Articles



පිළිගනු ලැබු හජ් මබ්රූර් හි ලක්ෂණ





මාතෘකාව





علامات قبول الحج





<سنهالية- Sinhala- සිංහල>





සංස්කරණය





arabnews.com පුවත් පත්‍රයේ





جريدة عرب نيوس





http://www.arabnews.com/islam-perspective/news/814066





—™





භාෂා පරිවර්තක:





ජාසිම් ඉබ්නු දඉයාන්





සංස්කාරක:





මුහම්මද් අසාද්





ترجمة:جاسم بن دعيان





مراجعة: محمد آساد





පිළිගන්නා ලද හජ් මබ්රූර් හි ලක්ෂණ





http://www.arabnews.com/islam-perspective/news/814066





අරබ් නිවුස් පුවත් පත්‍රය





සිංහල භාෂාවෙන්





ජාසිම් ඉබ්නු දඉයාන්





හජ් වන්දනාව අවසන් කර ධාර්මික නවකිරීම සමඟ, ඔවුන් පාපයන්හට අල්ලාහ්ගේ සමාව දෙනු ලැබ, කැළැල් නොමැති තත්ත්වයක නවක ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින් වන්දනා කරුවන් හජ් වන්දනාවෙන් ආපසු පැමිණෙති.





පවුලේ සහ සමාජයේ ජනතාව, එම වන්දනාකරුවන් සාදරයෙන් පිළි ගන්නටද, අවසන් කළ හජ් වන්දනා ගමන සඳහා සුබ පතන්නට ද, ඉතා ඕනෑකමින් බලා සිටිති. හජ් වන්දනාව අවසන් කළ අය ගැන සමාජය සඳහන් කරන්නේ සහ අමතන්නේ හාජි යනුවෙන් ය. හජ් වන්දනාව නිම කළ කෙනෙක් බව සඳහන් කරනු පිණිස සමාජය විසින් දෙන ලද ගෞරව නාමයද මෙය වේ.





وَلِلَّـهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا ۚ ﴿٩٧﴾





“තවද අල්ලාහ් වෙනුවෙන් එම ගෘහයෙහි හජ් ඉටු කිරීම සඳහා ඒ වෙතට යෑමට හැකියාව ඇති ජනයා වෙත පැවරුණු වගකීමකි.” යනුවෙන් කුර්ආන් 3:97 වැකිය පවසයි. අබු හුරෙයිරා (රළි) වාර්තා කළ හදිසයක නබි (සල්) තුමාණන් මෙසේ පැවසුහ. “එක් උම්රාවක් සහ අනෙක් උම්රා ඉටු කිරීම, ඒවා අතර සිදු කරන ලද පාප කර්මයන් සඳහා (කෆ්ෆාරා) ප්‍රායශ්චිත්තයකි. පිළිගන්නා ලද හජ් වන්දනාව (අල් හජ් අල් මබ්රූර්) උතුම් ක්‍රියාවකි. එයට තිළිණය ස්වර්ගය වේ.”





“සැබැවින්ම, හජ් අල් මබ්රූර් යන පිළිගනු ලැබු හජ් වන්දනාවට ස්වර්ගය හැර අන් කිසිදු තිළිණයක් නොමැත.” යනුවෙන් රසූල් (සල්) තුමාණන් වදාළහ. මූලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.





“අල්ලාහ්ගේ සතුට අපේක්ෂාවෙන් කිසිදු අයහපත් වදන් නොපවසා, කිසිදු අකුසලක් නොකර කවරෙකු හජ් වන්දනාව සම්පූර්ණ කරන්නේද එවැන්නා, ඔහුගේ මව ඔහුට උපත දුන් දිනයේ ඔහු කෙසේ කිසිදු පාපයෙන් තොරව සිටියේද, ඒ ආකාරයෙන් නිර්මල ව ආපසු හැරී යන්නේය.” යනුවෙන් සඳහන් කළ නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ මෙම වදන ලබන්නට අල්ලාහ්ගේ ආශීර්වාදය හිමි කර ගත් මෙවැනි ආත්මයන් කෙතරම් වාසනාවන්තයන්ද!





ඉස්ලාම් දහමේ සිදු කරන සෑම ආගමික වතාවන්හට විශේෂ අරමුණක් තිබෙන බව සලකන්න. සලාහ් නමැති නැමදුමෙහි සුවිශේෂතාව වන්නේ අති උතුම් අල්ලාහ් ව සිහි කරීමයි.





إِنَّنِي أَنَا اللَّـهُ لَا إِلَـٰهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي ﴿١٤﴾





“තවද, මාව මෙනෙහි කරනු පිණිස සලාතය ස්ථාපිත කරනු මැනව.“කුර්ආන් 20:14 පවසයි. සියාම් හෙවත් උපවාසයේ යෙදීමෙහි සුවිශේෂතාව වන්නේ තක්වා නැමැති දෙවියන් පිළිබඳ අවබෝධ වර්ධනය කර ගැනීමයි.





يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ ﴿١٨٣﴾





“විශ්වාස කළවුනි ! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබීය.” කුර්ආන් 2:183. එමෙන්ම හජ් වන්දනාවේ සුවිශේෂතාව වන්නේ අල්ලාහ් වෙත සම්පූර්ණයෙන්ම තම සියලු දේ සඳහා පාපෝච්චාරණය කරමින් ඔහුගෙන්ම සමාව අයැදීමය. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් මෙසේ වදාළ බව අබු හුරෙයිරා (රළි) තුමා වාර්තා කළේය. “කවරෙකු හජ් වන්දනාව ඉටු කර. එහි රෆාත් හෙවත් අසභ්‍යත්වය හෝ ෆුසූක් හෙවත් අතිප්‍රමණය කිසිවක් සිදු නොකර ආපසු හැරී පැමිණෙන්නේද, ඔහුගේ මව ඔහුට උපත දුන් මොහොතේ කිසිදු පාපයක් නොමැති ව කෙසේ සිටියේද, ඒ ආකාරයෙන් ඔහු සිටින්නේය ”





මෙවැනි සත් ක්‍රියාවන් බොහෝමයක් තිබිය දී, ඇතැම් ජනතාව මෙවැනි නැමදුම් ක්‍රියාවන් සියල්ල කිසිදු අරමුණක් නොමැති වතාවත් බවට පත් කර ගැනීම මහත් අවාසනාවකි. මෙවැනි අයට කඅබාව වටා තවාෆ් කිරීම හෝ සෆා සහ මර්වා කඳු අතර ගමන් කිරීම හෝ හජ් වන්දනාවෙහි ඉටු කරන නොයෙකුත් කර්තව්‍යයන් සියල්ල කිසිදු ගැඹුරු අර්ථයක් නොමැති බොල් වතාවත් බවට පත්වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ජීවිතයේ හජ් වන්දනා ඉටු කළායින් පසුවද, කිසිදු වෙනසක් දක්නට නොලැබේ. වන්දනාකරුවන් අතරින් කවරෙකුගේ චෛතසික ස්වභාවය, කල්ක්‍රයාව, ජීවන රටාව සහ මැවුම්කරු වන අල්ලාහ් සහ ඔහුගේම මැවීම් අතර වන්දනා ගමනෙන් පසුව ධනාත්මක වෙනසක් දක්නට තිබේද, ඔවුන්මය අල්ලාහ් විසින් පිළි ගනු ලැබු හජ් වන්දනාව ඉෂ්ට කළ ජනයා බවට ඉන්ෂා අල්ලාහ් පත් වනුයේ.





දෛනික නැමදුම මගින් අශෝභන හා අපරාධ ක්‍රියාවන්ගෙන් ඉවත් කරනු ලැබ අල්ලාහ්ට සමීප වීම සිදු කරනවාක් මෙන්, සියාම් හෙවත් උපවාසය තුළින් අති උතුම් අල්ලාහ් ගැන වැඩි අවබෝධයෙන් දවස පසු කරනවාක් මෙන්, හජ් වන්දනාව තුළින් තම මැවුම්කරු සමඟ සෘජු ව සම්බන්ධකමක් ස්ථාපිත කර ගත හැකි වේ. මේ ආගමික වතාවන් ඉටු කිරීමෙන් මෙවැනි යහ ප්‍රතිඵල සිදු නොවුයේ නම්, බොහෝ මහන්සිවී අවසන් කළ ආගමික වතාවත් අපතේ යන අවාසනාවට මුහුණු දීම කිසිසේත්ම වැළක්විය නොහැක. නිදසුනක් වශයෙන්, රෝගියෙකුගේ සුවය සිදුවීමෙන් ඔහු ගන්නා ඖෂධයේ ගුණාත්මභාවය දැන ගත හැකි වේ. එමෙන්ම, හජ් වන්දනාව ඉටු කළ කෙනෙකුගේ ජීවිතයේ සිදු වන වෙනස් වූ තත්ත්වය තුළින් ඔහු ඉටු කළ හජ් වන්දනාවේ සාර්ථකත්වය සහ අල්ලාහ් ඔහු ගැන කෙතරම් සතුටු වුනා දැයි අවබෝධ කර ගත හැකිවේ.





හජ් කර්තව්‍ය ඉටු කරන වන්දනාකරුවෙක්, ඇතැම් වැදගත් කරුණු වල අත්‍යවශ්‍ය වතාවත් කෙරෙහි තම විශේෂ අවධානය යොමු කළ යුතු ව තිබෙන අතර, මේවායෙහි සුවිශේෂිභාවය පිළිබද දැනුම නොමැති බොහෝ වන්දනාකරුවන් ඒවා ගැන වැඩි සැලකිලි නොදක්වති.





මේවායෙහි ප්‍රධාන ස්ථානය උසුලන්නේ අවංක කමය. කෙනෙකුගේ චේතනාවෙහි අවංක කම, හජ් කර්තව්‍යය ඉටු කර අවසාන වුවාට පසුව ද ඔහු තුළ රැඳී තිබිය යුතුය. එහි දී ලෝකයාට ප්‍රදර්ශණය කරන බොරු ආටෝප හෝ පුරාජේරු තිබිය නොයුතුය. අන් අය තමන්ට හාජි ලෙස සැලකිලි දැක්වය යුතු බව සහ ඇමතිය යුතු බව බලාපොරොත්තු විය නොහැක.





තමා හජ් කර්තව්‍යය ඉටු කළ කෙනෙකු බව අන් අයට දන්වනු පිණිස බොහෝ දෙනෙක් තම හජ් වන්දනා ගමනාගමනේ සිදු වු අත් දැකීම් පිළිබඳ ව කතා කිරීමට පුරුදු වී සිටිති.





තමා හජ් වන්දනාව සඳහා වියදම් කළ මුදල් ප්‍රමාණය, දුගී හා දුප්පත් අය අතර තමා දැක් වූ ත්‍යාගශීලිභාවය, තම බැතිමත්කම සහ නැමදුමෙහි විශේෂත්වය, දුබල හා මහලු අයට තමා දැක් වු සහය වැනි නොයෙක් මාතෘකා සම්බන්ධ ව අන් අයට දන්වන්නේ තම කීර්ති නාමය පුළුල් කර ගන්නා අරමුණින්ය. මෙවැනි සියලු ක්‍රියා ෂෙයිතාන්ගේ මුළා කිරීමක් වන අතර, එම පුද්ගලයා ඔහුගේ ශ්‍රද්ධා භාවය ඔහු නොදැනුවත් ව විනාශ කිරිම ෂෙයිතාන්ගේ අරමුණවේ. මේ හේතුවෙන් හජ් වන්දනාකරුවෙක් තම වන්දනා ගමන පිළිබඳ ව අවශ්‍ය අවස්ථාවක පවා ප්‍රමාණය ඉක්මවා කිසිවක් කතා නොකිරීමෙන්, ඔහු රියා (ප්‍රදර්ශන නොහොත් අවංක නොමැතිකම) නම් පාපයට හසුවීමෙන් ඉවත්විය හැක. තම හජ් වන්දනා ගමන පිළිබඳ ව සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් පැන නැගුණේ නම්, එවිට ඔහුට එසේ කිරීමට අනුමැතිය තිබේ. එහෙත්, මෙවැනි සාකච්ඡාවන්හි ඔහු අනවශ්‍ය ලෙස කාලය ගෙවිම සුදුසු නැත.





දෙවැනිව, පාශ්චාත්තාපය, දේව විශ්වාසය පුනර්වීම, අල්ලාහ් සමඟ සිදු කර ගත් පොරොන්දුව ප්‍රතිසංස්කරණය කිරීම යන ක්‍රියාවන් තුන ම සෑම මුස්ලිම්වරයෙකුම, විශේෂයෙන් හජ් ඉටු කළ වන්දනාකරුවන්, පුද්ගලික ව හා සමූහයක් වශයෙන් සිදු කළ යුතු වේ. මේ මාර්ගයෙන් සියලු ක්‍රියාවන් නිවැරදි කර ගනිමින් මෙලොව හා මතු ලොවේ ජය ගත හැකි වනු ඇත. මේ තුන් ක්‍රියාවන්ම හජ් කර්තව්‍යයයෙහි ප්‍රතිමූර්ති කිරීම මෙයට ප්‍රධාන හේතුන්ය.





තම හජ් වන්දනාව පිළි ගනු ලැබුවාදැ යි කෙනෙක් දැනගන්නේ කෙසේද?





හජ් මබ්රූර් හෙවත් පිළි ගනු ලැබු හජ් වන්දනාවක මූලික සංඥාව නම්, ඔහුගේ ජිවන රටාව අයහපත් දිසාවෙන් ඉතාමත් යහපත් දිසාවට හැරීම වේ. අල්ලාහ්ගේ ආඥාව වෙලාවට ඉටු කිරීමේදී ඔහු සම්පූර්ණ ව කටයුතු කිරීමට පුහුණු වෙයි. මතු ලොව කෙරෙහි ඔහුගේ ආදරය සහ නැඹුරුවීම අධික වන අතර, ලෞකික දේ සඳහා වන ඔහුගේ ආශාවන් හීනවීමට පටන් ගනී. එනිසා, සෑම හජ් වන්දනා කරුවෙක්ම තම ක්‍රියාවන් කෙරෙහි ඉතාමත්ම ඕනෑකමින් සිත යොදමින් සියලු අයහපත් හා පාපතර ක්‍රියාවන්ගෙන් ඈත් වීමට වග බලා ගත යුතුය. ඔහු තමා තුළ යහ ගුණය වර්ධනය කරමින් අයහපත් ගුණය තුරන් කළ යුතු වේ. අල්ලාහ්ගේ සියලු නියෝග ඒ ආකාරයෙන්ම අනුගමනය කිරිමටද, තහනම් දේ වලින් ඉවත් වීමටද ඔහු සෑම උත්සාහයක්ම දැරිය යුතුය.





නිමි





Recent Posts

موعجیزه‌ی پێغه‌مبه‌ر ...

موعجیزه‌ی پێغه‌مبه‌ر ئيبراهیم عليه السلام

ته‌فسیری ئه‌و ئایه‌تا ...

ته‌فسیری ئه‌و ئایه‌تانه‌ی ده‌رباره‌ی شوێنكه‌وتنی پێغه‌مبه‌ر و پێغه‌مبه‌رانی خوا علیهم الصلاة‌ والسلام هاتوون

ئیمان هێنان به كتێبه ...

ئیمان هێنان به كتێبه ئاسمانیهكان

رێبازى ئه‌هلی سوننه‌ت ...

رێبازى ئه‌هلی سوننه‌ت و جه‌ماعه‌ت له‌ به‌رپه‌رچه‌دانه‌وه‌ى بیدعه‌كاران