· සවස් කාලයේ ගල් විසි කිරීමේ නීතිය
අය්යාමුත් තෂ්රීක් දිනයන් හි දහවල් කාලයෙන් පසු ජම්රාත් වලට ගල් විසි කිරීම වඩාත් උචිතය. තදබල සෙනඟ හේතුවෙන් තෙරපෙනු ඇතැයි බිය වූයේ නම් සවස් කාලයේ එය විසි කළ හැක. හේතුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ගල් විසි කිරීමේ ආරම්භ වේලාව පවසා ඇති නමුත් එහි අවසන් වේලාව සඳහන් නොකළ බැවිනි.
عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ سُئِلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: فَقَالَ رَمَيْتُ بَعْدَ مَا أَمْسَيْتُ فَقَالَ "لَا حَرَجَ" (متفق عليه)
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
‘සවස් කාලය උදා වූ පසු මම ගල් විසි කළෙමි යැයි කෙනෙකු පවසා සිටීම සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විමසන ලදී. එයට එහි වරදක් නොමැත යැයි එතුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
· ගල් විසි කිරීම ප්‍රමාද කිරීමේ නීතිය
හජ් වන්දනාකරුට සුන්නාහ්ව වනුයේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉටු කළ අයුරින් නියමිත දිනයන් හි නියමිත වේලාවෙ හි ජම්රාත් වලට ගල් විසි කිරීමයි.
අධීක්ෂකයින්ටත් රෝගීන්ටත් හේතු කාරණා ඇති උදවියටත් එසේත් නොමැතිනම් තෙරපීමෙන් තමන්ට අනතුරක් සිදු විය හැකි අයටත් අයියාමුත් තෂ්රීක් දිනයන් හි ගල් විසි කිරීම 13 වැනි දින දක්වා ප්‍රමාද කළ හැකිය. සෑම දිනකම පිළිවෙළට ගල් ගැසිය යුතුයි. එනම් 11 වැනි දින ප්‍රථමයෙන් ජම්රතුල් උව්ලාටත් දෙවනුව ජම්රතුල් වුස්තාටත් තෙවනුව ජම්රතුල් අකබාත් ගල් ගසයි. පසුව 12 වැනි දින ද 13 වැනි දින ද එලෙසම ඉටු කරයි.
කිසිදු හේතු සාධකයක් නොමැතිව කෙනෙකු 13 වැනි දිනට පසුව ද ප්‍රමාද කළේ නම් ඔහු පාපියෙකු වෙයි. ඔහුගේ හජ් වන්දනාව නිවැරදිය. නමුත් සම්පූර්ණතාවක් නොමැති අඩුපාඩුකම් ඇති හජ් වන්දනාවක් වනු ඇත. යම් කිසි සාධාරණ හේතු සාධකයක් මත එසේ එය ප්‍රමාද කළේ නම් ඔහු කෙරෙහි පාපයක් නොමැත. මෙම තත්ත්වයන් දෙකෙහිම නියමිත කාලය ගෙවී ගොස් ඇති බැවින් ගල් විසි නොකරයි. නමුත් ඔහුගේ වන්දනාව නිවැරදිය.
· ගල් විසි කිරීමේ දී කෙනෙකු නියෝජනය කිරීමේ නීතිය
පිරිමි කාන්තා දරුවන් අතුරින් ගල් විසි කිරීමට ශක්තිය නොමැති දුබලයින් වෙනුවෙන් නියෝජනය කරමින් එසේ ගල් විසි කිරීමට අනුමැතිය ඇත. එවිට එම නියෝජිතයා සෑම ජම්රාවකම තම ස්ථානයේ සිට හෝ වෙනත් ස්ථානයක සිට හෝ ප්‍රථමයෙන් තමන් වෙනුවෙන් ගල් ගසා පසුව ඔහුට පවරනු ලැබූ පුද්ගලයා වෙනුවෙන් ගල් ගසයි.
· තවාෆුල් ඉෆාලා ප්‍රමාද කිරීමේ නීතිය
හජ් වන්දනාකරු අවුරුදු දින තවාෆුල් ඉෆාලා සිදු කිරීමය සුන්නාහ් ව වනුයේ. අය්යාමුත් තෂ්රීක් දක්වා දීර්ඝ කළ හැක. එමෙන්ම සාධාරණ හේතු සහගත උදවියට හජ් මස අවසානය දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය ඇත.
දුල් හජ් මසට පසුව ද එය ප්‍රමාද කිරීම නුදුසුදුය. නමුත් පා ගමනින් හෝ ඔසවා ගෙන යනු ලබමින් හෝ තවාෆ් සිදු කිරීමට ශක්තිය නොමැත්තෙක්, තවාෆ් කිරීමට පෙර නිෆාස් තත්ත්වයට පත් වූ කාන්තාවක් වැනි අයට එසේ ප්‍රමාද කළ හැක.
තවාෆුල් ඉෆාළා හජ් හි අර්කාන් වලින් වැදගත් අංගයකි. කවරෙකු හෝ එය අතහැරියේ නම් හෝ අමතක කර දැමුවේ නම් නැවත එය ගෙන ඒමට අවශ්‍යතාවක් නොමැත.
ඔසප් කාන්තාවක් හා නිෆාස් කාන්තාවක් තවාෆ් කිරීමේ නීතිය
1- තවාෆුල් ඉෆාලා කිරීමට පෙර කාන්තාවක් ඔසප් තත්ත්වයට හෝ නිෆාස් තත්ත්වයට පත් වූවා නම් ඇය පිරිසිදු වන තෙක් තවාෆ් නොකළ යුතුයි. ඇය ස්නානය කර තවාෆ් ඉටු කරන තෙක් මක්කාහ්වේ රැඳී සිටිනු ඇත.
ඇය පිරිසක් සමඟ සිටින්නී නම් ඔවුන් තවාෆ් කිරීම සඳහා ඇයව බලාපොරොත්තුවෙන් නොසිටිය යුතුයි. ඇයට මක්කාහ්වේ රැඳී සිටිය නොහැකි නම් තමන්ට හානියක් නොවන පරිදි හයිල් රුධිර වහනය වළක්වාලීමේ බෙහෙත් පාවිච්චි කළ හැක. පසුව ස්නානය කර තවාෆ් ඉටු කරන්නීය. හේතුව ඒ සඳහා ඇය බල කරනු ලැබූ හෙයිනි. අල්ලාහ් කිසිවෙකුට තමන් දැරිය හැකි පමණට මිස වෙන කිසිවක් නොපවරයි. අල්ලාහ් අභිමත කළේ නම් ඇයගේ හජ් නිවැරදිය. නමුත් ඇය ඔසප් තත්ත්වයේ සිටිය දී බල කරනු ලබන්නී නම් අනිවාර්යය කොන්දේසියක් මඟ හැරෙන බැවින් ඇයට කිසිවක් කර ගත නොහැකි බැවින් එම තත්ත්වයේම තවාෆ් ඉටු කරන්නීය.
2- උම්රාවක් සඳහා කාන්තාවක් ඉහ්රාම් බැද පසුව තවාෆ් කිරීමට පෙර ඔසප් තත්ත්වයට පත් වූවා නම් ඇය නව වැනි දිනට පෙර පිරිසිදු තත්ත්වයට පත් වූ විට ඇයගේ උම්රාව සම්පූර්ණ කරන්නීය. පසුව හජ් සඳහා ඉහ්රාම් බැඳ ගනිමින් අරෆාවට පිටත් ව යන්නීය.
අරෆා දිනට පෙර ඇය පිරිසිදු නොවූවා නම්
ලබ්බෙයික් හජ්ජන් වඋම්රතන් (හජ් හා උම්රා සඳහා මම ඔබට ප්‍රතිචාර දක්වමි) යැයි පවසමින් හජ් වන්දනාව උම්රාවෙ හි ඇතුළත් කරන්නීය. එවිට ඇයගේ එම වන්දනාව කිරාන් බවට පත් වෙයි. ජනයින් සමඟ මෂාඉර් (නියමිත සංඥා සහිත ස්ථානයන් හි) නැවතී සිටින්නීය. නැමදුම් ද ඉටු කරන්නීය. පසුව ඇය පිරිසිදු වූවා නම් ස්නානය කර බයිතුල්ලාහ්ව තවාෆ් කර පසුව සඃයු ඉටු කරන්නීය.
· වන්දනා ක්‍රම වෙනස් කිරීමේ නීතිය
ඉෆ්රාද් ක්‍රමයට හෝ කිරාන් ක්‍රමයට හෝ හජ් වන්දනාව ඉටු කරන්නෙකු මක්කාහ්වට පැමිණ තවාෆ් සිදු කර සඃයු ද ඉටු කළේ නම් තම වන්දනාව තමත්තුඃ ක්‍රමයට පරිවර්තනය වන පරිදි උම්රාව සඳහා තම චේතනාව වෙනස් කිරීම සුන්නාහ්ව වෙයි. එසේ ඔහු තමත්තුඃ ක්‍රමයට තම වන්දනාව වෙනස් කළ යුත්තේ තවාෆ් කිරීමට පෙරය.
ඔසප් හේතුවෙන් හෝ යම්කිසි සාධාරණ හේතුවක් මත හෝ හජ් මඟ හැරෙනු ඇතැයි බිය වූයේ නම් උම්රාවෙ හි නිය්යතය කිරාන් ක්‍රමය වෙත වෙනස් කිරීමට ඔහුට අනුමැතිය ඇත. පසුව ජනයා සමඟ රැඳී සිටීමට ඔහු අරෆාත් දෙසට පිටත් ව යන්නීය.
· කඃබාවට පිවිසීමේ නීතිය
කඃබාවට පිවිසීම හජ් හෝ උම්රාවෙ හි අනිවාර්යය හෝ සුන්නත් ක්‍රියාවක් නොවේ. පහසුකම් ඇති කවර වේලාවක හෝ එහි පිවිසීම යහපත්ය.
කවරෙකු එහි පිවිසෙන්නේ ද එහි සලාතය ඉටු කිරීමත් අල්ලාහ්ට තක්බීර් පැවසීමත් ඔහුගෙන් ප්‍රාර්ථනා කිරීමත් සතුටු දායකය. දොරටුවෙන් පිවිසුනු විට ඉදිරියට ගොස් ඔහු හා එහි බිත්තිය අතර බාහු තුනක ප්‍රමාණයක් තම පිටුපසින් දොරටුව පිහිටන සේ සිට පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සිදු කළාක් මෙන් රකආත් දෙකක් ඉටු කරයි.
· හජ් හා උම්රාවෙ හි ප්‍රාර්ථනාවන් සඳහා රැඳී සිටීමේ ස්ථාන
හජ් හි ප්‍රාර්ථනාවන් සඳහා රැඳී සිටීමේ ස්ථාන හයක් ඇත.
1- සෆා කන්ද මත රැඳී සිටීම.
2- මර්වා කන්ද මත රැඳී සිටීම. සඃයු සිදු කරන සෆා හා මර්වා හී වට ගණනින් සෑම වටයක ආරම්භයේම එසේ සිදු කරයි.
3- අරෆාවෙ හි රැඳී සිටීම
4- මුස්දලිෆාවෙ හි රැඳී සිටීම
5- ජම්රතුල් උව්ලාවට පසුව රැඳී සිටීම
6- ජම්රතුල් වුස්තාවට පසුව රැඳී සිටීම.
උම්රාවෙ හි ප්‍රාර්ථනාවන් සඳහා රැඳී සිටීමේ ස්ථාන දෙකකි.
1- සෆා කන්ද මත රැඳී සිටීම.
2- මර්වා කන්ද මත රැඳී සිටීම. සඃයු සිදු කරන සෆා හා මර්වා හී වට ගණනින් සෑම වටයක ආරම්භයේම එසේ සිදු කරයි.
· හජ් හි ඉෆාළා හෙවත් ජනයා සමඟ එකට ගලා ඒමේ අවස්ථාවන්
හජ් හි ඉෆාළා හෙවත් ජනයා සමඟ එකට එක් වී ජන ගංගාවක් මෙන් ගලා ඒමේ අවස්ථාවන් තුනකි.
1- අවුරුදු දින රාත්‍රියෙහි අරෆාවෙ හි සිට මුස්දලිෆා වෙත පැමිණීම
2- අවුරුදු දින මුස්දලිෆාවෙ හි සිට මිනා වෙත පැමිණීම
3- මිනාවෙ හි සිට තවාෆුල් ඉෆාළා ඉටු කිරීම පිණිස මක්කාහ්ව වෙත පැමිණීම.
1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ فَإِذَا أَفَضْتُمْ مِنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللَّهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِنْ كُنْتُمْ مِنْ قَبْلِهِ لَمِنَ الضَّالِّينَ، ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللهَ إِنَّ اللهَ غَفُورٌ رَحِيمٌ
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය (ව්‍යාපාරික කටයුතු වලින්) සෙවීම නුඹලාට වරදක් නැත. අරෆාත් (නම් ස්ථානයෙ)හි සිට නුඹලා (ජන ගඟ අතුරින්) ගලා එන විට මෂ්අරිල් හරාම් (නම් ස්ථානයෙ)හි අල්ලාහ්ව සිහිපත් කර පවසවු. තවද මීට පෙර නුඹලා නොමඟ ගියවුන් අතරෙහි සිටි තත්ත්වයේ නුඹලාට යහ මඟ පෙන්වා දුන් හෙයින් නුඹලා ඔහුව සිහිපත් කර පවසවු.
ඉන් පසුව ජනයා (ජන ගඟ අතුරින්) ගලා එන තැනින් නුඹලා ද එවු. තවද නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයදිවු. සැබැවින්ම අල්ලාහ් ක්ෂමාශීලීය කරුණාභරිතය. (අල්-කුර්ආන් 2: 198,199)
2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ
පසුව ඔවුන් තමන්ගේ කුණු ඉවත් කර ගත යුතුයි. ඔවුන් තමන්ගේ භාරයන් ඉටු කළ යුතුයි. තවද ඔවුන් ඉපැරණි නිවස පැදකුණු කළ යුතුයි. (අල්-කුර්ආන් 22:29)
· මඟ හැරුණු හා වළක්වනු ලැබූ විටක නීතිය
රෝගාබාධයකින් හෝ යම් කිසි හේතුවකින් හෝ යම් කිසි බාධාවකින් හෝ ඔසප් හේතුවෙන් හෝ මුදල් නැති වීම හේතුවෙන් හෝ කෙනෙකු හජ් ඉටු කිරීමෙන් වැළකුණේ නම් ඔහු එසේ වැළකීමට කොන්දේසි පණවනු ලැබූවෙකු වේ නම් ඉහ්රාමයෙන් ඉවත් වෙයි. එවිට ඔහු කෙරෙහි කිසිවක් නොපැවරෙයි. තම ඉහ්රාමයෙ හි කොන්දේසියක් ඉවත් වීම සම්බන්ධ ව කොන්දේසිය නොපැන වූ කෙනෙකු නම් ඔහු තමන්ට පහසු අකාරයේ සත්ව කැප කිරීමක් සිදු කරයි. පසුව හිස මුඩු හෝ කොට කර ගනියි. පසුව ඉහ්රාමයෙන් ඉවත් වෙයි. හජ් කිරීම ඔහුගේ වගකීම නම් ලබන වසරේ හජ් ඉටු කිරීම ඔහු කෙරෙහි අනිවාර්යය වේ.
කවරෙකුට අරෆාවෙ හි රැඳී සිටීමට නොහැකි වූයේ ද ඔහුට හජ් වන්දනාව මඟ හැරී යයි. ඔහු උම්රා සඳහා ඉහ්රාම් බැඳ උම්රා ව ඉටු කරයි. එය පසු කාලයේ ඔහුට අනිවාර්යය වන්නේ නම් එය ඉටු කරයි. හද්යු ලබා දෙයි. ඔහු කොන්දේසි පනවා ගත්තේ නම් ඔහු ඉහ්රාමයෙන් මිදෙයි. එවිට ඔහු කෙරෙහි වන්දියක් හෝ කිසිවක් නොපැටවෙයි.
සතුරෙකු විසින් ඔහුව වැළැක්වූයේ නම් හද්යු (සත්ව කැප කිරීමක්) ලබා දී පසුව හිස මුඩු හෝ කොට කර ගනියි. පසුව ඉහ්රාමයෙන් ඉවත් වෙයි. අරෆාවෙ හි වළක්වනු ලැබුවේ නම් උම්රා වෙනුවෙන් ඉහ්රාම් තබයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ
නුඹලා හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුවේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. (අල්-කුර්ආන් 2:196)
කාන්තාවක් හජ් හෝ උම්රා වන්දනාවෙ හි නිරත වී සිටිය දී තම ස්වාමි පුරුෂයා මිය යැදුනේ නම් ඇය තම වන්දනාව සම්පූර්ණයෙන්ම ඉටු කරන්නීය. හේතුව වන්දනාව සම්පූර්ණ කිරීම අනිවාර්යය බැවිනි. එමෙන්ම වන්දනාව හා ඉද්දා යන දෙකම අනිවාර්යභාවයේ ද නියමිත වේලාවක ඉටු කිරීමෙහි ද එක හා සමාන ස්ථාවරයක් ගන්නා බැවින් ඒ දෙකින් මුලින් සිදු වන දෑට ප්‍රමුඛත්වය ලබා දීම අනිවාර්යය වේ.
· හජ් හෝ උම්රා ඉටු කිරීමෙන් පසුව නැවත හැරී එන විට පැවසිය යුතු දෑ
عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رضي الله عنهما قَالَ: كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَفَلَ مِنْ الْجُيُوشِ أَوْ السَّرَايَا أَوْ الْحَجِّ أَوْ الْعُمْرَةِ إِذَا أَوْفَى عَلَى ثَنِيَّةٍ أَوْ فَدْفَدٍ كَبَّرَ ثَلَاثًا ثُمَّ قَالَ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ آيِبُونَ تَائِبُونَ عَابِدُونَ سَاجِدُونَ لِرَبِّنَا حَامِدُونَ صَدَقَ اللهُ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ" (متفق عليه)
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සේනාවකින් හෝ තැනකින් හෝ හජ් නිමා කරමින් හෝ උම්රා නිමා කරමින් හෝ නැවත හැරී පැමිණි විට සනිය්යා හෝ ෆද්ෆද් නම් උස් වැටි මතට නැග තුන් වරක් අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසා පසුව
لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ آيِبُونَ تَائِبُونَ عَابِدُونَ سَاجِدُونَ لِرَبِّنَا حَامِدُونَ صَدَقَ اللهُ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ"
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලාෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් ආයිබූන තාඉබූන ආබිදූන සාජිදූන ලිරබ්බිනා හාමිදූන් සදකල්ලාහු වඃදහූ වනසර අබ්දහූ වහදමල් අහ්සාබ වහ්දහූ.
යන ප්‍රාර්ථනාව පැවසූහ.
තේරුම: අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් දෙවියෙකු නොමැත. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. ආධිපත්‍යය සතු වන්නේ ඔහුටමය. සියලු ප්‍රශංසා ද ඔහු සතුය. ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය. අපගේ පරමාධිපතිට ප්‍රශංසා කරමින් ද සුජූද් දරමින් ද නමදිමින් ද පසුතැවිලි වෙමින් ද අපි නැවත පැමිණියෙමු. අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව සත්‍යය කළේය. ඔහුගේ ගැත්තාට උදව් කළේය. සතුරු සේනාවන් ඔහු තනිව සිට පරාජයට පත් කළේය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
10 හද්යු හා උල්හිය්යා.
· අල්-හද්යු අල්ලාහ්ට සමීප වීම පිණිස පශු කුලයේ සතුන් වන එළු ගව හෝ ඔටුවන් හරම් හි කැප කිරීම හා තමත්තුඃ හා කිරාන් ක්‍රමයට හජ් ඉටු කිරීමෙන් හෝ ඉහ්සාර් (හජ් ඉටු කිරීමෙන් වළක්වාලනු ලැබූ) හේතුවෙන් අනිවාර්යයෙන් කැපීමට නියම වන දෑ
· හද්යු කැපීමේ වේලාව
අල්-හද්යු වර්ග දෙකකි.
පළමුවැන්න: තමත්තුඃ හා කිරාන් හේතුවෙන් ලබා දෙන හද්යු. එම සත්ව කැප කිරීම සිදු කරන වේලාව අවුරුදු දින උදෑසන ආරම්භ වී අය්යාමුත් තෂ්රීක් දිනයන් හි 13 වැනි දින හිරු අවරට යන තෙක් දීර්ඝ වෙයි. එයින් අනුභව කිරීමත් දුගී දුප්පතුන්ට ආහාර සැපයීමත් සතුටු දායකය.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللهِ لَكُمْ فِيهَا خَيْرٌ فَاذْكُرُوا اسْمَ اللهِ عَلَيْهَا صَوَافَّ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ كَذَلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
තවද ඔටුවන් ද අපි උන් ව නුඹලා ට අල්ලාහ්ගේ සංකේතයක් බවට පත් කළෙමු. ඒවායෙ හි නුඹලා ට යහපත ඇත. එබැවින් නුඹලා පෙළට ගස්වා තිබිය දී උන් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරවු. උන් පැති වලට (වැටීම) නියම වූ විට නුඹලා ඉන් අනුභව කරවු. අවශ්‍යතාව නොමැත්තන්ටත් අවශ්‍යතාව ඇත්තන්ටත් ආහාර වශයෙන් ලබා දෙවු. නුඹලා කෘතඥ වනු පිණිස අපි ඒවා නුඹලාට වසඟ කර දුන්නේ මෙලෙසය. (අල්-කුර්ආන් 22:36)
දෙවැන්න: හජ් ඉටු කිරීමෙන් වළක්වාලනු ලැබූ අවස්ථාවක ලබා දෙන හද්යු. තමන් ඉහ්රාම් තත්ත්වයෙ හි සිටිය ද ඉහ්රාම් තත්ත්වයේ නොසිටිය ද හජ් ඉටු කිරීමේ බාධකය ඇති වූ අවස්ථාවේ සිට එය ලබා දීමේ වේලාව ඇරඹේ. එය දුගී දුප්පතුන්ට ආහාර වශයෙන් ප්‍රදානය කරනු ඇත. එයින් කිසිවක් එය ලබා දෙන්නන් විසින් අනුභව නොකළ යුතු වේ.
وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ
නුඹලා හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුවේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. (අල්-කුර්ආන් 2:196)
· අමතරව හද්යු ලබා දීම
1- හද්යු ලබා දීමට හැකියාව ඇති හජ් වන්දනාකරු හරම් සීමාවෙ හි සිටින දුගියන්ටත් සෙසු අයටත් අධික ව හද්යු ලබා දීම සුන්නත් වේ.
عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ رَضِيَ اللهُ عَنْهُ – في صفة حجة النبي صلى الله عليه وسلم – وفيه – "ثُمَّ انْصَرَفَ إِلَى الْمَنْحَرِ فَنَحَرَ ثَلَاثًا وَسِتِّينَ بِيَدِهِ ثُمَّ أَعْطَى عَلِيًّا فَنَحَرَ مَا غَبَرَ وَأَشْرَكَهُ فِي هَدْيِهِ ثُمَّ أَمَرَ مِنْ كُلِّ بَدَنَةٍ بِبَضْعَةٍ فَجُعِلَتْ فِي قِدْرٍ فَطُبِخَتْ فَأَكَلَا مِنْ لَحْمِهَا وَشَرِبَا مِنْ مَرَقِهَا" (أخرجه مسلم)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හජ් ඉටු කළ ක්‍රමය පිළිබඳව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයෙහි මෙසේ සඳහන් වී ඇත.
පසුව එතුමාණන් සතුන් කැප කිරීමේ ස්ථානයට හැරී ගොස් තම දෑතින් ම ඔටුවන් 63ක් කැප කළහ. පසුව අලී තුමාට භාර දුන්හ. ඉතිරිය එතුමා කපා හැරියහ. ඔහුගේ හද්යාවෙ හි එය එක් කළහ. පසුව සෑම ඔටුවෙකුගේම කොටසක් ගෙන භාජනයක දමන මෙන් නියෝග කළහ. පසුව එය පිසන ලදී. දෙදෙනාම එහි මාංශ අනුභව කළ අතර එහි හොදි ද පානය කළහ. (මූලාශ්‍රය: මුස්ලිම්)
2- උම්රා කරන්නෙකු තම ගමින් හෝ පදිංචි ස්ථානය සමීපයෙන් හෝ හද්යු සඳහා සතුන් දක්කාගෙන යෑමත් එය හරම් හි දුගී දුප්පතුන් හා සෙසු අයට පරිත්‍යාග කිරීමත් සුන්නාහ්වකි.
عَنْ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ رضي الله عنه قال: خَرَجَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ زَمَنَ الْحُدَيْبِيَةِ مِنْ الْمَدِينَةِ فِي بِضْعَ عَشْرَةَ مِائَةً مِنْ أَصْحَابِهِ حَتَّى إِذَا كَانُوا بِذِي الْحُلَيْفَةِ قَلَّدَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْهَدْيَ وَأَشْعَرَ وَأَحْرَمَ بِالْعُمْرَةِ (أخرجه مسلم)
අල්-මිස්වර් ඉබ්නු මක්රමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ හුදෙයිබියියා සමයේ මදීනාවෙ හි සිට සහාබිවරු දස දහසක ප්‍රමාණයක් සමඟ පිටත් ව ගියහ. සුල් හුලෙයිෆා නම් ස්ථානයට පැමිණියත්ම හද්යු (සත්වයින්) සඳහා මාල දමා සලකුණු යෙදූහ. උම්රා සඳහා ඉහ්රාම් චේතනා තැබූහ. (මූලාශ්‍රය: බුහාරි)
3- ගමේ පදිංචිකරුවන් හරම් වෙත හද්යු සඳහා වූ සතුන් එවීම සුන්නත් වේ.
عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ: فَتَلْتُ قَلَائِدَ هَدْيِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ أَشْعَرَهَا وَقَلَّدَهَا أَوْ قَلَّدْتُهَا ثُمَّ بَعَثَ بِهَا إِلَى الْبَيْتِ وَأَقَامَ بِالْمَدِينَةِ فَمَا حَرُمَ عَلَيْهِ شَيْءٌ كَانَ لَهُ حِلٌّ (متفق عليه)
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.
මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ හද්යු සඳහා වූ මාල ගෙතුවෙමි. පසුව එතුමා ඒවාට සලකුණු තබා ඒවායෙ හි ගෙලෙ හි දැමූහ. -මම ඒවායෙ හි ගෙලට දැමුවෙමි - පසුව එතුමා ඒවා බයිතුල්ලාහ්ව වෙත යැවූහ. එතුමා මදීනාවෙ හි නතර වූහ. එතුමාණන් අනුමත කිසිවක් එතුමාණන් කෙරෙහි තහනම් නොවීය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
අල්-උල්හිය්යා : උල්හිය්යා යනු අල්ලාහ්ට පිළිගැන්වීමක් වශයෙන් ඔටු ගව හා එළුවන්ගෙන් සතෙකු උල්හිය්යා දිනයන් හි කපා හැරීමයි.
උල්හිය්යාවෙ හි නීතිය: උල්හිය්යා ලබා දීමට ශක්තිය ඇති ජීවතුන් අතර සිටින සෑම මුස්ලිම්වරයෙකු කෙරෙහි ම වූ වැදගත් සුන්නාහ්වකි.
ජීවත් ව සිටින කෙනෙකු වෙනුවෙන් උල්හිය්යා ලබා දීම සුන්නාහ්වකි. උල්හිය්යා ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටි මියගිය ඇත්තෙකු වෙනුවෙන් එසේ උල්හිය්යා ලබා දීමට අනුමැතිය ඇත. ඔහු ඒ සඳහා අන්තිම කැමත්තෙ හි ප්‍රකාශ කර තිබේ නම් පමණි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ ، فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ.
සැබැවින් ම අපි නුඹට කව්සරය (භාග්‍යයන්) පිරි නැමුවෙමු. එබැවින් නුඹ නුඹේ පරමාධිපතිට සලාතයට ඉටු කර සතෙකු කැප කරවු. (අල්-කුර්ආන් 108:1,2)
· උල්හිය්යා සතුන් කැපීමේ වේලාව
උල්හිය්යා සතුන් කැපීමේ වේලාව අවුරුදු සලාතයෙන් පසු ආරම්භ වී අය්යාමුත් තෂ්රීක් අවසන් දින දක්වා දීර්ඝ වෙයි. එනම් උල්හිය්යා සතුන් කැපීමේ දින ගණන හතරකි. අවුරුදු දින හා ඉන් පසු දින තුනකි.
උල්හිය්යාවෙ හි මාංශ අනුව කිරීමත් එයින් කොටසක් බෙදා දීමත් දුගී දුප්පතුන්ට පරිත්‍යාග කිරීමත් සතුටු දායකය.
උල්හිය්යා ලබා දීමෙන් බොහෝ මහිමයන් හිමි වේ. එහි දී අල්ලාහ් වෙත සමීප විය හැක. එය බෙදා හැරීමෙන් පවුල් සම්බන්ධතාවන් වැඩි දියුණු කර ගත හැක. දුගී දුප්පතුන් එමගින් ප්‍රයෝජනය ලැබිය හැක. ඥාතී සම්බන්ධකම් පවත්වා ගැනීම අවස්ථාවක් එළැඹෙනු ඇත. නෑදෑ හිතමිතුරන් හා අසල්වැසියන් සමග උපකාරශීලී ව කටයුතු කිරීමේ අවකාශය ලැබෙනු ඇත.
· හද්යු හා උල්හිය්යා ලබා දීමේ කොන්දේසි
හද්යු හා උල්හිය්යා ලබා දීමේ දී පහත සඳහන් කොන්දේසි පනවනු ලැබේ.
1. හද්යු, උල්හිය්යා හා අකීකා යන අවස්ථා වල සතුන් කැප කිරීමේ දී ඔටුවන් ලබා දෙන්නේ නම් අවුරුදු පහක් හෝ ඊට වැඩි ‘සනී‘ නම් ගණයට අයත් ඔටුවන් හෝ... ගවයින්ගෙන් ලබා දෙන්නේ නම් අවුරුදු දෙකක් හෝ ඊට වැඩි සනී ගණයට අයත් ගවයින් හෝ... බැටළුවන්ගෙන් ලබා දෙන්නේ නම් මාස හයක් හෝ ඊට වැඩි ජසඋ නම් ගණයට අයත් බැටළුවන් හෝ ... එළුවන්ගෙන් ලබා දෙන්නේ නම් වසරක් හෝ ඊට වැඩි සනී ගණයේ එළුවන් හෝ ලබා දිය හැක. සතෙකු උල්හිය්යා වෙනුවෙන් නියම කළේ නම් එය විකිණීම හෝ එය පරිත්‍යාග කිරීම හෝ සුදුසු නැත. ඊට වඩා හොද සතෙකු ඒ වෙනුවෙන් ලබා දුන්නේ නම් හැර.
2. උල්හිය්යා හෝ අකීකා හෝ හද්යු ලබා දෙන්නේ නම් එහි දී ලබා දෙන සත්වයින් පශු කුලයට අයත් ඔටු ගව හා එළු වර්ගයේ සතුන් වීමත් උන් ඉස්ලාම් පැවසූ සැලකිල්ලට ගත යුතු වයස් සීමාවෙ හි පසුවීමත් අඩුපාඩු වලින් තොර වීමත් අනිවාර්යය වේ එම සතුන්ගෙන් වඩාත් උතුම් වන්නේ වඩාත් පුෂ්ටිමත් තම පවුලේ වඩාත් උසස් කුලයේ සතුන්ය.
එක් එළුවෙකු එක් අයෙකු වෙනුවෙන් ද එක් ඔටුවෙකු හත් දෙනෙකු වෙනුවෙන් ද එක් හරකෙකු හත් දෙනෙකු වෙනුවෙන් ද ලබා දිය හැක. එමෙන්ම එළුවෙකු හෝ ඔටුවෙකු හෝ හරකෙකු තමන් වෙනුවෙන් ද තම පවුලේ ජීවතුන් අතර සිටින හා ජීවතුන් අතර නොමැති අය වෙනුවෙන් ද දිය හැක.
අල්ලාහ්ගේ නිවසට පැමිණෙන හජ් වන්දනාකරුවන් ට උපකාර කරනු පිණිස ද දුගී දුප්පතුන්ට ආහාර වේලක් වනු පිණිස ද තමන් වෙත අධික ප්‍රතිඵල හා කුසල් හිමි කර ගනු පිණිස ද හද්යු සඳහා වූ සතුන් අධික ව පරිත්‍යාග කිරීම හැකියාව ඇති හජ් වන්දනාකරුවන් ට සතුටු දායකය.
· උල්හිය්යා ලබා දීමට අපේක්ෂා කළ අයට තහනම් දෑ
උල්හිය්යා ලබා දීමට අපේක්ෂා කළ කෙනෙකු දුල් හජ් මස ආරම්භක දින දහයේ හිසකෙස් කැපීම ශරීර රෝම ඉවත් කිරීම නියපොතු කැපීම වැනි කිසිවක් සිදු කිරීම තහනම්ය. එසේ යමක් කළේ නම් ඔහු පාපක්ෂමාවෙහි නිරත විය යුතුයි. ඒ සඳහා වන්දියක් දිය යුතු නොවේ.
عَنْ أُمِّ سَلَمَةَ رضي الله عنها أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : "إِذَا دَخَلَتْ الْعَشْرُ وَأَرَادَ أَحَدُكُمْ أَنْ يُضَحِّيَ فَلَا يَمَسَّ مِنْ شَعَرِهِ وَبَشَرِهِ شَيْئًا" (أخرجه مسلم)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.
(හජ් හි) දින දහය ප්‍රවේශ වී ඔබ අතුරින් කෙනෙකු උල්හිය්යා ලබා දීමට අපේක්ෂා කළේ නම් තම රෝම වලින් කිසිවක් හෝ තම ශරීරයෙන් කිසිවක් හෝ ඉවත් නොකළ යුතුයි. (මූලාශ්‍රය: මුස්ලිම්)
· සතුන් කැපීමේ ක්‍රමය.
ඔටුවා කැපීමේ දී සුන්නාහ් ව වනුයේ ඌව වමට සිටුවා තබා උගේ ගෙල සිදීමය. ඔටුවා හැර වෙනත් සතුන් කැපීමේ දී සුන්නාහ් ව වනුයේ පැත්තකට ඇල කර දමා ගෙල කපා හැරීමය. පොදුවේ කී ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ලෙසින් සතුන් කපා හැරීමට ද අනුමැතිය ඇත. ඔටුවාගේ ගෙල සිඳීම සිදු විය යුත්තේ උගේ ළය පෙදෙසට සමීප ව ගෙලෙහි පහළ කොටසිනි.
ගවයින් එළුවන් වැනි සතුන්ගේ ගෙල සිඳීම සිදු විය යුත්තේ හිසට සමීප ව ගෙලෙ හි උඩු කොටසිනි. එහි දී සතාව වම් පැත්තට ඇල කර තම දකුණු කකුල උගේ ගාත් මත තබා පසුව උගේ හිස අල්ලා කපා හරිනු ලැබේ. ගෙල සිදීමේ දී හෝ කපා හැරීමේ දී
بِاسْمِ اللهِ، وَاللهُ أَكْبَرْ اللَّهُمَّ تَقَبَّلْ مِنِّيْ
බිස්මිල්ලාහි වල්ලාහු අක්බර් අල්ලාහුම්ම තකබ්බල් මින්නී.
තේරුම: අල්ලාහ්ගේ නාමයෙනි, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය යා ! අල්ලාහ්, මගෙන් මෙය පිළිගනු මැනව. !
1-
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللهِ لَكُمْ فِيهَا خَيْرٌ فَاذْكُرُوا اسْمَ اللهِ عَلَيْهَا صَوَافَّ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ كَذَلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
තවද ඔටුවන් ද අපි උන්ව නුඹලාට අල්ලාහ්ගේ සංකේතයක් බවට පත් කළෙමු. ඒවායෙහි නුඹලාට යහපත ඇත. එබැවින් නුඹලා පෙළට ගස්වා තිබිය දී උන් මත අල්ලාහ්ගේ නාමය පිහිපත් කරවු. උන් පැති වලට (වැටීම) නියම වූ විට නුඹලා ඉන් අනුභව කරවු. අවශ්‍යතාව නොමැත්තන්ටත් අවශ්‍යතාව ඇත්තන්ටත් ආහාර වශයෙන් ලබා දෙවු. නුඹලා කෘතඥ වනු පිණිස අපි ඒවා නුඹලාට වසන් කර දුන්නේ මෙලෙසය. (අල්-කුර්ආන් 22:36)
2-
عَنْ أَنَسٍ رضي الله عنه قَالَ: "ضَحَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِكَبْشَيْنِ أَمْلَحَيْنِ أَقْرَنَيْنِ ذَبَحَهُمَا بِيَدِهِ وَسَمَّى وَكَبَّرَ وَوَضَعَ رِجْلَهُ عَلَى صِفَاحِهِمَا" (متفق عليه)
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සුදු හා කළු වර්ණයෙන් මුසු වූ අං ඇති බැටළුවන් දෙදෙනෙකු උල්හිය්යා වශයෙන් ලබා දුන්හ. එතුමා තම පාදය උන් දෙදෙනාගේ ගාත් මත තබා බිස්මි පවසා අල්ලාහු අක්බර් යැයි පවසා ඒ දෙක තම දෑතින්ම කපා හැරියහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
3- හද්යු හා උල්හිය්යා යන කටයුතු වල දී තමන් විසින් ම ඒවා කපා හැරීම සුන්නාහ් වෙයි. නිවැරදි ලෙසින් කපා හැරිය නොහැකි නම් වෙනත් කෙනෙකුට පවරා එහි සහභාගි වෙයි. ඉන් කොටසක් කුලිය වශයෙන් ලබා නොදිය යුතුයි. එම සත්වයා කවුරුන්ගේ ද කවුරුන් වෙනුවෙන් ද කපා හරිනුයේ ද යන්න සත්වයා කපන අවස්ථාවේ නමින් සඳහන් කළ යුතු වේ.
සතෙකු කපා හැරීමක් අනුමත වනුයේ උගුරු දණ්ඩ (ගලනාලය) අන්නස්‍රෝතය හා ශිරාවන් දෙකම හෝ එකක් හෝ කපා හැර එමගින් රුධිරය ගලා යෑමෙනි.
· හද්යු හා උල්හිය්යා ලබා දීමට නුසුදුසු දෑ
මුස්ලිම්වරයෙකු උල්හිය්යා හෝ හද්යු හෝ එවැනි සත්ව කැප කිරීමක් සිදු කර ඔහු කපා හැරීමෙන් පසුව ඌ රෝගී සතෙකු බව දැන ගත්තේ නම් එය අනුමත නොවන්නේය. හේතුව එහි අපේක්ෂිත දෑ මඟ හැරුණු බැවිනි.
නැට්ට හෝ ඉන් කොටසක් කැපුනු මොල්ලිය කැපුනු අන්ධ ගාත් කැපුනු සත්වයින් සියල්ල හද්යු හෝ උල්හිය්යා හෝ එවැනි කැප කිරීමක් වෙනුවෙන් ලබා දීම නුසුදුසුය.
عَنْ الْبَرَاء بْن عَازِبٍ رضي الله عنه أنه سمع النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يقول: "أَرْبَعَةٌ لاَ يَجْزِيْنَ فِي الْأَضَاحِيِّ: الْعَوْرَاءُ البَيِّنُ عَوَرُهَا وَالْمَرِيضَةُ البَيِّنُ مَرَضُهَا وَالْعَرْجَاءُ البَيِّنُ ظَلْعُهَا وَالْكَسِيرُ الَّتِي لاَ تَنْقَى" (أخرجه أبو داود والنسائي)
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අල්-බර්රා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සතුන් සිව්දෙනෙකු උල්හිය්යා කටයුතු වලදී අනුමත නොවන්නේය. අඳ බව පැහැදිලි වූ අන්ධයා රෝගී බව පැහැදිලි වූ රෝගියා කොර බව පැහැදිලි වූ කොරා හා යථා තත්ත්වයට පත් නොවන අස්ථි කැඩුනු අබ්බගාතයා (මූලාශ්‍රය අබූ දාවූද් නසාඊ)
· හද්යු හා උල්හිය්යා ලබා දීමට වඩා සුදුසු දෑ
හද්යු හා උල්හිය්යා ලබා දීමට වඩා සුදුසු වන්නේ පරිපූර්ණ ඔටුවෙකි. පසුව පරිපූරණ ගවයෙකි. පසුව පරිපූරණ එළුවෙකි. පසුව සත් දෙනෙකු එක් වී ඔටුවෙකු හෝ ගවයෙකු කැපීමය.
අකීකාවක් නම් ඔටුවෙකු හෝ ගවයෙකු හෝ එළුවෙකු එක් අයෙකු වෙනුවෙන් පමණක් ලබා දිය යුතු වේ. එළුවෙකු ලබා දීම සම්බන්ධයෙන් සුන්නාහ්වෙ හි සඳහන් බැවින් ඔටුවෙකුට වඩා එළුවෙකු ලබා දීම උතුම්ය. එයින් ද පිරිමි සතෙකු ලබා දෙන්නේ නම් වඩාත් උචිතය.
11- හජ් හා උම්රාවෙ හි ගමන
· ගමන් බලපත්‍ර හා වීසා පත් ලබා ගැනීමේ නීතිය
හජ් හා උම්රාවෙ හි බලපත්‍ර ගමන් බලපත්‍ර හා වීසා පත් නිකුත් කිරීම් හජ් වන්දනාකරුවන් සංඛ්‍යාව සීමා කිරීම් යන සියල්ල හජ් වන්දනාව පහසුවෙන් හා ලෙහෙසියෙන් ඉටු කිරීම පිණිස සැලසුම් කරන්නා වූ වැඩ පිළිවෙළකි. එය හජ් වළක්වාලීමක් හෝ එය ඉටු නොකරන අයුරින් බැඳ දැමීමක් හෝ නොවේ. එය ද හජ් අනිවාර්යය වීම සඳහා වූ අවශ්‍ය මෙවලම් හා ගමන් පහසුකම් ලබා තිබීම වැනි කොන්දේසියකි. මේ හේතූන් මත කවරෙකු හෝ හජ් ඉටු කිරීමෙන් වළක්වනු ලැබුවේ නම් ඒ සඳහා වන්දි හෝ ෆිද්යා කිසිවක් ලබා දිය යුතු නැත.
හජ් හි බලපත්‍රය හෝ එහි වීසා පත්‍රිකා විකිණීම තහනම් වේ. ඒවා කවරෙකු වෙත පිරිනමනු ලැබුවේ ද ඔහු හැර වෙන කිසිවෙකු එය භාවිත කිරීම සුදුසු නැත. හජ් ගමනෙ හි පිළිපැදිය යුතු නීත්‍යනුකූල පිළිවෙල අනුගමනය නොකරමින් වංචා සහගත ලෙස සංචාරක බලපත්‍ර වීසා ගමන් බලපත්‍ර භාවිත කරමින් එය ඉටු කිරීම නුසුදුසුය. හේතුව මෙවන් වංචා සහගත සියලු කටයුතු අංශ භාර ප්‍රධානියාට විරුද්ධ ව කටයුතු කිරීමකි. මුසාවකි. අරාජකත්වයේ දොරටු විවෘත කිරීමකි. විශ්වාසය කඩ කිරීමකි. තහනම් කරන ලද ඉපැයුමකි.
· හජ් වන්දනාකරුවන්ගේ පැමිණීම සීමා කිරීමේ නීතිය
මූලික වශයෙන් හජ් හා උම්රා නැවත නැවතත් ඉටු කිරීම සතුටු දායකය. එමෙන්ම එකම වසරේ උම්රා වාර ගණනක් සිදු කිරීම ද සතුටු දායකය. හේතුව අතිරේක සලාතයන් අතිරේක උපවාසයන් වැනි වේලාව නියම නොකරන ලද නැමදුම් නැවත නැවතත් වාර ගණනාවක් ඉටු කිරීම සතුටුදායක වන බැවිනි.
නමුත් හජ් හා උම්රාවෙ හි දැඩි සෙනඟ තදබදයක් පවතින අවස්ථාවක හජ් හෝ උම්රා අපේක්ෂා කරමින් පැමිණෙන හජ් වන්දනා කරුවන්ට ඉතා පහසුවෙන් සැහැල්ලුවෙන් හා ශාන්ත දාන්ත ව තම නැමදුම් ඉටු කිරීමට හැකි වන පරිදි පහසුකම් සලසා දෙනු පිණිස මෙසේ පැමිණෙන ජනයා සීමා කිරීම අංශ භාර ප්‍රධානියා වෙත පැවරෙන වගකීමකි.
එමෙන්ම වන්දනා කරුවන්ගේ යහපත උදෙසා පවතින සෙනඟ අඩු කිරීම වස් කලින් හජ් ඉටු කළ අයට නැවත හජ් ඉටු කිරීම සඳහා අවුරුදු පහක හෝ එවැනි යම් සීමා කාලයක් නියම කිරීම අංශ භාර ප්‍රධානියාගේ වගකීමයි. නමුත් හජ් වන්දනා කරුවන්ගේ අධීක්ෂණය කිරීමටත් ඔවුන් ව ආරක්ෂා කිරීමටත් ඔවුනට මඟ පෙන්වීමටත් නියම කරන ලැබූ විද්වතුන් ආගමික ප්‍රචාරකයින් වෛද්‍යවරුන් ආරක්ෂක නිලධාරීන් වැනි අය මේ නියමයෙන් ඉවත් වෙති.
මෙම පොදු ලියාපදිංචිය තහවුරු කිරීම පිණිස අංශ භාර ප්‍රධානියාගේ සහය ඇතිව විවිධ රටවල් වල වෙසෙන ජනයා නීතීඥයින් හා තනිපුද්ගලයින් කටයුතු කිරීම අනිවාර්යය.