හජ් හා උම්රා පිළිබඳ
පාඩම
අෂ් ෂෙයික් තුවෙයිජිරි
පිරිවර්තක: මාහිර් රම්ඩීන්
6- හජ් හා උම්රා පිළිබඳ පාඩම
1-හජ් හි නීති රීති පිළිබඳ අවබෝධය
අල්-හජ්
හජ් යනු එහි වතාවන් ඉටු කිරීම පිණිස නියමිත වේලාවක මක්කාහ්ව අරමුණ කර ගනිමින් එහි පිවිස සර්ව බලධාරී අල්ලාහ්ට නැමදුම් කිරීමය.
මක්කාහ් හරම් හි සීමාවන්
බටහිරින් හුදෙයිබා නොහොත් අෂ්ෂමීසී නම් ස්ථානයයි. එය මස්ජිදුල් හරාම් හි සිට කිලෝ මීටර 22 දුරින් ජිද්දා මාර්ගයේ පිහිටා ඇත.
නැගෙනහිරින් බටහිර උරනා නම් මිටියාවතෙ හි ගංඉවුරු පිහිටා ඇති ස්ථානයයි. එය කිලෝ මීටර 15ක දුරින් තාඉෆ් මාර්ගයේ පිහිටා ඇත. ජුඃරානා ෂරාඉඉල් මුජාහිදීන් නම් ප්‍රදේශයෙන් ගත් විට එය කිලෝ මීටර 16ක දුරින් පිහිටා ඇත.
උතුරින් කිලෝමීටර 7 ක දුරින් පිහිටා ඇති අත්-තන්ඊම් නම් ප්රදේශයයි.
දකුණින් කිලෝ මීටර 12 ක දුරින් යමන් මාර්ගයේ පිහිටා ඇති අළාත් ලීන් නම් ප්රදේශයයි.
මස්ජිදුල් හරම් හි විශේෂත්වය
මස්ජිදුල් හරම් මුළුමණින්ම පාරිශුද්ධ ස්ථානයකි. පොදුවේ සලකන විට එය ලොවෙහි ඇති විශාලතම මස්ජිදයයි. මිහිතලයේ ජනයා වෙනුවෙන් ඉඳි කරන ලද මුල් ගෘහය වශයෙන් අල්ලාහ් කඃබාව පිහිටෙව්වේය. සියලු ප්‍රදේශයන් හි ස්ථාපිත වී තිබෙන සියලු මස්ජිදයන් හි දිශාව ලෙස කිබ්ලාව පත් කළේය. එමෙන්ම මුළු විශ්වයටම මාර්ගෝපදේශයක් ලෙසත් අභිවෘද්ධියක් ලෙසත් එය පත් කරන ලදී.
කඃබාව පිහිටි මස්ජිදයේ හා හරම් සීමාව තුළ පිහිටි සියලු මස්ජිදයන් හි ඉටු කරනු ලබන සලාතය සෙසු මස්ජිදයන් හි ඉටු කරනු ලබන සලාතයට වඩා සිය දහස් ගුණයකින් උතුම්ය. එනමුත් කඃබාව පිහිටි මස්ජිදය විශේෂ තැනක් ගනී. එහි මුස්ලිම් වරුන් අධිකව රැස් වන බැවින් ද කිබ්ලාවට ඉතා කිට්ටු බැවින් ද උතුම් හා පිවිතුරු බවින් උසස් වන හෙයිනි.
මෙය ඉමහත් භාග්‍යයකි. එය මක්කාවට පමණක් අල්ලාහ් සුවිශේෂ කළේය. එය වත් පිළිවෙත් ඉටු කරනු ලබන නිවසකි. මැවීම් සියල්ල නැමදුම් කරන දේව ස්ථානයකි. සියලු ජනයාට එක හා සමානව ස්ථාපිත කළ පරමාධිපතියාණන්ගේ පාරිශුද්ධ ස්ථානයකි. එහි කිසිදු ලේ හැළීමක් හෝ කිසිදු ආකාරයේ දඩයමක් කිරීමට හෝ වැටී ඇති කිසිවක් ඇහිලීමට හෝ ගස් කැපීමට හෝ අනුමැතිය නැත. දේව ආදේශකයින් එහි පිවිසීම තහනම් කර ඇත. එහි සිදු කරනු ලබන පාපයන් මහත් බරපතළය.
පාරිශුද්ධත්වය හා එහි සලකුණු රැඳී ඇත්තේ සියලු මුස්ලිම් වරුන් එහි රැස් වී රැඳිය හැකි පරිදි අල්ලාහ් පත් කළ එම මස්ජිදුල් හරාම්හි ය. ඔවුන් සියල්ල එහි එක හා සමානය.
1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاءً الْعَاكِفُ فِيهِ وَالْبَادِ وَمَنْ يُرِدْ فِيهِ بِإِلْحَادٍ بِظُلْمٍ نُذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ
සැබැවින්ම ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් ද එහි රැඳී සිටින හා දුරින් සිටින අයට සමාන වන සේ මිනිසුනට අපි පත් කළ (මක්කාහ්වේ දේව ස්ථානය වූ) මස්ජිදුල් හරාමයෙන් වළක්වන අයට ද එහි අපරාධ කරමින් කවරෙකු දැඩි භාවය අපේක්ෂා කරන්නේ ද ඔහුට වේදනීය දඬුවම භුක්ති විඳ වන්නට සැලැස්වූයෙමු. (අල්-කුර්ආන් 22:25)
2. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ ، فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَقَامُ إِبْرَاهِيمَ وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا وَلِلهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ.
සැබැවින්ම ජනයා වෙනුවෙන් (නැමදුමට) තබනු ලැබූ පළමු වන නිවස අභිවෘද්ධිය ලත් හා සමස්ත ලෝකවාසීන්ටම මඟ පෙන්වන්නක් වන මක්කාහ්වෙ හි පිහිටා ඇත්තෙකි.
එහි පැහැදිලි සංඥාවන් ඇත. ඉබ්රාහීම්ගේ ස්ථානය (ඉන් එකකි.) කවරෙකු එහි පිවිසෙන්නේ ද ඔහු අභය ලාභියෙකු වන්නේය. ඒ වෙත යෑමට හැකියාව ඇති සියලු මිනිසුනට, එම නිවස හජ් කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ වගකීමක් වන්නේය. කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් සමස්ත විශ්වයේ සියල්ලගෙ(අවශ්‍යතාවෙ)න් සර්ව සම්පූර්ණය. (අල්-කුර්ආන් 3:96,97)
3.
عَنْ جَابِرٍ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "صَلَاةٌ فِي مَسْجِدِي أَفْضَلُ مِنْ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ إِلَّا الْمَسْجِدَ الْحَرَامَ وَصَلَاةٌ فِي الْمَسْجِدِ الْحَرَامِ أَفْضَلُ مِنْ مِائَةِ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ" (أخرجه أحمد وابن ماجه)
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මාගේ මස්ජිදයේ ඉටු කරනු ලබන සලාතය වෙනත් මස්ජිදයන් හි ඉටු කරනු ලබන සලාතයට වඩා දහස් වාරයකට වඩා උතුම් වෙයි. නමුත් මස්ජිදුල් හරාම් හැර. මස්ජිදුල් හරාම් හි ඉටු කරනු ලබන සලාතය වෙනත් මස්ජිදයන් හි ඉටු කරනු ලබන සලාතයට වඩා සිය දහස් වාරයකින් උතුම් වේ. (මූලාශ්‍රය: අහ්මද්, ඉබ්නු මාජා)
4.
عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "إِنَّ اللهَ حَرَّمَ مَكَّةَ فَلَمْ تَحِلَّ لِأَحَدٍ قَبْلِي وَلَا تَحِلُّ لِأَحَدٍ بَعْدِي وَإِنَّمَا أُحِلَّتْ لِي سَاعَةً مِنْ نَهَارٍ لَا يُخْتَلَى خَلَاهَا وَلَا يُعْضَدُ شَجَرُهَا وَلَا يُنَفَّرُ صَيْدُهَا وَلَا تُلْتَقَطُ لُقَطَتُهَا إِلَّا لِمُعَرِّفٍ وَقَالَ الْعَبَّاسُ يَا رَسُولَ اللهِ إِلَّا الْإِذْخِرَ لِصَاغَتِنَا وَقُبُورِنَا فَقَالَ إِلَّا الْإِذْخِرَ" (متفق عليه)
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම අල්ලාහ් මක්කාහ්ව පිවිතුරු කළේය. මට පෙර කිසිවෙකුට (එහි යුද වැදීමට) අනුමත නොකළේය. මගෙන් පසුව ද කිසිවෙකුට අනුමත නොකළේය. එසේ (යුද වැදීමට) මට අනුමත කරනු ලැබුවේ දහවල් කාලයේ එක් හෝරාවක් පමණි. එහි ඇති ශාක ඉවත් නොකළ යුතුයි. එහි ඇති ගස් කපා නොදැමිය යුතුයි. එහි සතුන් දඬයම් නොකළ යුතුයි. එහි වැටී ඇති වස්තුව තමන්ගේ යැයි හඳුනා ගත්තෙකු හැර වෙන කිසිවෙකු ඇහිලිය නොයුතුයි. යැයි පැවසූහ.
අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණනි, අපගේ රන්කරුවන් හා අපගේ කබ්ර් වලට භාවිත කරන ඉද්හර් හැර යැයි පැවසුවේය.
එවිට එතුමා ඉද්හර් හැර යැයි ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
බයිතුල් හරම් හි නිල මට්ටම
බයිතුල් හරාම් හෙවත් පාරිශුද්ධ ගෘහය අල්ලාහ් ගෞරවයට පාත්‍ර කොට ඇත. මස්ජිදුල් හරාම් හෙවත් හරාම් දේව ස්ථානය එහි බලකොටුව බවට පත් කර ඇත.
එමෙන්ම මක්කාහ්ව මස්ජිදුල් හරාම් හි බලකොටුව බවටත්
හරාම් හෙවත් පාරිශුද්ධත්වය මක්කාහ්වේ බලකොටුව බවටත් අල්ලාහ් පත් කළේය.
මේ සියල්ල අල්ලාහ්ගේ බයිතුල් හරාම් හෙවත් පාරිශුද්ධ ගෘහය ගරු කිරීමක් බල මහිමයට පත් කිරීමක් වශයෙන් පිහිටා ඇත.
إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ ، فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَقَامُ إِبْرَاهِيمَ وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا وَلِلهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ.
සැබැවින්ම ජනයා වෙනුවෙන් (නැමදුමට) තබනු ලැබූ පළමු වන නිවස අභිවෘද්ධිය ලත් හා සමස්ත ලෝකවාසීන්ටම මඟ පෙන්වන්නක් වන මක්කාහ්වෙ හි පිහිටා ඇත්තෙකි.
එහි පැහැදිලි සංඥාවන් ඇත. ඉබ්රාහීම්ගේ ස්ථානය (ඉන් එකකි.) කවරෙකු එහි පිවිසෙන්නේ ද ඔහු අභය ලාභියෙකු වන්නේය. ඒ වෙත යෑමට හැකියාව ඇති සියලු මිනිසුනට, එම නිවස හජ් කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ වගකීමක් වන්නේය. කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් සමස්ත විශ්වයේ සියල්ලගෙ(අවශ්‍යතාවෙ)න් සර්ව සම්පූර්ණය. (අල්-කුර්ආන් 3:96,97)
හජ් හි සැඟවුනු යථාර්ථයන් හා අලංකාරයන්
1- හජ් වන්දනාව ඉස්ලාමීය සහෝදරත්වය ඉස්ලාමීය සමාජ ඒකීය භාවය සනිටුහන් කරන්නකි. විවිධ ජාතීන් විවිධ වර්ණයෙන් යුත් විවිධ භාෂාවන් කතා කරන විවිධ දේශයන් හි ප්රාන්තයන් හි ජීවත් වන ජනයා ඒ වෙත ගලා ගෙන එති. නැමදුමෙහි යථාර්ථය සහෝදරත්වය එයින් ඉස්මතු වේ.
සියලු දෙනා එකම ඇඳුමින් සැරසී කිබ්ලා දෙසට මුහුණ ලා එකම දෙවියෙකු නමදිති.
2- හජ් පාසලකි. මුස්ලිම්වරයා එහි ඉවසීම මත හසුරුවනු ලබයි. පරමාන්ත දිනය හා එදින බිහිසුණු සිදුවීම් පිළිබඳව මතකයට නැගෙයි. අල්ලාහ්ට නැමදුම් කිරීමේ රැචිය හැඟෙයි. තම පරමාධිපතිගේ මහිමය වටහා ගනියි. ඔහු සතු (භෞතික වස්තූන්) සියලු දෑ නොටිනා බව අවබෝධ කර ගනියි.
3- හජ් කුසල් සම්භාරයක් උපයා ගැනීමේ හා කළ වැරදි වලට සමාව හිමි කර ගැනීමේ සමයයි. එහි දී ගැත්තෙකු තම පරමාධිපති අබියස සිට ඔහුගේ ඒකීය භාවය පිළිගෙන ප්‍රාර්ථනා කරයි. තමන් කළ පාපයන් පරමාධිපති ඉදිරියේ තබා ඔහුට නිසි ලෙස නැමදුම් කිරීමට නොහැකි වීම ගැන අවබෝධ කර ගනියි. පසුව අලුත උපන් දරුවෙකු මෙන් සියලු පාපයන්ගෙන් මිදුනු කෙනෙකු සේ පවිත්‍ර ලෙසින් තම ගම රට බලා නැවත හැරී යයි.
4- හජ් හි නබි වරුන් හා රසූල් වරුන්ගේ තත්ත්වයත් ඔවුන්ගේ නැමදුම ඔවුන්ගේ ප්රචාරක කටයුතු ඔවුන්ගේ කැපවීම ඔවුන්ගේ ගුණවත්කම හා තම පවුල දරුවන් වෙන්වීමේ දී ඔවුන් තම ආත්මය සනසා ගත් සැටි සිහිපත් වෙයි.
5- හජ් එක් මිනුම් ඒකකයකි. එමගින් ඇතැමුන් ඇතැමුන්ගේ තත්ත්වයන් මැනවින් වටහා ගනී. ඔවුන් අතර ඇති නුවණ හා අනුවණ කම පොහොසත් හා දුප්පත් කම තැන්පත්කම හා වේගවත් කම මැන බලයි. එය ඔවුන් තුළ ඇති ගුණාංගයන් ඉස්මතු කරයි. ඔවුන්ගේ එකමුතු භාවය මෙමගින් විඳහා පෙන්වයි.
හජ් හි නීතිය
ඉස්ලාමීය වගකීම් අතුරින් පස් වැනි වගකීම හජ් වේ. එය වැඩිවියට පත් සිහිබුද්ධිය ඇති තම ජීවිතය තුළ හජ් කිරීමට ශක්තිය ඇති සෑම නිදහස් මුස්ලිම්වරයෙකුටම එය ක්ෂණිකව ඉටු කිරීම අනිවාර්යය වගකීමකි.
හිජ්රි වර්ෂ 9 යේ දී හජ් වන්දනාව අනිවාර්යය කරනු ලැබීය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එක් වරක් පමණක් හජ් ඉටු කළේය. එය හජ්ජතුල් විදා නම් එතුමාණන් මෙලොවින් සමු ගත් වසරේ ඉටු කළ හජ් වන්දනාවයි.
1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَلِلهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ.
ඒ වෙත යෑමට හැකියාව ඇති සියලු මිනිසුනට එම නිවස හජ් කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ වගකීමක් වන්නේය. කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් සමස්ත විශ්වයේ සියල්ලගෙ(අවශ්‍යතාවෙ)න් සර්ව සම්පූර්ණය. (අල්-කුර්ආන් 3: 97)
2-
وعن بْنِ عُمَرَ رضي الله عنهما قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إنَّ الإسْلاَمَ بُنِيَ عَلَى خَمْسٍ شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ وصِيَامِ رمضانَ وَحَجِّ الْبَيْتِ متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. ‘‘සැබැවින්ම ඉස්ලාම් ලා ඉලාහ ඉල්ලල්ලාහ් නම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට සාක්ෂි දැරීම සලාතය ස්ථාපනය කිරීම zසකාත් ලබා දීම රමළානයේ උපවාස ශීලය රැකීම අල්ලාහ්ගේ නිවස වෙත හජ් ඉටු කිරීම යන කරුණු පහ මත ගොඩ නැගී ඇත. (මූලාශ්‍රය : බුහාරි මුස්ලිම්)
හජ් අනිවාර්යය වන උදවිය
හජ් ඉටු කිරීම සඳහා හැකියාව ඇත්තන් කෙරෙහි හජ් අනිවාර්යය වේ.
හැකියාව ඇත්තා : එනම් ශරීර සුවයෙන් පසු වන ගමන් කිරීමට ශක්තිය ඇති හජ් ඉටු කර නැවත පැමිණීමට ප්‍රමාණවත් ගමන් මෙවලම් හා ප්‍රවාහන පහසුකම් ඇති ණය පියවා තම පවුල වෙනුවෙන් ෂරීආහ්ව නියම කළ වියදම් සියල්ල සපුරා දුන් පුද්ගලයාය.
හජ් ඉටු කිරීම සඳහා ධනයෙන් හා ශරීරයෙන් හැකියාව ලැබූවන්ට පොදුවේ හජ් කිරීම අනිවාර්යය වේ. ධනය තිබී ශරීර සුවය නොමැති නම් හජ් කිරීම සඳහා ඔහු වෙනුවෙන් තවත් කෙනෙකු පත් කිරීම අනිවාර්යය වේ. ශරීර සුවය තිබී ධනය නොමැති නම් ඔහු කෙරෙහි හජ් අනිවාර්යය නොවේ. ධනයෙන් හා ශරීරයෙන් හැකියාව නොලැබූවන් හජ් හි වගකීමෙන් ඉවත් වනු ඇත.
ධනය නොමැති උදවිය zසකාත් අරමුදල ලබා එමගින් හජ් කිරීමට අනුමැතිය ඇත. හේතුව හජ් කිරීමද ෆී සබීලිල්ලාහ් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ ගමන් කිරීමක් වන බැවිනි.
කෙනෙකුට හජ් අනිවාර්යය වී ඔහු හජ් ඉටු නොකරම මිය ගියේ නම් ඔහු හැර දමා ගිය ධනයෙන් ඔහු වෙනුවෙන් හජ් ඉටු කිරීමට ඉඩ සැලැස්විය යුතුයි.
කාන්තාවකට ඇය සමඟ පියා පුතා ස්වාමියා වැනි මහ්රම් උදවිය නොමැතිව හජ් ඉටු කිරීම අනිවාර්යය නොවේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَلِلهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ.
ඒ වෙත යෑමට හැකියාව ඇති සියලු මිනිසුනට එම නිවස හජ් කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ වගකීමක් වන්නේය. කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් සමස්ත විශ්වයේ සියල්ලගෙ(අවශ්‍යතාවෙ)න් සර්ව සම්පූර්ණය. (අල්-කුර්ආන් 3: 97)
හජ් හා උම්රාවෙ හි මහිමය
1.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ: سُئِلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيُّ الْأَعْمَالِ أَفْضَلُ قَالَ "إِيمَانٌ بِاللهِ وَرَسُولِهِ" قِيلَ ثُمَّ مَاذَا قَالَ "جِهَادٌ فِي سَبِيلِ اللهِ" قِيلَ ثُمَّ مَاذَا قَالَ "حَجٌّ مَبْرُورٌ" (متفق عليه)
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
කවර ක්‍රියාවන් වඩා උතුම් වන්නේ දැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)ගෙන් විමසන ලදී. (එවිට) අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාව විශ්වාස කිරීම යැයි පැවසූහ. පසුව කුමක් දැයි විමසන ලදී. අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමය යැයි පැවසූහ. පසුව කුමක් දැයි විමසන ලදී පිළිගනු ලබන හජ් යැයි පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
2.
عَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: "مَنْ حَجَّ لِلهِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ" (متفق عليه)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කවරෙකු හජ් ඉටු කර අශීලාචාරව නොහැසිර පාපකම් ද නොකළේ නම් දරුවෙකුව තම මව ප්‍රසූත කළ දිනය මෙන් ඔහු නැවත හැරී එන්නේය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
3.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "الْعُمْرَةُ إِلَى الْعُمْرَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُمَا وَالْحَجُّ الْمَبْرُورُ لَيْسَ لَهُ جَزَاءٌ إِلَّا الْجَنَّةُ" (متفق عليه)
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
උම්රාවක සිට තවත් උම්රාවක් ඒ දෙක අතර සිදු වන (පාප) දෑ සඳහා වන්දියක් වනු ඇත. පිළිගනු ලැබූ හජ්, එයට ස්වර්ගය මිස වෙන කිසිදු ප්‍රතිඵලයක් නොමැත. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
හජ් හා උම්රා අනුගමනය කිරීමේ මහිමය
عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "تَابِعُوا بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ فَإِنَّهُمَا يَنْفِيَانِ الْفَقْرَ وَالذُّنُوبَ كَمَا يَنْفِي الْكِيرُ خَبَثَ الْحَدِيدِ وَالذَّهَبِ وَالْفِضَّةِ وَلَيْسَ لِلْحَجَّةِ الْمَبْرُورَةِ ثَوَابٌ إِلَّا الْجَنَّةُ" (أخرجه أحمد والترمذي)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
හජ් හා උම්රා අතර අනුගමනය කරන්න. සැබැවින්ම මයිනහම යකඩ රන් හා රිදී වල මල බැඳුනු දෑ ඉවත් කරන්නාක් මෙන් ඒ දෙක දිළිඳු කම හා පාපය තුරන් කරන්නේය. පිළි ගනු ලබන්නා වූ හජ් සඳහා ස්වර්ගය මිස වෙන කිසිදු කුසලක් නොමැත. (මූලාශ්‍රය: අහ්මද්, තිර්මිදී)
මහ්රම් කෙනෙකු නොමැතිව කාන්තාවක් හජ් හෝ උම්රා කිරීමේ නීතිය
1. කාන්තාවකට හජ් අනිවාර්යය වීම සඳහා තම ස්වාමි පුරුෂයා හෝ කවදත් ඇයට විවාහ වීමට තහනම් වුණු පියා සහෝදරයා පුතා වැනි මහ්රම් කෙනෙකු හෝ ලබා තිබීම කොන්දේසි වශයෙන් පැන වේ. ඇය සමග හජ් කිරීමට ඔවුන් ප්‍රතික්ෂේප කළේ නම් එවිට ඇය කෙරෙහි ඉටු කිරීම අනිවාර්යය නොවේ. මහ්රම් නොමැතිව ඇය හජ් ඉටු කළේ නම් එවිට ඇයි පාපියෙකි. ඇය ඒ සඳහා පශ්චාත්තාප විය යුතුයි. සමාව අයැද සිටිය යුතුයි. නමුත් ඇයගේ හජ් නිවැරදිය.
2. හජ් හෝ වෙනත් ගමනක් හෝ මහ්රම් නොමැතිව කාන්තාවක් ගමන් කිරීම සුදුසු නොවෙයි. ඇය තරුණියක් හෝ මැහැල්ලියක් වුව ද කාන්තාවන් සමඟ හෝ ඔවුන් නොමැතිව වුව ද ගමන කෙටි හෝ දීර්ඝ වුව ද එක හා සමානය. හේතුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කර ඇති බැවිනි.
"لَا تُسَافِرْ الْمَرْأَةُ إِلَّا مَعَ ذِي مَحْرَمٍ"
‘කාන්තාව මහ්රම් අය සමඟ මිස ගමන් නොයා යුතුයි. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
වෙනත් කෙනෙකු වෙනුවෙන් හජ් ඉටු කිරීමේ නීතිය
මුස්ලිම් වරයෙකු තමන් වෙනුවෙන් හජ් ඉටු කර ඇත්නම් වෙනත් කෙනෙකු වෙනුවෙන් හජ් ඉටු කිරීමට අනුමැතිය ඇත.
මුස්ලිම් වරයෙකු මියගිය කෙනෙකු වෙනුවෙන් හෝ හැකියාවක් නොලබන කෙනෙකු වෙනුවෙන් හෝ ඔහු කාන්තාවක් වුව ද පිරිමියෙකු වුව ද හජ් ඉටු කිරීමට අනුමැතිය ඇත.
අමතර හජ් හෝ උම්රා ඉටු කිරීම විෂයෙහි තමන් කෙනෙකුට ණයක් ලබා දී ඇත්නම් එම ණය වෙනුවට තමන් වෙනුවෙන් කුලියට හෝ කුලිය නොමැතිව හෝ හජ් ඉටු කර සිටින මෙන් ණය ගැත්තාගෙන් ඉල්ලා සිටිය හැක. එසේ පවරන්නා හජ් වතාවන් ඉටු කරන අවස්ථාවෙහි හජ් හි තහනම් කරුණු වලින් වැළකී සිටීම අනිවාර්යය නොවේ.
වයස්ගත කෙනෙකු වෙනුවෙන් හෝ සුව නොවන රෝගියෙකු වෙනුවෙන් හෝ මිය ගිය ඇත්තෙකු වෙනුවෙන් හෝ හජ් ඉටු කරන්නා කවර ස්ථානයක සිට හෝ ඉහ්රාම් බැදිය හැක. කෙනෙකු වෙනුවෙන් හජ් ඉටු කරන්නාගේ දේශයේ සිට ගමන පටන් ගත යුතු යැයි අනිවාර්යයක් නොවේ.
عَنْ بُرَيْدَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ: بَيْنَما أَنَا جَالِسٌ عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ أَتَتْهُ امْرَأَةٌ فَقَالَتْ: إِنِّي تَصَدَّقْتُ عَلَى أُمِّي بِجَارِيَةٍ وَإِنَّهَا مَاتَتْ قَالَ فَقَالَ وَجَبَ أَجْرُكِ وَرَدَّهَا عَلَيْكِ الْمِيرَاثُ قَالَتْ يَا رَسُولَ اللهِ إِنَّهُ كَانَ عَلَيْهَا صَوْمُ شَهْرٍ أَفَأَصُومُ عَنْهَا قَالَ صُومِي عَنْهَا قَالَتْ إِنَّهَا لَمْ تَحُجَّ قَطُّ أَفَأَحُجُّ عَنْهَا قَالَ حُجِّي عَنْهَا (أخرجه مسلم)
බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් අසලින් මම වාඩි වී සිටියෙමි. එවිට කාන්තාවක් පැමිණ ‘මාගේ මවට මම වහලියක් පරිත්‍යාග කළෙමි. මව මිය ගියාය.‘ යැයි පැවසුවාය. එවිට එතුමාණෝ ‘ඔබට නියමිත කුසල් අනිවාර්යය විය. උරුමය නැවත ඇයව ඔබට පිරිනමා ඇතැ‘යි පැවසූහ. තව දුරටත් ඇය, ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඇය කෙරෙහි මසක කාලයක් උපවාසය අනිවාර්යය වී තිබිණ. ඇය වෙනුවට මම එම උපවාසයේ නිරත වෙන්නෙම් දැයි විමසීය. ඔබ ඇය වෙනුවට උපවාසයේ නිරත වන්නැයි එතුමා පිළිතුරු දුන්හ. ඇය කිසි විටක හජ් ඉටු කළේ නැත ඇය වෙනුවට මම හජ් ඉටු කරන්නෙම් දැයි විමසුවාය. ඔබ ඇය වෙනුවට හජ් ඉටු කරන්නැයි එතුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්)
ඔසප් හා නිෆාස් තත්ත්වයේ පසු වන කාන්තාවකගේ ඉහ්රාම්
ඔසප් හා නිෆාස් තත්ත්වයේ පසු වන කාන්තාවන් ස්නානය කොට හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් පැලඳ ගැනීමට අනුමැතිය ඇත. ඇයගේ ඉහ්රාම් තත්ත්වය දිගට පවතින අතර ඇය හජ් හි පිළිවෙත් ද ඉටු කරන්නීය. නමුත් ඇය පිරිසිදු තත්ත්වයට පත් වන තෙක් තවාෆ් නොකරන්නීය. පසුව ඇය ස්නානය කර ඇයගේ වත්පිළිවෙත් පූර්ණවත් කර පසුව ඇය ඉහ්රාමයෙන් මිදෙන්නීය. උම්රා සඳහා ඉහ්රාම් ඇද ගත්තේ නම් ඇය පිරිසිදු තත්ත්වයට පත් වන තෙක් රැඳී සිට පසුව ස්නානය කර උම්රාවෙ හි වත්පිළිවෙත් ඉටු කළ පසුව ඉහ්රාමයෙන් මිදෙන්නීය.
දරුවෙකු හජ් හෝ උම්රා ඉටු කිරීමේ නීතිය
1- කුඩා අවදියේ පසුවන්නෙකු හජ් සඳහා ඉහ්රාම් බැන්ඳේ නම් එය නෆීල් හෙවත් අතිරේක දෙයක් වශයෙන් සැලකේ. ඔහු හොද නරක තෝරා ගත හැකි වයසක පසු වන්නේ නම් වැඩිවියට පත් සෙසු ජනයා සිදු කරනවාක් මෙන්ම ඔහු ද එම වතාවන් ඉටු කරයි. ඔහු වයසින් අඩු නම් ඔහු වෙනුවට ඔහුගේ භාරකරු ඉහ්රාම් පැලඳ තවාෆ් කර සඃයු කර ඔහු වෙනුවෙන් ෂෙයිතාන්ට ගල් ගසයි. එහිදී වඩාත් උතුම් වන්නේ හජ් හා උම්රා පිළිවෙත් හි ඔහුට සිදු කිරීමට හැකියාව ඇති පිළිවෙත් ඉටු කිරීමයි. ඔහු හජ් වගකීම පැවරෙන අවදියට පැමිණියේ නම් හජ් ඉටු කිරීම ඔහුට අනිවාර්යය වෙයි.
2- දරුවෙකු වෙනුවෙන් ඉහ්රාම් බැඳ පසුව රෝගයකින් හෝ අධික සෙනඟ හේතුවෙන් හෝ එවැනි යම් හේතුවක් මත එහි වතාවන් සම්පූර්ණ කිරීමට නොහැකි වෙතොත් එය සම්පූර්ණ කිරීම ඔහුට අනිවාර්යය නොවෙයි. හේතුව ඔහු වගකීම් දරන වසයට එළැඹ නොමැති බැවිනි. එහෙයින් නැවත එම වතාවන් ආරම්භයේ සිට කිරීම හෝ එම වතාවන් සම්පූර්ණ කිරීම හෝ අනිවාර්යය නොවයි. ඉහ්රම් තත්ත්වයේ නුසුදුසු ක්‍රියාවක් කළේ නම් ඒ වෙනුවට කිසිදු වන්දියක් ලබා දීමේ අවශ්‍යතාව ද නොමැත.
3- දරුවෙකු හෝ උම්මත්තකයෙකු හෝ හජ් ඉටු කළ විට ඔවුන් දෙදෙනාගේ හජ් නිවැරදිය. පසුව දරුවා වැඩි වියට පත් වූයේ නම් හෝ උම්මත්තකයාට සිහිය පැමිණියේ නම් හෝ ඔවුන් දෙදෙනා ඉස්ලාමයේ හජ් වගකීම නැවත ඉටු කිරීම අනිවාර්යය වේ.
4- වැඩිවියට පත් වහලෙකු තමන් විසින් හෝ තව කෙනෙකුගේ වියදමින් හෝ හජ් ඉටු කළේ නම් ඔහුගේ හජ් නිවැරදිය. ඔහුට එය ප්රමාණවත්ය.
5- දරුවෙකු වෙනුවෙන් හජ් ඉටු කිරීම සුන්නාහ්වකි. කවරෙකු ඔහු වෙනුවෙන් හජ් ඉටු කරන්නේ ද ඔහුට කුසල් හිමි වනු ඇත. එහි සෙනඟ අධික නම් හෝ දුෂ්කර නම් හෝ වඩාත් උචිත වන්නේ ඔහු වෙනුවෙන් ඉහ්රාම් නොබැඳීමය.
عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ: رَفَعَتْ امْرَأَةٌ صَبِيًّا لَهَا فَقَالَتْ يَا رَسُولَ اللهِ أَلِهَذَا حَجٌّ قَالَ نَعَمْ وَلَكِ أَجْرٌ (أخرجه مسلم)
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. කාන්තාවක් දරුවෙකු ඔසවා අල්ලාහ්ගේ දූතයාණනි, මොහුටත් හජ් තිබේ දැයි විමසුවාය. එයට එසේය එමෙන්ම ඔබට ද කුලිය ඇතැයි පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්)
දේව ආදේශ තබන්නෙකු මස්ජිදුල් හරාම් වෙත පිවිසීමේ නීතිය
දේව අදේශ තබන්නෙකු මස්ජිදුල් හරාම් වෙත පිවිසීම සුදුසු කාර්යයක් නොවේ. කවරෙකු එසේ කෙනෙකුව ඇතුළු කරන්නේ ද ඔහු පාපියෙකි. ඒ වෙනුවෙන් පාපක්ෂමාවේ නියැළීමත් ඔහුව එයින් පිටමං කිරීමත් ඔහු කෙරෙහි පැවරෙනු ඇත.
ඒ හැර ඉස්ලාමය පිළිබඳ අවබෝධ කර ගැනීම යම් කිසි ත්‍යාගයක් පිරීනැමීම වැනි අවශ්‍යතාවන් ඇතොත් සෙසු මස්ජිදයන් තුළ එවන් ආදේශ තබන්නන් ඇතුළු වීම වරදක් නොවෙයි.
1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَذَا وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللهُ مِنْ فَضْلِهِ إِنْ شَاءَ إِنَّ اللهَ عَلِيمٌ حَكِيمٌ
විශ්වාස කළවුනි, සැබැවින්ම ආදේශ තබන්නන් අපිරිසිදුමය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසුව මස්ජිදුල් හරාම් වෙත ඔවුන් සමීප විය නොයුතුයි. නුඹලා දිළිඳුකමට බිය වූයෙහු නම් අල්ලාහ් අභිමත කළහොත් තම වරප්‍රසාදයෙන් නුඹලාව පොහොසත් කරන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය මහත් ප්‍රඥාවන්තය. (අල්-කුර්ආන් 9:28)
وَعَنْ أَبِيْ هُرَيْرَةَ رضي الله عنه قَالَ بَعَثَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَيْلًا قِبَلَ نَجْدٍ فَجَاءَتْ بِرَجُلٍ مِنْ بَنِي حَنِيفَةَ يُقَالُ لَهُ ثُمَامَةُ بْنُ أُثَالٍ فَرَبَطُوهُ بِسَارِيَةٍ مِنْ سَوَارِي الْمَسْجِدِ فَخَرَجَ إِلَيْهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَطْلِقُوا ثُمَامَةَ فَانْطَلَقَ إِلَى نَخْلٍ قَرِيبٍ مِنْ الْمَسْجِدِ فَاغْتَسَلَ ثُمَّ دَخَلَ الْمَسْجِدَ فَقَالَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ. (متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා නජ්ද් දේශයට අශ්ව සේනාවක් යැවූහ. ඔවුන් බනූ හනීෆා ගෝත්‍රයේ සුමාමා ඉබ්නු උසාල් නමැති පුද්ගලයෙකුව ගෙනැවිත් මස්ජිදයේ කණු අතුරින් එක් කණුවක බැඳ දැමූහ. එවිට ඔහු වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයාණෝ සුමාමාව අත හරින්නැයි පවැසුහ. ඔහු මස්ජිදයට නුදුරින් පිහිටි ඉඳි ගසක් අසලට ගොස් ස්නානය කර පසුව මස්ජිදයට පිවිස පසුව අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදර් රසූලුල්ලාහ් - අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් අල්ලාහ්ගේ දූතයාණන් බවත් මම සාක්ෂි දරමි- යැයි පවසා සිටීය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
2- අල්-මවාකීත්
අල්-මවාකීත් යනු මීකාත් යන පදයෙහි බහු වචනයයි. එය නැමදුම් කරන නියමිත ස්ථානයයි. එය කාල සීමාව යනුවෙන් ද අර්ථවත් වෙයි.
මවාකීත් නියම කිරීමේ යථාර්ථය
අල්ලාහ්ගේ ගෘහය ගෞරවයට හා මහිමයට පත් වූ කල්හි අල්ලාහ් එයට බලකොටුවක් තැනීය. එය මක්කාහ්වයි. එමෙන්ම එයට වැටක් ද තැනීය. එය හරම් දේශ සීමාවයි. එම හරම් දේශ සීමාවට නියමිත මායිමක් ඇත. හජ් හෝ උම්රා සඳහා පැමිණෙන්නන් එම සීමා මායිම් හි අල්ලාහ්ට ගරු බුහුමන් දැක්වීම පිණිසත් ඔහුගේ නිවස වන මස්ජිද් හරාම් බැහැ දැකීම ගරු කොට සැලකීම පිණිසත් අදින් ඉහ්රාම් ඇඳුම නොඇඳ එම සීමාවන් තරණය කිරීමට අනුමැතිය නොමැත.
මවාකීත් හි වර්ග
මවාකීත් වර්ග දෙකකි.
පළමුවැන්න : කාලය හා සම්බන්ධ සීමාවන්ය. එනම් හජ් සමය යැයි සලකන ෂව්වාල්, දුල් කඃදා, දුල් හිජ්ජා යන මාසයන්ය.
හජ් සඳහා ඉහ්රාම් බඳින්නට ආරම්භ කරනුයේ ෂව්වාල් මස ආරම්භයේ සිටය. එම හජ් හි ඉහ්රාම් බැඳීමේ අවසන් වේලාව වනුයේ අවුරුදු දින ෆජ්ර් සලාතයට පෙරය.
තවාෆුල් විදා හෙවත් සමු ගැනීමේ තවාෆ් හැර හජ් හි සෙසු සියලු වතාවන් දුල් හිජ්ජා මස 13 වැනි දින හිරු අවරට යාමත් සමඟ අවසන් වෙයි. නමුත් යම් කිසි බාධාවක් හේතුවෙන් සඃයු හා තවාෆ් කිරීමට ප්‍රමාද වී නම් අවශ්‍යතාව අනුව එය හජ් මස අවසන් දක්වා ප්‍රමාද කිරීමට අනුමැතිය ඇත.
දෙවැන්න: ස්ථාන හා සම්බන්ධ සීමාවන්ය. මේවා හජ් හෝ උම්රා ඉටු කිරීමට අපේක්ෂා කරන්නන් ඉහ්රාම් බැද ගත යුතු මායිම්ය. එම මායිම් ස්ථාන පහකි.
1- දුල් හුලෙයිෆා: මෙය මදීනා වැසියන්ගේ ද හා ඒ අවට වෙසෙන්නන්ගේ ද ඒ ඔස්සේ පැමිණෙන අයගේ ද මායිම් ස්ථානයයි. එය මක්කාවේ සිට කිලෝ මීටර 420ක පමණ දුරින් පිහිටා තිබේ. මක්කාවේ සිට දුරින්ම පිහිටි මායිම මෙය වේ. එය වාදිල් අකීක් යන නමින් ද හැඳින් වේ. මස්ජිදුෂ් ෂජරා නම් මස්ජිදය පිහිටා ඇත්තේ එම මායිම් ස්ථානයේය.
මෙම මායිම මදීනාවට උතුරින් මස්ජිදුන් නබවී සිට කිලෝ මීටර 13ක දුරින් පිහිටා ඇත. මෙම භාග්‍යවන්ත මිටියාවතෙ හි සලාතය ඉටු කිරීම සතුටු දායකය.
2- අල්-ජුහ්ෆා මෙය සිරියාව තුර්කිය ඊජිප්තුව වැනි රටවල් හා බටහිර රටවල් අතුරින් පැමිණෙන වන්දනා කරුවන් හා ඒ ඔස්සේ පැමිණෙන වන්දනා කරුවන්ගේ මායිම් ස්ථානයයි. එය ෂිර්කි රාබිඃ නම් ගම්මානයයි. මක්කාහ්වේ සිට කිලෝ මීටර 176ක පමණ දුරින් පිහිටා ඇත.
දැන් වන්දනා කරුවන් රාබිඃ නම් ස්ථානයට බටහිර දෙසින් පිහිටි මුහුදු බඩ ප්‍රදේශයේ සිට ඉහ්රාම් බඳිති.
3- යලම්ලම් මෙය යමන් හා ඒ අවට වෙසෙන වන්දනා කරුවන්ගේ ද ඒ ඔස්සේ පැමිණෙන වන්දනා කරුවන්ගේ ද මායිම් ස්ථානයයි. එය මක්කාහ්වේ සිට කිලෝ මීටර 120ක් පමණ දුරින් පිහිටා ඇති කදු බෑවුම් සහිත මිටියාවතකි.
දැන් වන්දනා කරුවන් යලම්ලම් මිටියාවතට බටහිර වෙරළ දෙසින් පිහිටි අස්-සඃදිය්යා නම් ප්‍රදේශයේ ඉහ්රාම් බඳිති.
4- කර්නුල් මනාසිල් මෙය නජ්ද් හා තාඉෆ් දේශයන් හි ද ඒ අවට ප්‍රදේශවල ද වෙසෙන වන්දනා කරුවන් හා ඒ ඔස්සේ ගමන් කරන වන්දනා කරුවන්ගේ දේශ සීමාවයි. දැන් එම ස්ථානය අස්-සෙයිලුල් කබීර් යන නමින් ප්‍රසිද්ධය. මෙම ස්ථානය මක්කාහ්වට කිලෝ මීටර 75ක් පමණ දුරින් පිහිටා ඇත. මහ්රම් නම් මිටියාවත පිහිටා ඇත්තේ කර්නුල් මනාසිල් ප්‍රදේශට ඉහළ කොටසෙහිය. වන්දනාකරුවන් එම ස්ථානයෙන් හදා මාර්ගය ඔස්සේ මක්කාහ්වට ගමන් කරයි.
5- සාතු ඉර්ක් මෙය ඉරාක් වැසියන්ගේ ද ඒ අවට ප්‍රදේශ වල වෙසෙන්නන්ගේ ද ඒ ඔස්සේ ගමන් කරන්නන්ගේ ද සීමා මායිමයි. එය අල්-ළර්බියා නමින් හැඳින්වෙන මක්කාහ්වේ සිට කිලෝ මීටර 100 පමණ දුරින් පිහිටා ඇති මිටියාවතකි.
මෙම මායිම් අදාළ නොවන ස්ථානයක වෙසෙන වන්දනා කරුවෙකු නම් ඔහු සිටින ස්ථානයේම ඉහ්රාම් ඇඳ ගනියි.
عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ : "أنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَّتَ لِأَهْلِ الْمَدِينَةِ ذَا الْحُلَيْفَةِ وَلِأَهْلِ الشَّامِ الْجُحْفَةَ وَلِأَهْلِ نَجْدٍ قَرْنَ الْمَنَازِلِ وَلِأَهْلِ الْيَمَنِ يَلَمْلَمَ فَهُنَّ لَهُنَّ وَلِمَنْ أَتَى عَلَيْهِنَّ مِنْ غَيْرِ أَهْلِهِنَّ لِمَنْ كَانَ يُرِيدُ الْحَجَّ وَالْعُمْرَةَ فَمَنْ كَانَ دُونَهُنَّ فَمُهَلُّهُ مِنْ أَهْلِهِ وَكَذَاكَ حَتَّى أَهْلُ مَكَّةَ يُهِلُّونَ مِنْهَا" (متفق عليه)
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මදීනා වැසියන්ට දුල් හුලෙයිෆා නම් ස්ථානය ද ෂාම් - සිරියා- වැසියන්ට අල්-ජුහ්ෆා නම් ස්ථානය ද නජ්ද් වැසියන්ට කර්නුල් මනාසිල් නම් ස්ථානය ද යමන් වැසියන්ට යලම්ලම් නම් ස්ථානය ද (ඉහ්රාම් බැඳීමේ) සීමා මායිම් ලෙස නියම කළහ. ඒවා හජ් හා උම්රා ඉටු කිරීමට අපේක්ෂා කරන ඒවායෙ හි වැසියන්ට හා ඒවායෙ හි වැසියන් නොවන ඒවා ඔස්සේ පැමිණෙන්නන්ටය. කවරෙකු ඒවා හැර වෙනත් ස්ථානයක වෙත් ද ඔහු ඉහ්රාම් බඳින ස්ථානය වනුයේ ඔහු පදිංචිව සිටින ස්ථානයයි. එමෙන්ම මක්කාහ් වැසියන් පවා ඔවුන් පදිංචි ස්ථානයේ සිටම ඉහ්රාම් ඇද ගනිති. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
ඉහ්රාම් නොඇඳ සීමාව පසු කරමින් පැමිණීමේ නීතිය
1. හජ් හෝ උම්රා වන්දනා කරුවන් නියමිත මායිමෙ හි ඉහ්රාම් නොපැල ද පිවිසීම අනුමත නොවේ. එසේ කවරෙකු ඉහ්රාම් නොපැල ද එම ස්ථානය තරණය කළේ ද නැවත එම ස්ථානයට ගොස් ඉහ්රාම් පැලදීම අනිවාර්යය වේ.
2. හජ් හෝ උම්රා කිරීමේ අපේක්ෂාවෙන් තොරව එම සීමා මායිම් පසු කරමින් පැමිණ පසුව හජ් හෝ උම්රා කිරීමේ චේතානව ඇති කර ගත්තේ නම් ඔහු චේතනා කළ ස්ථානයේ සිටම ඉහ්රාම් ඇද ගනී. නමුත් උම්රා කිරීම හැර. මක්කාවට පැමිණි පුදගලයෙකු හරම් හි සිට උම්රා කිරීමට චේතනා කළේ නම් ඔහු නියමිත සීමා මායිම වෙත පිටත්ව යයි. ඔහු එම නියමිත ස්ථානයේ ම චේතනා කළේ නම් ඔහු චේතනා කළ එම ස්ථානයේ සිටම ඉහ්රාම් බැඳ ගනියි.