නේ වෙළඳ භාණ්ඩ වල zසකාත් ප්‍රමාණය වන දහයෙන් එකෙන් හතරෙන් පංගුවකි. zසකාත් නිකුත් කිරීමේ දී එහි වටිනාකම සලකනු ලබන්නේ, එය අනිවාර්ය වන අවස්ථාවේ දී පිහිටා ඇති වෙළඳ පොළ මිලය.
තහනම් වස්තු වල සකාත් නිකුත් කිරීමේ නීති රීති.
තහනම් වස්තු කොටස් දෙකකි.
1. වස්තුව එහි මූලය මත් පැන් මත් ද්‍රව්‍ය සූකර මාංශ දුම් වැටි වැනි හරාම් දෙයක් නම් එය තමන් සතු කර ගැනීම තහනම්ය. එය zසකාත් වස්තුවක් ද නොවෙයි. එය විනාශ කර දමා එයින් මිදිය යුතුය.
2. වස්තුව එහි මූලය තහනම් වස්තුවක් නොවුව ද මංකොල්ලය සොරකම වැනි කිසිදු අයිතියකින් හෝ ගිවිසුමකින් තොරව ලබා ගැනීමෙන් හා පොලිය සූදුව වැනි වංචනික ගිවිසුමකින් යමක් තමන් සතු කර ගැනීමෙන් හරාම් යැයි වර්ණනා කරනු ලැබූ දෙයක් නම් එයට අවස්ථා දෙකක් ඇත.
1. එහි සැබෑ අයිතිකරු හඳුනනවා නම් එය ඔවුන් වෙත නැවත භාර දිය යුතු වේ. අයිතිකරු විසින් එය තමන් සතු කර ගත් පසු එක් වසරක් වෙනුවෙන් zසකාත් නිකුත් කරනු ලැබේ.
2. එහි සැබෑ අයිතිකරු කවුරුන්දැයි නොදන්නේ නම් ඔවුන් වෙනුවෙන් එයින් zසකාත් ලබා දිය යුතු වේ. පසුව අයිතිකරුවන් හෙළි වී ඔවුන් තමන් කළ දේ පිළිගත්තේ නම් එය නිවැරදිය. එසේ නොමැති නම් නිකුත් කළ මුදල ඔහු වෙත භාර දිය යුතු වේ. එය තමන් සතුව තබා ගැනීම පාපයකි. එහි zසකාත් නිකුත් කිරීම ඔහු කෙරෙහි අනිවාර්යය වේ.
5. zසකාතුල් ෆිත්ර්
zසකාතුල් ෆිත්ර් යනු රමළාන් උපවාසය නිමා කිරීමෙන් පසු මුස්ලිම්වරයෙකු කෙරෙහි අනිවාර්යය වන දානයයි.
zසකාත් හි වර්ග
ඉස්ලාම් පෙන්වා දෙන පරිදි අනිවාර්යය zසකාත් වර්ග තුනකි.
1. zසකාතුන් නෆ්ස් හෙවත් චිත්ත පාරිශුද්ධිය
මිනිසෙකු තමන් කරන යහපත් ක්‍රියාදාමයන් තුළින් තමන්ව පාරිශුද්ධ කර ගනිමින් අයහපත් ක්‍රියාවන්ගෙන් ඇත් වී පාපක්ෂමාවෙහි නියැළී තම ආත්මය පිවිතුරු කර ගැනීමයි.
قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا (9) وَقَدْ خَابَ مَنْ دَسَّاهَا (10)
9. කවරෙකු එය(ආත්මය) පවිත්‍ර කර ගත්තේ ද ඔහු සැබැවින්ම ජයග්‍රහණය කළේය. 10. කවරෙකු එයට (පාපය) ක්‍රමයෙන් ප්‍රවේශ කරන්නේ ද සැබැවින්ම ඔහු පාඩු විඳියි. (අල්-කුර්ආන් 91: 9,10)
2. zසකාතුල් බද්න් හෙවත් zසකාතුල් ෆිත්ර්
උපවාස කාලයේ දී සිදුවුනු අර්ථ ශූන්‍ය අසභ්‍ය වචනයෙන් උපවාස කරු පිවිතුරු කිරීම පිණිසත් දුගියන්ට ආහාරයක් වනු පිණිසත් රමළාන් උපවාසය නිමා කිරීමෙන් ලබා දෙන්නා වූ zසකාත්ය. එය ආහාරයෙන් සාඃ එකක ප්‍රමාණයකි. එනම් කි.ග්‍රෑම් 2.40කි. මෙම පාඩමින් අදහස් කෙරෙනුයේ මෙම අවස්ථාවයි.
3. වස්තු වල zසකාත්.
වස්තුව තමන් සතුව තිබී එම වස්තුවෙහි නිසාබ් ප්‍රමාණය ද ලබා ඇති අය කෙරෙහි පැවරෙන අනිවාර්යය බද්ධය. මෙය ඉස්ලාමයේ තුන් වැනි වගකීමයි. මේ පිළිබඳව ඉහත සඳහන් වී ඇත.
zසකාතුල් ෆිත්රා ආගම් ගත වීමේ යථාර්ථය.
උපවාස කාලයේ දී සිදු වුනු අර්ථ ශූන්‍ය හා අසභ්‍ය වචනයෙන් උපවාස කරු පිවිතුරු කිරීම පිණිසත් දුගියන්ට ආහාරයක් වනු පිණිසත් ඔවුන් අවුරුදු දින අන් අයට අත පෑමට අවශ්‍ය නොවනු පිණිසත් ධනවතුන් සමග අවුරුදු සතුට භුක්ති විඳීම පිණිසත්ය.
عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ: فَرَضَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ زَكَاةَ الْفِطْرِ طُهْرَةً لِلصَّائِمِ مِنْ اللَّغْوِ وَالرَّفَثِ وَطُعْمَةً لِلْمَسَاكِينِ مَنْ أَدَّاهَا قَبْلَ الصَّلَاةِ فَهِيَ زَكَاةٌ مَقْبُولَةٌ وَمَنْ أَدَّاهَا بَعْدَ الصَّلَاةِ فَهِيَ صَدَقَةٌ مِنْ الصَّدَقَاتِ اخرجه ابو داود وابن ماجه
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් මෙසේ වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අර්ථ ශූන්‍ය හා අසභ්‍ය වචනයෙන් උපවාස කරු පිවිතුරු කිරීම පිණිසත් දුගියන්ට ආහාරයක් වනු පිණිසත් zසකාතුල් ෆිත්ර් අනිවාර්යය කළහ. කවරෙකු එය සලාතයට පෙර ඉටු කරන්නේ ද එය පිළිගනු ලැබූ zසකාතයක් වෙයි. කවරෙකු එය සලාතයෙන් පසු ඉටු කරන්නේ ද සෙසු සදකාවන් අතුරින් එක් සදකාවක් වෙයි.
(මූලාශ්‍රය අබූ දාවූද්, ඉබ්නු මාජාහ්)
zසකාතුල් ෆිත්ර්හි නීති රීති
සෑම මුස්ලිම්වරයෙකු වෙනුවෙන්ම zසකාතුල් ෆිත්ර් නිකුත් කිරීම අනිවාර්ය වෙයි. ඔහු පිරිමියෙකු හෝ කාන්තාවක් හෝ වේවා නිදහස් පුද්ගලයෙකු හෝ වහලෙකු හෝ වේවා කුඩා හෝ වැඩිහිටියෙකු හෝ වේවා යමෙකුට ඔහුගේ ආහාරයටත් ඔහුගෙන් යැපෙන මුස්ලිම්වරුන්ගේ ආහාරයටත් අමතරව සාඃ එකක තරම් තමන් සතුව ඇත්නම් ඔහු zසකාතුල් ෆිත්ර් නිකුත් කළ යුතු වෙයි.
මව් කුස තුළ සිටින කලලය වෙනුවෙන් පවා zසකාත් නිකුත් කිරීම සතුටු දායකය.
عَن ابي سَعِيدٍ الْخُدْرِيَّ رَضِيَ اللَّهُ عَنْهُ قال: كُنَّا نُخْرِجُ زَكَاةَ الْفِطْرِ صَاعًا مِنْ طَعَامٍ أَوْ صَاعًا مِنْ شَعِيرٍ أَوْ صَاعًا مِنْ تَمْرٍ أَوْ صَاعًا مِنْ أَقِطٍ أَوْ صَاعًا مِنْ زَبِيبٍ متفق عليه
අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අපි ආහාරයෙන් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ බාර්ලි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ රට ඉඳි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් ද කේජු වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ මිදි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කරන්නන් වූයෙමු.
(මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)
එක් සාඃ එකක් යනු කි.ග්‍රෑම් 2.40කි.
zසකාතුල් ෆිත්ර් අනිවාර්ය වීමේ වේලාව
රමළාන් මස අවසන් දින හිරු අවරට ගිය වේලාවේ සිට සෑම කෙනෙකු වෙනුවෙන්ම zසකාතුල් ෆිත්ර් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. පියා තම කුටුම්බය වෙනුවෙන් හෝ වෙනත් අය වෙනුවෙන් ඔවුන්ගේ අවසරය හා ඔවුන්ගේ තෘප්තිය මත එය නිකුත් කරන්නේ නම්, එය පිළි ගනු ලැබේ. එමෙන්ම ඔහු ද කුසල් ලබන්නෙකු වෙයි.
zසාකාතුල් ෆිත්ර් නිකුත් කිරීමේ වේලාව
රමළාන් අවුරුදු දින රාත්‍රියේ හිරු අවරට යාමත් සමඟ මෙය නිකුත් කිරීමේ වේලාව ආරම්භ වී අවුරුදු සලාතයට පෙර දක්වා වූ කාලය දක්වා දීර්ඝ වේ. එය නිකුත් කිරීමට උචිතම වේලාව වනුයේ අවුරුදු සලාතයට පෙර අවුරුදු දිනයේ දීම නිකුත් කිරීමය.
එමෙන්ම අවුරුද්දට දිනකට හෝ දින දෙකකට පෙර එය නිකුත් කිරීමට අවසරය ඇත. නමුත් ඊට පෙර නිකුත් නොකළ යුතු වේ. අවුරුදු සලාතයෙන් පසු කවරෙකු එය ඉටු කරන්නේ ද සෙසු සදකාවන් මෙන් වූ සදකාවක් වශයෙන් පමණක් සැලකේ. හේතුවකින් තොරව එසේ ප්‍රමාද කිරීමෙන් තමන් පාපියෙකු බවට පත් වෙයි.
යමෙකු කිසිදු හේතුවකින් තොරව අවුරුදු දින එය නිකුත් නොකර ප්‍රමාද කරන්නේ නම් ඔහු පාපියෙකු වෙයි. ඔහුට යම් කිසි සාධාරණ හේතුවක් තිබුණේ නම් එය ඔහුට කලා එනම් පසුව ඉටු කළ හැකිය. ඔහු කෙරෙහි පාපයක් නැත.
zසකාතුල් ෆිත්ර්හි ප්‍රමාණය.
හාල් තිරිඟු බාර්ලි රට ඉඳි මිදි කේජු ඉරිඟු වැනි ගමක දේශයක ප්‍රධාන ආහාර වේල වශයෙන් සැලකෙන සෑම දෙයකින්ම zසකාතුල් ෆිත්ර් නිකුත් කිරීම අනිවාර්යය වෙයි. ඒවා අතුරින් ශ්‍රේෂ්ඨතම වන්නේ දුගී දුප්පතුන්ට වඩාත් ප්‍රයෝජනවත් වන දෑය.
සෑම කෙනෙකු වෙනුවෙන්ම නිකුත් කරනු ලබන zසකාතුල් ෆිත්ර් හි ප්‍රමාණය වනුයේ එක් සාඃ එකක් යනු කි.ග්‍රූම් 2.40කට සමාන වෙයි. එය ලැබීමට සුදුසු දුගියන්ට ලබා දිය යුතු වේ. ආහාරය වෙනුවට එහි වටිනාකම නිකුත් කිරීම සුදුසු නොවෙයි. එබැවින් මෙය ලබන්නට ඉතාමත් සුදුසුම පුද්ගලයින් වන්නේ දුගියන් හා දුප්පතුන්ය.
عَن ابي سَعِيدٍ الْخُدْرِيَّ رَضِيَ اللَّهُ عَنْهُ قال: كُنَّا نُخْرِجُ زَكَاةَ الْفِطْرِ صَاعًا مِنْ طَعَامٍ أَوْ صَاعًا مِنْ شَعِيرٍ أَوْ صَاعًا مِنْ تَمْرٍ أَوْ صَاعًا مِنْ أَقِطٍ أَوْ صَاعًا مِنْ زَبِيبٍ متفق عليه
අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අපි ආහාරයෙන් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ බාර්ලි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ රට ඉඳි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ කේජු වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ මිදි වලින් එක් සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කරන්නන් වූයෙමු. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
3. zසකාත් නිකුත් කිරීම
zසකාත් අනිවාර්යය වන වස්තූන්
zසකාත් අනිවාර්යය වන වස්තූන් දෙවර්ගයකි.
1. ධාන්‍ය පලතුරු වැනි වැඩෙන දෑ හා ඛණිජ නිධන් වැනි නොවැඩෙන දෑ
මේවා තමන් වෙත ලැබී නිසාබ් ප්‍රමාණය ලැබ ඇත්නම් මෙහි දී වසරක් සම්පූර්ණ වීමේ කොන්දේසිය අදාළ නොවේ.
2. රන් රිදී මුදල් ගොවිපළ සතුන් වෙළඳ භාණ්ඩ වැනි වර්ධනය කිරීම සඳහා හෝ වෙළඳාම සඳහා හෝ ඇති දෑ
මෙහි දී නිසාබ් ප්‍රමාණය ලැබ ඒ කෙරෙහි වසරක් සම්පූර්ණ වී ඇත්නම් එම කොන්දේසි යටතේ zසකාත් නිකුත් කරනු ලැබේ.
සාකාත් නිකුත් කිරීමේ විනය
පවින් පිරුණු තම ආත්මය හා මුදල් පිවිතුරු කරවන ඉමහත් නැමදුම් වලින් එක් නැමදුමකි zසකාත්. එය නිකුත් කිරීමේ විනයන් පිළිබඳ සලකා බලන්නේ නම්
1. අනිවාර්යය වූ අවස්ථාවේම එය නිකුත් කිරීම.
2. පිවිතුරු දැයින් නිකුත් කිරීම.
3. වස්තුවෙන් වඩා යහපත් වූ විශිෂ්ට දැයින් සකාත් නිකුත් කිරීම
4. තමන්ට ප්‍රියමනාප දැයින් නිකුත් කිරීම.
5. අනුමත දැයින් නිකුත් කිරීම
6. එය නිකුත් කිරීමෙන් සතුටට පත් වීම.
7. එමගින් zසකාත් ලබන්නා තෘප්තියට පත් කර වීම.
8. තමන් ලබා දෙන්නා වූ වස්තු පිළිබඳව පුදුමයට පත් නොවන අන්දමින් එය සුළුවෙන් සැලකීම.
9. මූණිච්චාවෙන් ආරක්ෂා වනු පිණිස එය රහසිගතව නිකුත් කිරීම.
10. ඇතැම් විටෙක මෙම වගකීම ජීවමාන කිරීම පිණිසත් සෙසු ධනවතුන් එය පිළිපැදීමේ ආශාව ඇති කරවනු පිණිසත් ප්‍රසිද්ධියේ ලබා දීම.
11. ලබා දුන් දෑ කියා පෑමෙන් හෝ ලබන්නා අසරණභාවයට ලක් කිරීමෙන් තමන්ගේ මෙම මහඟු කටයුත්ත නිෂ්ඵල නොවීමට වග බලා ගැනීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටියි.
وَالَّذِينَ يُؤْتُونَ مَا آَتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ (60) أُولَئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ (61)
ඔවුන් දෙන දේ ලබා දී සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත නැවත යන්නන් බව ඔවුන්ගේ හදවත් බියෙන් පසුවන්නන්ය. තවද ඔවුන් යහකම් කිරීමෙහි යුහුසුළු වන්නෝය. ඒ සඳහා ඔවුන් තරඟ වදින්නන් වෙති.
(අල්-කුර්ආන් 23: 60,61)
zසකාත් ලැබීමට සුදුස්සෝ
zසකාත් නිකුත් කරන්නා තම zසකාතය පිරිනැමීම පිණිස දැඩි සේ දේව බියෙන් පසු වන ඉතා සමීප ඥාතීත්වය ඇති ආර්ථික අපහසුකම් ඇත්තන් සොයා යෑම ඉතා උචිතය. ඒ අනුව zසකාත් නිකුත් කරන්නා තම zසකාතය සමීප ඥාතීන්ගෙන් ද දේව බියෙන් පසුවන්නන්ගෙන් ද දැනුම සොයන්නන්ගෙන් ද තම අඟහිඟකම් හෙළි නොදක්වන දුඟී දුප්පතුන්ගෙන් ද අවශ්‍යතාවෙන් පෙළෙන අධික සාමාජිකයින්ගෙන් සපිරුණු පවුල් වලින් ද ඉතා සුදුස්සන් සොයා එය ලබා දීමට කටයුතු කළ යුතු වේ. තමන් සතු සදකා හෝ zසකාත් ලබා දිය නොහැකි තත්ත්වයන් උදා වීමට පෙර එය නිකුත් කළ යුතු වේ.
කෙනෙකු zසකාත් ලබන්නට සුදුසු ගුණාංග බොහෝමයකින් සමන්විත නම් උදාහරණයක් වශයෙන් ඔහු දුගියෙකි එමෙන්ම කිට්ටු ඥාතියෙකි. ඔහු දුඟියෙකි එමෙන්ම දැනුම සොයන්නෙකි. මෙවැනි උදවිය zසකාත් ලබා ගැනීමට සුදුසුම පුද්ගලයින් වේ. එමෙන්ම අධික කුසල් ලැබීමේ අවස්ථාව ද zසකාත් නිකුත් කරන්නාට හිමි වෙයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
لِلْفُقَرَاءِ الَّذِينَ أُحْصِرُوا فِي سَبِيلِ اللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًا فِي الْأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ تَعْرِفُهُمْ بِسِيمَاهُمْ لَا يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ (273)
273. මිහිතලයේ (ජීවනෝපාය පිණිස) සැරිසැරීමට නොහැකිව අල්ලාහ්ගේ මාර්ගයේ පමණක් තමන්ව සීමා කර ගත් දුගියන්ට (නුඹලාගේ සදකාවන් ලැබීම සුදුසු)ය. (ඔවුන් සෙසු අයගෙන් අත පෑමෙන්) වැළකී සිටීම නිසා (ඔවුන් ගැන) නොදත් අය ඔවුන්ව අවශ්‍යතාවන්ගෙන් තොර වූ අය ලෙස සිතති. ඔවුන්ගේ සලකුණු මඟින් නුඹ ඔවුන්ව හඳුනන්නෙහිය. ඔවුහු මිනිසුන්ගෙන් නිති කන්නලව් කරමින් නොඉල්ලති. යහපත් දැයින් නුඹලා කුමක් වියදම් කරන්නෙහි ද සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥය.
(අල්-කුර්ආන් 2:273)
zසකාත් නිකුත් කිරීමේ වේලාව
1. නොවැළැක්විය හැකි අවස්ථාවක හැර zසකාත් අනිවාර්යය වූ වහාම කිසිදු ප්‍රමාදයකින් තොරව එය නිකුත් කිරීම අනිවාර්යය වේ.
2. zසකාත් අනිවාර්යය වීමේ හේතූන් තිබී එය අනිවාර්යය වීමට පෙර එය නිකුත් කිරීමට හැකියාව ඇත. මෙසේ ලබා දීමෙන් මහත් ප්‍රතිඵල ලැබෙන අතර විශේෂයන්ම ඔහුගේ චේතනාවට විශේෂ තිළිණ ද හිමි වේ. ගොවිපළ සතුන් රන් රිදී හා වෙළඳ භාණ්ඩයන්හි නිසාබ් ප්‍රමාණය ලැබ ඇත්නම් කල් ඇතිව ලබා දීමට හැකියාව ඇත.
3. වසරකට හෝ වසර දෙකකට පෙර zසකාත් නිකුත් කිරීමට ද හැකිය. එය දුඟියන්ට මාසික දීමනාවක් වශයෙන් ලබා දීමෙහි සුබදායක තත්ත්වයක් දකී නම් එසේ ලබා දීමට ද හැකිය.
4. වැටුපක් මාසික කුලියක් තමන්ට උරුම ආදායමක් වැනි නියම කර ගත් කාල සීමාවකට වරක් කවරෙකු තම ධනය තමන් සතු කර ගන්නේ ද වසරකට පසුව සම්පූර්ණ මුදලින් zසකාත් ගණන් බලා නිකුත් කළ යුතු වේ.
යමෙකු තෘප්තිමත් භාවය ලැබීමටත් දුඟියන් හා සෙසු අයට වඩා ප්‍රයෝජන වීමටත් අධික කුසල් වලින් සපිරුණු රමළාන් මාසය මෙන් වසරේ යම් කිසි මසක තම zසකාතය නිකුත් කළ හැක.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ وَاسْمَعُوا وَأَطِيعُوا وَأَنْفِقُوا خَيْرًا لِأَنْفُسِكُمْ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ (16) إِنْ تُقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ شَكُورٌ حَلِيمٌ (17) عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الْحَكِيمُ (18)
16. නුඹලාගේ ශක්තියට අනුව නුඹලා අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සවන් දෙවු. අවනත වවු. තවද (අල්ලාහ්ගේ මාර්ගයේ) වියදම් කරවු. (එය) නුඹලාට යහපත් වන්නේය. තවද කවරෙකු තමන්ගේ හදවතෙ හි ඇති වන මසුරුකමින් වළක්වනු ලබන්නේ ද ඔවුහුමය ජය ලද්දෝ. 17. නුඹලා අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙන්නේ නම් ඔහු එය නුඹලාට ප්‍රගුණ කර දෙන්නේය. තවද නුඹලාට ඔහු ක්ෂමාව පිරිනමන්නේය. අල්ලාහ් මහා කෘතවේදීය. දැඩි ඉවසිලි වන්තය. 18. (ඔහු) අදෘශ්‍යමාන හා දෘශ්‍යමාන දෑ පිළිබඳව සර්වඥය. අති බල සම්පන්නය සර්ව ප්‍රඥාවන්තය. (අල්-කුර්ආ 64:16-18)
zසකාත් බෙදා හැරීමේ නීති රීති
එක් අයෙකුට අනිවාර්යය වූ zසකාතය පිරිසකටත් පිරිසකට අනිවාර්යය වූ zසකාතය එක් අයකුටත් ලබා දීමට හැකිය. නමුත් ඉතා උතුම් වන්නේ zසකාතය තනිව රහසිගතව හෝ ප්‍රසිද්ධියේ යහපත සැලසෙන පරිදි ලබා දීමයි. යථාර්ථය නම් යහපත සැලසෙන අවස්ථාවක හැර රහසිගතව ලබා දීම ඉතා උතුම්ය.
إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (271)
271. සදකාවන් නුඹලා ප්‍රසිද්ධව කරන්නේ නම් එය හොඳය. තවද නුඹලා ඒවා රහසිගතව සඟවා ඒවා දුගියන්ට ලබා දෙන්නේ නම් එය නුඹලාට ඉතා යහපතය. තවද එය නුඹලාගේ සමහර පාපයන්ට නුඹලාට වන්දියක් වනු ඇත. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තයා වෙයි. (අල්-කුර්ආන් 2: 271)
විනිශ්චයකරුවෙකු වෙත zසකාත් පැවරීමේ නීතිය.
1. විනිශ්චය කරු මුස්ලිම් වරුන්ගේ සුභසාධක කටයුතුවල දී යුක්ති ගරුකව විශ්වාසවන්තභාවයෙන් කටයුතු කරන්නෙකු නම් ධනවතුන්ගෙන් zසකාත් ලබා එය ආගමානුකූලව බෙදා හැරීමට අවසරය ඇත. ගොවිපළ සතුන් ධාන්‍ය පලතුරු වැනි භෞතික භාණ්ඩ අත්පත් කර ගැනීම සඳහා ජනයින් වෙත සේවකයෙකු යැවීම ඔහු වෙත අනිවාර්යය වෙයි. හේතුව ඔවුන්ගෙන් බහුතර zසකාත් අනිවාර්යය වී ඇති බවත් එහි නිසාබ් ප්‍රමාණය ලබා ඇති බවත් නොදැනුවත්ව සිටින බැවිනි. එපමණක් නොව ඔවුන් අතර එය නිකුත් කිරීමට මැළිකම් දක්වන උදවිය ද අමතක වී යන උදවිය ද සිටින්නට පුළුවන.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (103)
ඔවුන්ගේ වස්තුවෙන් zසකාත් ලබා ගනිවු. එමගින් නුඹ ඔවුන්ව පිවිතුරු කරවවු. තවද පාරිශුද්ධියට පත් කරවු. ඔවුනට ප්‍රාර්ථනා කරවු. සැබැවින්ම නුඹගේ ප්‍රාර්ථනාව ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානීය. (තව්බාහ් 9:103)
2. zසකාත් සම්බන්ධව භාරව කටයුතු කරන්නා ධනවතුන්ගෙන් සකාත් ඉල්ලා සිටින විට ඔවුන් විසින් එය නිකුත් කිරීම අනිවාර්යය වෙයි. එමගින් ඔහු තම වගකීමෙන් ඉවත් වන අතර ඔවුනට එහි ප්‍රතිඵල ලැබෙනු ඇත. කවරෙකු එය වෙනස් කරන්නේ ද එසේත් නොමැති නම් නොසුදුසු පුද්ගලයින්ට භාර දෙන්නේ ද ඔහු කෙරෙහි පාපය අත්වනු ඇත.
zසකාත්හි වගකීමේ නීතිය.
zසකාත් අනිවාර්යය වූ පසු zසකාත් ලබා දෙන්නාගේ වගකීමක් ලෙස පවතියි. එය ඔහු විනාශ කරන්නේ නම් එනම් ඒ පිළිබඳව සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් හෝ නොමනා ලෙසට පරිහරණය කරන්නේ නම් හෝ එහි වගකීම ඔහු කෙරෙහිම පැවරේ. ඔහු එය සීමාව ඉක්මවීමෙන් තොරව නිවැරදි අයුරින් පරිහරණය කරන්නේ නම් ඔහු තම වගකීමෙන් නිදොස් වෙයි.
zසකාත් නිකුත් කරනු ලබන්නේ
කවර ස්ථානයකට ද?
වස්තුමය zසකාත් වස්තු හා සම්බන්ධය එවිට එය නිකුත් කරනුයේ නියමිත දේශයට සතු වස්තුවෙනි. zසකාතුල් ෆිත්රා ශරීරය හා සම්බන්ධය. එවිට එය නිකුත් කරනුයේ එය අනිවාර්යය වූ වේලාවේ ඔහු එය ලබනුයේ කවර ස්ථානයේ ද ඒ දේශය අනුව ඔහු එය නිකුත් කරයි.
මුදල්මය zසකාත් සියල්ල තම දේශයේ දුගියන් වෙත නිකුත් කිරීම අති උතුම්ය. වෙනත් දේශයකට ලබා දීම සුභවාදී නම් හෝ එය අසල්වැසි දේශයක් නම් හෝ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන දේශයක් නම් හෝ එසේ වෙනත් දේශයකට ලබා දිය හැකිය. එමෙන්ම එය තමන් විසින් නිකුත් කරන්නේ නම් වඩාත් උචිතය. තමන් වෙනුවෙන් වෙනත් කෙනෙකු ඒ සඳහා පත් කිරීමට ද අවසරය ඇත.